නළල් බටු / මොට්ටු ශාකය – wild gooseberry plant

🍂 ශ්‍රී ලංකාවේ කුඹුරු , වැට මායිම් ඒ වගේම ගෙවත්ත ආශ්‍රිත ව හරිම බහුලව වැවෙන පැලෑටියක් තමයි නළල් බටු කියලා කියන්නේ.

 

🍂 එක් එක් ප්‍රදේශය වල තවත් විවිධ නම් භාවිතා කරනවා.

 

🍂 අපි අතින් මග ඇරිලා ගිය සෙල්ලමට ගන්න විතරක් භාවිතා කරපු ශාකයක් උනත් ඇත්තටම මේ විදේශ රටවල මිල අධික පලතුරක්.

 

🍂  ඔබ දැනටමත් මේ ඉදුණු ගෙඩි ආහාරයට අරන් ඇති.. ඒත් එහි ඖෂධීය ගුණය ගැන දැනුවත් වෙලා නැතුව ඇති..

 

☘️මේ පැලෑටියේ ගෙඩි ඉදුණම තද කහ හෝ තැඹිලි පාටක් ගන්නවා.. ඉතාම රසවත්.. ඉතින් මේ ගෙඩි වලට තියනවා ඉතාම ඉහළ ප්‍රතිඔක්සිකාරක හැකියාවක්.. ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් ඖෂධයක්..

 

☘️ඒ වගේම තන්තු වලින් බහුලයි.. ඒ නිසා මල බද්ධයට ඉතාමත් ගුණදායකයි..

 

☘️ විදේශ රටවල කරන ලද විද්‍යාගාර පරීක්ෂණ වලින් මේ ගෙඩි වල පිළිකා සෛල නාශක ද්‍රව්‍ය අන්තර්ගත බව සොයාගෙන තියනවා.. ඔවුන් ඒ සදහා මේ ශාකය භාවිතා කරනවා..

 

☘️ඒ වගේම විටමින් C  වලින් බහුල ආහාරයක්. රුධිරය පිරිසිදු කරමින් සම පැහැපත් කරනවා..

 

☘️ මේ පැලෑටියේ කොළවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 18 අන්තර්ගත වෙනවා.. ටිකක් තිත්ත රසයෙන් යුතු උනත් ගොඩක් ගුණ දායක වෙන්නෙ ඒ නිසා.. කලවම් පලා ලෙස හෝ තනිකර ආහාරයට ගන්න පුළුවන්..

 

☘️ මේ කුඩා ගෙඩි තුළ අක්ෂි රෝග පාලනය කිරිමේ හැකියාවක් තියනවා.. ඔබ ඇසේ සුද පවතින අවස්ථාවලදී මේ ගෙඩි ආහාරයට ගතහොත් එය තවදුරටත් ඉදිරියට වර්ධනය නොවී ටිකින් ටික ඉවත් වී යාම ආරම්භ වේවි..

 

☘️ ඒ වගේම ශරීරයේ රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය කරන නිසා දියවැඩියා රෝගීන් ට ආහාරමය ඖෂධයක් විදියට ගන්නත් පුළුවන්.

 

☘️ මොළයේ සෛල වර්ධනය කිරීමේ හැකියාවත් බුද්ධි වර්ධන හැකියාවත් මේ ගෙඩි වල තියනවා.

 

➡️  ඕනෑම දෙයක් ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගන්න යන එකෙන් ශරීරයට වෙන්නෙ අහිතක් විතරයි ..ඒ නිසා ඔබ ඒ ගැනත් අනිවාර්යයෙන් ම සිතන්න..

 

ඉතින් ආයෙම වතාවක් නිවසේ කොතනක හරි මේ පැලෑටිය දැක්කොත් ගලවලා ඉවත් කරන්න කලින් ඔබ දෙවරක් සිතාවි..

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *