Tag Archives: Silumina

ගෙවත්තේ තක්කාලි වගාව

සොලනේසි (Solanaceae) කුලයට අයත් ප්‍රධාන භෝගයක් වන තක්කාලි උද්භිද විද්‍යාත්මකව Lycopersicon esculantum ලෙස හඳුන්වනු ලබයි. පේරු හා ඉක්වදෝරය රටවල් ආශ්‍රිතව සම්භවය වී ඇති තක්කාලි වර්තමානයේ බොහෝ රටවල ප්‍රකට වගාවකි. ආසියාතික රටවල තක්කාලි එළවුළුවක් ලෙස ආහාරයට ගත්තද යුරෝපයේ එය ප්‍රසිද්ධ වනුයේ පලතුරක් ලෙසටය.