Tag Archives: කෘශි දැනුම

නිවස තුළම පස් නැතිව වගා කරමු

පසක් නැතිව එළවළු හෝ පලාවර්ග වගාවක් ලෙස කළ හැකි බව සමහර විට ඔබට අරුමයක් විය හැක. ජලය සහිත ද්‍රව මාධ්‍යයක වගා කිරීම “ජලරෝපිත වගාව” හෝ “නිර්පාංශු වගාව” නමින් හඳුන්වයි.

ගෙදරදී කුඩා බඳුන්වල හෝ තවානේ බීජ පැල කරන නිවැරදි ක්‍රමය

මුලින්ම කරන්න ඕන අපි සකස් කරගත්ත භාජනය/භාජන බඳුන් මිශ්‍රණයෙන් පුරවා ගන්න එක.ගල් මුල් ඉවත් කරලා හොඳින් කුඩු කර ගත්ත මතුපිට පසුයි, ගොම එහෙමත් නැත්නම් වියළි කොම්පෝස්ට් පොහොරයි සමාන ප්‍රමාණවලින් අරගෙන හදාගත්ත මිශ්‍රණයක් බඳුන් වලට පුරවන්න.

ගෙවතු වගාවට අවශ්‍ය ශාක ප්‍රතිකාරක නිවෙසේදීම හදමු

නිවෙසටම වී ගතකරන කාලය මසකටත් වඩා වැඩියි. වෙනදා කාර්යබහුල ජීවන රටාවකට කොටුවූ බොහෝ දෙනකුට හරි අපූරු නිවාඩුවක් ලැබුණා.ඉතින් ඒ ඵලදායී කාලවකවානුවක් බවට පත්කරමින් වැඩිදෙනකු ගෙවතු වගාවට යොමුවීමත් තවත් අපූරු සිදුවීමක් වූවා.

ගෙවත්තක් හදාගන්න එක ලේසි නැහැ. මේ විදිහට හිතුවොත් කරන්න බැරි වෙන්නෙත් නැහැ

වගා කරන්න ඕනේ කියලා හිතුවට විතරක් මදි. කරන්නත් ඕනේ. වසවිස නැති එළවලු ගෙදරම වගා කරලා ගන්නවා නම් තමයි අපේ ශරීරයටත් හොඳ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඵලදාව තියෙනකොට හිතටත් සතුටුයි. ඉතින් කොහොමද ගෙවත්තක් හදාගන්නේ.ඒක හිතන තරම් ලේසිත් නැහැ.අමාරුත් නැහැ.හිතුවොත් කරන්න බැරිත් නැහැ.

“හයිබ්‍රිඩ්” බීජ යනු මොනවාද ?

හයිබ්‍රිඩ් බීජ ලෙස හදුන්වන්නේ ජානමය විවිධත්වයක් ඇති මව්පිය ශාක දෙමුහුම් කිරීමෙන් ලැබෙන පළමු පරම්පරාවේ බීජයන්ටය. මේවා විද්‍යාත්මක වශයෙන් F1 දෙමුහුම ලෙස හැදින්වේ. මෙම දෙමුහුම් කිරීම කිහිප ආකාරයකට සිදුකල හැක.

නිවසේදී ගෙවතු වගාවක් ආරම්භ කරන විදිය

ගෙවතු වගාවෙන් ලැබෙන වැදගත්ම ප‍්‍රයෝජනය තමයි එදිනෙදා පවුලේ ආහාර වේල සඳහා වස විසෙන් තොර පෝෂ්‍යදායී නවුම් එළවළු හා පලතුර ලබා ගැනීමට හැකිවීම.ගෙවත්තේ හා මුළුතැන් ගෙයින් බැහැර වන කසළ කළමනාකරණය තුළින් ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට හා ඉතා උසස් තත්ත්වයේ කාබනික පොහොරක් වන “කොම්පෝස්ට” නිෂ්පාදනය කර ගැනීමට හැකිවීම.එදිනෙදා ගෙවත්තේ වැඩ කටයුතු කිරීම තුළින් ලැබෙන ව්‍යායාමයෙන් ශාරීරික හා […]

ගෙවත්තේ ස්ට්‍රෝබෙරි වවමු

🍓ඉතා ප්‍රනීත රසයෙන් යුත් ස්ට්‍රෝබෙරි , කෙටි කලකින් අස්වැන්නක් ලබා ගත හැකි පළතුරු බෝගයකි. 🍓ස්ට්‍රෝබෙරි යනු ඵලයක් ලෙසින් සැලකුවද සැබැවින්ම එය ඵලයක් නොව ස්ට්‍රෝබෙරි පුෂ්පයේම කොටසකි.

දියමලන්කෑම( තවාන් රෝග)

පසේ ජීවත් වන ෆියුසේරියම් (Fusarium spp.)පිතියම් (Pythium spp.) රයිසොක්ටෝනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටියම් (Sclerotium spp. )ආදී දිලීර නිසා හට ගන්නා රෝගයකි

ඇන්ත්‍රැක්නෝස් රෝගය සහ පාලනය (Anthracnose)

✍️ ✍️✍️අඹ, කෙසෙල් හා පැපොල් වැනි පලතුරුවලට මෙන්ම තක්කාලි, බෝංචි, වට්ටක්කා, ලීක්ස් ආදී එළවළු වලටද ලූනු, සුදු ලූනු, අර්තාපල් වැනි බෝගවලටද වැළදෙන රෝගයකි.