මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු…

☘️අපේ මුළුතැන්ගෙයි කියන්නෙ පෝෂක වලින් පිරුණු තැනක්.. පොහොර වර්ග කොම්පෝස්ට් මිලදී ගන්න විදියක් නැතුව ඉන්න ඔබට කාලය වගේම මුදලුත් ඉතිරිවෙන ක්රමයක් තමයි මේක.


🌱 ටිකක් මහන්සි වෙන්න උනත් අන්තිම ප්රතිපලය ගැන සතුටු වෙන්න පුළුවන් නම්.?

☘️කුස්සියෙන් ඉවත් කරන කුණු බදුන් වලට පාත්ති වලට දාන්න පුළුවන් ද? ඇත්තටම පුළුවන්. හැබැයි ක්රමවත් විදියකට..
☘️ බදුන් ගත වගාවක් කරන්න ඕනම කෙනෙකුට හැකියාවක් තියනවා.. ගෙවත්තෙ ඉඩ තියෙන කෙනෙක්ට උනත් මේ ක්රමය කරලා බලන්න පුළුවන්.

☘️ අපිට ඕනෙ වෙනවා ටිකක් ලොකු වගා බදුනක් මල් පෝච්චිය ක් නැත්තම් හාල් උරයක් ..

☘️වගා බදුන හෝ උරය අරගෙන බදුනේ අඩියට බොරලු ටිකක් පොල්ලෙලි කෑලි ටිකක් දාලා සකස් කරගෙන තියාගන්න.. අඩියේ වතුර බසින විවර හොදින් විවෘත කරගන්න..

☘️එහෙම කරන්නෙ වතුර බහින එක ක්රමවත් වෙන්න.
ඉන්පස්සෙ කුස්සියෙන් ඉවත් කරන

👉එළවළු කෑළි
👉බිත්තර කටු
👉හාල්මැස්සෝ
👉කරවල
👉තේ කුඩු
👉පොල් කුඩු වගේ ඕනෙම දෙයක් මේ බදුන්වලට පුරවන්න ගන්න.. ඉදුල් උනත් කමක් නෑ.. සත්තුන්ට පෙරලන්න නොදී ආරක්ෂිතව තියන්න හැබැයි..

☘️ කලින් පෝස්ට් එක්ක ඒ ගැන අහලත් තිබුණා. හැම ඉවත්කරන ද්රව්ය තට්ටුවකටම පස්සෙ පස් ටිකක් ඊට උඩින් අතුරන එක ගොඩක් සාර්ථක යි.. ඉක්මනින් අපි දාන දේවල් දිරාපත් වෙන්න පටන් ගන්නවා ඒකෙන්.

☘️ඒ බදුනෙන් බාගයක් වගේ පිරුණම ඊට උඩින් ආයෙම පස් තට්ටුවක් දහයියා කොම්පෝස්ට් ටිකක් වගේ දාලා මාසයක් එක හමාරක් විතර කල් තියන්න..

☘️ ඒ කාලෙ යනකොට පෝෂක වලින් පිරුණු සරුසාර වගා බදුනක් ඔබට ලැබිලා තියෙනවා.. කාලයක් ගත උනත් ආයෙම ඔබට ඒ ගැන කරදර වෙන්න ඕනෙ නෑ… මොකද දැන් පැලයක් හිටවන්න සුදුසු මාධ්යක් තියෙන බදුනක් ඔබ ළග තියෙනවා..

☘️ ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔබ තවන් දාපු පැළ හෝ බීජ මේ බදුනේ පැල කරන එක.. හැමදේම අන්තර්ගත නිසා ආයෙම පොහොර යොදන්න ඕනෙ වෙන්නෙ නැති තරම්..

☘️ හරිම සරුවට පැල වැවෙනවා මේ ක්රමයට .
මේ විදියට හිටවන්න පුළුවන් මාලු මිරිස් තක්කාලි බටු මිරිස් කොච්චි ගෝවා වගේ පැල.

☘️ඒ වගේම වට්ටක්කා කැකිරි වගේ වැල් වර්ගත් මේ වගේ බදුනක හිටවන්න පුළුවන්..

☘️ඉතින් බදුන් හොයාගන්න බැරි නම් කිරිපිටි උර හාල් උර තමයි ආදේශක… මේ ක්රමයට මම හිටවපු පැල වර්ග හා අස්වැන්නත් මං පහළින් අමුණනනවා..

තව දෙයක් බටු මිරිස් මාලු මිරිස් තක්කාලි වගේ දේවල් තරමක් උස පෝච්චි හෝ කවර වල හිටවන්න ඕනෙ. එයාලා ටිකක් උසට වැඩෙන නිසා.. 😊

➡️මේ ක්රමය ගොඩක් වටින්නෙ දැන් ගෙදර ඉදන් වගා කරන අය රැකියා වලට යන්න ගත්තම.. පාත්ති හදන්න වෙලාවක් නැති උනත් පෝච්චි ටිකක් තියාගෙන ඒවට ඉවතලන දේ එකතු කරන්න ඔයාලට පුළුවන්..

➡️දැන්ම පටන් ගත්තොත් මාසයක් දෙකක් යද්දි නිකන්ම වගා බදුන් හැදිලා.. ඊට පස්සෙ ඉතින් සත් අන්තයක් තෝරගෙන පැල හිටවන්න තියෙන්නෙ..

🌼 ඉතින් වෙනස් දෙයක් කරමු.. පටන් ගත්ත වගාව ඉදිරියටම කරගෙන යමු.
හැමෝගෙම ගෙවතු සරුසාර වෙන්න කියලා ප්රාර්ථනා කරනවා…💚💚💚💚

 

කතෘ – මලිති රසාංජනා මිය,
උපුටා ගැනීම – ගෙවතු  වගා සංග්‍රාමය ෆේස්බුක් සමූහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *