මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි? – 02

vegetable flower ceylon seeds

මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි???

➡️ පරාගණය ගැන අපි දැනුවත් ද ?

☘️ අපි දන්නවා ඕනෙම ගහක ගෙඩියක් නැත්තම් කරලක් හටගන්නනම් පරාගණය කියන දේ වෙන්න ඕනෙ.. මේ පරාගණය කියන දේ සුළග මගින් සතුන් මගින් ජලයෙන් ස්වභාවික ව වෙනවා..

☘️ නැත්තම් අපි කෘතිම ව ඒ දේ කරන්න ඕනෙ.මේ කියන්නෙ ගස් වල පරාගණය සිදුකරන්නෙ කොහොමද කියලයි

☘️ සමහර වැල් වර්ග තියනවා වට්ටක්කා කැකිරි වැටකොළු වගේ අන්න ඒ වගේ මල් වර්ග දෙකක් පිපෙනවා. හැම කෙනෙක්ම දැකලා ඇති කරලක් හෝ ගෙඩියක් එක්ක පිපෙන මලක්.. සහ නිකම්ම පිපෙන මලක්.

☘️ මේ නිකම්ම පිපෙන මල් වලට බොරු මල් කියලත් කියනවා.
ඉතින් ඔබ දන්නවා ද මේ බොරු මල් නැතුව සාර්ථක පල දැරීමක් නෑ කියලා? 👇
👉ගැහැණු මලක් ගෙඩියක් හෝ කරලක් සමගත් පිරිමි මල් පරාග සහිතව තනිවමත් පිපෙනවා. මේ පරාග ගැහැණු මලේ කලංකයේ තැවරුණේ නැත්තම් ඒ ගෙඩිය කහ පාට වෙලා බිම හැලෙනවා.. මේ ටිකේ ගොඩක් අයට තිබුණ ගැටළුවක් ඒක..

👉 ගැහැණු මල් පිරිමි මල් කියලා නැතුව එකම මලේ කොටස් දෙකම තියෙන ශාකත් තියෙනවා. පැෂන් එහෙම නැත්තම් වැල් දොඩම් , මිරිස්, බටු , ඒ වගේ ශාක. ඒවාත් අපිට පරාගණය කරන්න පුළුවන්.. පරාග අතින් අරන් පරාගධානි වල තැවරීම .නමුත් ප්රායෝගික නෑ..

🌱ඉතින් කවුද මේක කරන්න ඕනෙ.සුළග නැත්තම් කනෙයියො මීමැස්සන් වගේ කෘමීන් තමයි.. 🐝
මේ වගේ පායන කාලෙක නැත්තම් වැස්ස කාලෙක පරාග හානි වෙලා අයින් වෙන්න තියන හැකියාවත් වැඩි යි..ඉතින් මේක වෙලාවටම කරන කෘමි හමුදාව ,අපේ වත්තෙ එයාලා නැත්තම්??
එහෙනම් 🤔
➡️ අපිටම මේක කරන්න වෙනවා.
කරන්න තියෙන්නේ පිරිමි මලක පරාග පින්සලකින් හෝ නැත්තම් අතේ ඇගිලි තුඩු වලින් පරිස්සමින් ගැහැණු මලේ කලංකයේ තවරන එක විතරයි.. ඉතින් සාර්ථක විදියට පල හටගනියි
➡️ ඒත් හැමදාම මේ දේ කරන්න පුළුවන් දෙයක්ද ..

මිරිස් වගේ ගහක මල් කීයක් තියෙනවද 🙄 ඇත්තටම බෑ.. මිරිස් මලුත් අතින් පරාගණය කරපු කාලයක් මටත් තිබුණා. ඒත් දැන් අපේ වගාව එලවළු වගේම මල් වලිනුත් පිරිලා.

ඉතින් අපි අපේ වගා බිමේ කනෙයියො මීමැස්සන් වගේ අයටත් ඉඩක් දෙමු..

🌸 සුවද මල් වර්ග වවමු.. එතකොට අපි මහන්සියෙන් කරන දේ හිත කරදර වෙන දේ එයාලා නොමිලෙම කරලා දෙයි..
🌸සීනියාස් දවල් කුමාරි දහස්පෙතියා අටපෙතියා වගේ මල් වර්ග වගා බිමේ තැන තැන හිටවන්න..
🌸ඒ වගේ ආකර්ෂක ශාක නිසා මේ පරාගණය වීමේ ගැටළු විසදෙනවා.
වැදගත් ම දේ තමයි ඔබට සතුටු වෙන්න පුළුවන් මී මැස්සන් වගේ ලෝකයෙ පැවැත්මට හිතාගන්න බැරි දායකත්වයක් දෙන පුංචි ජීවියෙක්ව ආරක්ෂා කලා කියලා..
අපිව ආරක්ෂා කරන සොබාදහම ආරක්ෂා කරන ගමන් වගාවෙ යෙදෙන්න අපිට පුළුවන් නම් සොබාදහමට අපි කරන ලොකුම කළගුණ සැලකීම ඒක වෙයි 🥰
අපිට විතරක් නෙවෙයි පුංචි දරුවන්ටත් ලස්සන ලෝකයක් ඉතිරි කරමු..
හැමෝගෙම ගෙවතු වගා ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා…
☘️☘️☘️☘️

 

කතෘ – මලිති රසාංජනා මිය,
උපුටා ගැනීම – ගෙවතු  වගා සංග්‍රාමය ෆේස්බුක් සමූහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *