මොකක්ද මේ ටෙරාරියුම් එකක් කියන්නෙ

මුලින්ම ටෙරාරියුම් එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්…මේකෙදි කරන්නෙ බෝතලයක් ඇතුලේ පැල වවන එක… මේකෙ සීල් කරපු විදියකුයි සීල් නොකරපු විදියකුයි තියෙනවා…

⁣මන් මෙතනදි කතා කරන්නෙ සීල් කරපු ආකාරය ගැන… මොකද නියම ටෙරාරියුම් එකක් විදියට ඒ ක්රමය හඳන්වන්න පුලුවන්… මේක සරළ ඒකලිත පද්ධතියක්… මේකෙ තත්ව හරියටම තියාගන්න පුළුවන්නම් ටෙරාරියුම් එකක් අවුරුදු ගාණක් තියාගන්න පුලුවන්… හරියට බොන්සායි එකක් වගේ…

මේක සජීවී දෙයක් නිසා අපේ කාලය ශ්රමය කැපවීම කරන්න ඕනි… මේ දේවල් සංයමයෙන් කලොත් ඔයාලට සාර්ථක ටෙරාරියුම් එකක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්.
මුලුන්ම වහන්න පුලුවන් විනිවිද පේන බෝතලයක් ගන්න… ඒකෙ අඩියෙම ලේයර් එකට බොරලු දාන්න… මේ ලේයර් එකෙ තමා වතුර රැඳිලා තියෙන්නෙ… ඊට පස්සෙ වර්ගඵලයට සමාන වෙන විදියෙ නෙට් කෑල්ලක් දාන්න…

මේක දාන්නෙ බොරලු වලට උඩින් දාන මීඩියා එක බොරලු එක්ක මික්ස් නොවෙන්න… පස්සෙ ඒ නෙට් එකට උඩින් අඟුරු ලේයර් එකක් දාන්න…⁣ මේකෙන් ගස් වලට ඕනි කාබන් ලබාදෙනවා… ඊට උඩින් පස් හරි කොම්පෝස්ට් හරි දාන්න… මෙතනදි මතුපිට පස් දාගන්න පුලුවන් නම් අපිට අමතර වාසියක් විදියට පොඩි පොඩි සත්තු,ගැඩවිල්ලු වගේ අය නොමිලේම ලැබෙනවා…

කොම්පෝස්ට් දැම්මොත් අපිට ඒවා පිටින් වෙනමම අැඩ් කරන්න වෙනවා… මේ සත්තු ⁣⁣ටෙරාරියුම් එකකට ගොඩාක් වැදගත්… ඒක ගැන පස්සෙ පැහැදිලි කරන්නම්… මේ දාන මීඩියා එකේ තමා අපි හිටවන පැලවර්ග හිටවන්නේ…

මේ වගේ බඳුන් ඇතුලෙ හිටවන⁣කොට ප්රමාණය කුඩා, අඩු පෝශක ප්රමාණයකින් ජීවත් වෙන්න පුලුවන් ශාක වර්ග තමා භාවිතා කරන්නෙ.. ඒවා විදියට ෆර්න් වර්ග⁣(පොඩි බේඳුරු වර්ග, පොඩි කැරන් කොකු වර්ග), මොස් වර්ග,ඕකීඩ් වර්ග, වගේ තෙතමනයට වැඩි කැමැත්තක් දක්වන පැල ගන්න එක වඩාත්ම සුදුසුයි… මොකද මේක සීල් වෙලා සයිකල් ටික ගානට සෙට්වෙද්දි හැදෙන්නෙ නිවර්තන වැසි වනාන්තරයක ලක්ෂන…

මේකෙ සිදුවෙන ක්රියාවලය පැහැදිලි කරන්න පුලුවන් ලෙසිම ක්රමය තමා මෙහෙම හිතන එක… හිතන්න පෘතිවිය බෝතලයක් ඇතුලට දැම්මා වගෙ කියලා.. ඒ කියන්නේ ටෙරාරියුම් එකක් වැඩකරන්නෙ වෙනමම ප්ලැනට් එකක් විදියට… ඒකෙදි පතුලෙම තියෙන ජලය ශාක මගින් උරාගෙන පරිභෝජනය කරලා උත්ස්වේදනය මගින් ආපහු වාශ්ප විදියට පිට කරනවා… මේ වාශ්ප ඝණීභවනය වෙලා ආයෙම ජලය හැදෙනවා…

මේ විදියට ජල චක්රයක් හැදෙනවා… ශාකවලට ඕනිකරන co2 මේ පද්ධතියේ ඉන්න සත්තු,බැක්ටීරියා ලබා දෙනවා…පොඩි ටෙරාරියුම් එකකටනම් සත්තු දාන්න ඕනි නෑ… මොකද බැක්ටීරියා වර්ග ඉන්න නිසා ශාකකොටස් දිරායෑම, co2 වගේ ද්වල් කෙරෙනවා…

ඒත් ප්රමාණයෙන් ලොකු වෙද්දි බැක්ටීරියා විතරක් මදි වෙනවා… ඒක නිසයි ගැඩවිල්ලු වගේ පාංශු ජීවීන් මේකට දාන්නෙ.. එයාලා co2 නිපදවීම,දිරායන ශාක කොටස් ආහාරයට ගැනීම, පස සාරවත් කිරීම ව⁣ගේ දේවල් කරනවා… මෙයාලට ඕනිකරන o2 ගස්වලින් දෙනවා…ඉතින් ඔය විදියට මේකෙ ඇතුලෙ සයිකල් ගනනාවක් හැදෙනවා… මේක ඒකලිත පද්ධතියක්… ටෙරාරියුම් එකක් බලාගැනීමේදී කරුණු කීපයක් තියෙනවා… එකක් ලයිට් එක.. මද ආලෝකයක් දෙන්න පුලුවන්නම් හොඳයි…

ඒකට ඇක්වාස්කේප් වලට පාවිච්චි කරන ලයිට් වර්ග හොඳයි… අනික වතුර… අපි කොච්චර සීල් කරත් ඒ දේ හරියටම වෙන්නෙ නෑ… ඒක නිසා මේක ඩ්රයි වෙන්න වෙන්න අඩුවෙන වතුර පිටින් එකතු කරන්න ඕනි… තව දෙයක්… මේවාට දීලීර බෝවෙන්න පුලුවන්… එහෙමඋනොත් පද්ධතියම විනාස වෙන්න පුලුවන්… ඒක නිසා අඩුම වශයෙන් සති දෙකකට සැරයක්වත් ටෙරාරියුම් එක ඕපන් කරලා ඇතුලෙ වාතය අලුත් කරන්න…

අන්තිමට දෙයක් කියන්නම්… මේක මගේ අත්දැකීමක්… ඔයාල ටෙරාරියුම් එකක් හදලා ඒක සීල් නොකර ටික දවසක් තියන්න.. එතකොට පැල වලට නිසහසේ මුල් අල්ලන්න පුලුවන්… ඔයාගෙ ගේ ඇතුල මනස පිරිසිදු කරන්න පුළුවන් තවත් සුංදර කලාවක් වන terrarium කලාව ඔයාටත් පුළුවන් උත්සහ කරන්න…ලිපිය යාලුවන්ටත් පේන්න ශෙයා කරන්න..ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා..කමෙන්ට් එකකින් ඔයාගෙ අදහසුත් එක් කරනවනම් ඒක අපිට ලොකු දිරිමත් කිරීමක් මෙවැනි දෑ ඔයාට අරගෙන එන්න

අස්වැන්න හීන කරන වම්බටු කොළ කුඩා වීමේ රෝගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *