ගෙදරට ගේන පොලිතින්කවර ඉටිබෑග් වලින් වැඩක් ගමු

අපි හැමෝමටම තියෙන ලොකුම ගැටලුවක් තමයි පොලිතින්.

කොච්චර පොලිතින් භාවිතය නතර කරන්න කියලා කිව්වත් ඒක 100% නතර කරන්න තවම බැරි වෙලා තියෙනවා මොකද පරිසර හිතකාමී ස්වාභාවික දිරාපත් වන නිෂ්පාදන තවම මන්දගාමීව තමයි ප්රචලිත වෙමින් පවතින්නේ.රාජ්ය අනුග්රහය ඇතුව පොලිතින් භාවිතයෙන් මිදෙන්න ඇත්නම් ඒක ගොඩක් වටිනවා.
කොහොම උනත් ඔයා ගෙදරට ගේන පොලිතීන්බෑග්, ඉටි බෑග්, වලට මොකද කරන්නේ.
තැන් තැන් වල පාරවල් ගානේ දාන්නේ නෑ නේද. එහෙම දානවනම් ඒ වැඩේ මීට පස්සේ කරන්න එපා. ගෙදර කැලි කසල කලමනාකරණයට වැඩපිලිවෙලක් සකස් කර ගන්න කියලා ආදරයෙන් මතක් කරනවා.
ම්ම්ම්… ඔයා දැන් මෙහෙම හිතයි. මමනම් පොලිතින් තැන් තැන් වල දාන්නේ නෑ.පොලිතින් ටික ගෙදර එකතු කරලා ගිනි තියනවා කියලා. එකෙන් වෙන්නේ වායු දූෂණය වෙන එක. අනික පොලිතින් ගිනි තියනකොට එන විෂ දුම් ආඝ්රාණය කිරීමටද නුසුදුසු යි. මේවා පිලිකාකාරක.
බලන්නකෝ පහල ජායාරූප කිහිපය දිහා සිලිබෑග්, කිරිපිටි කවර,හාල් උර වගේ දේවල් වලින් කරලා තියෙන වැඩ.
එලවලු වගාවන්ට සහ පැල තවාන් කිරීමට යොදා ගෙන.
පොලිතීන් කවරය ශක්තිමත් මදි නම් කවර 2 , 3ක් එකට දාලා හරි මෙහෙම කරලා බලන්න.
ලොකු ගණන් සල්ලි වියදම් කරලා බදුන් වෙලදපොලෙන් මිලදී ගන්න වෙලාවේ මේවගේ දෙයක් කරන්න හැකි නම් ගොඩක් වටිනවා නේද.
ඔයත් උත්සාහ කරලා බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *