ගෙදරට ගෙන ආ බඩු මල්ලෙන් වගාව පටන් ගමු

ගෙවතු වගාවට අවශ්ය බීජ වර්ග පැල වර්ග නෑ නෑ කිය කියා අඩන අයට මෙන්න විසදුම…
🍇🍈🍉🍊🍋🍎🍓🥝🍅🥑🍆🥔🥕🌽🌶️🥒
🌱🌾🍀☘️🌱🌾🍀☘️🌱🌾🍀☘️🌱🌾🍀☘️

මේ දිනවල ගොඩක් අයට තියෙන ප්රශ්නය තමයි වගා කරන්න රෝපණ ද්රව්ය (බීජ /පැල) සොයා ගැනීමට නොහැකි වීමයි.

ගෙදරට වෙලා නිකන් ඉන්න ගමන්, ගෙවතු වගාවක් පටන් ගන්න ආස උනත් වගා කරන්න බීජ පැල සොයා ගන්න නැති වීම ලොකු ගැටලුවක් වෙලා.

ඉතින් අපි බලමු ගෙදර තියෙන දේවල් වලින් කොහොම ද වගාවක් පටන් ගන්නේ කියලා.

👉එලවලු මල්ලෙන් තෝරලා ගන්න හොදට පැසුනු ,ඉදුනු ,මෝරපු

මාලු මිරිස් කරලක්
තක්කාලි ගෙඩියක්
වම්බටු ගෙඩියක්
අමු මිරිස් කරල් කිහිපයක්
කොච්චි කරල් කිහිපයක්
තිබ්බටු ගෙඩි කිහිපයක්
එලබටු ගෙඩි කිහිපයක්

මේවායින් බීජ වෙන් කර, වැලි කොම්පෝස්ට් මතුපිට පස් සහිත කුඩා බදුනක තවාන් කරන්න.

දින කිහිපයකින් පැල වේ.

👉 නැවතත් මල්ලෙන් තෝරලා ගන්න හොදට පැසුනු ,ඉදුනු ,මෝරපු

බෝංචි කරල් කිහිපයක්
මෑ කරල්
බණ්ඩක්කා හා දඹල කරල් කිහිපයක් හොදටම පැසුනු කරල් විය යුතුයි.
පිපිඤ්ඤා
වට්ටක්කා
පතෝල
කරවිල
වැටකොලු
කැකිරි

බීජ වෙන් කර බොල් බීජ ඉවත් කර පැය කිහිපයක් පොගවා පැල කිරීමට සකස් කර ගත් ස්ථානයේ සිටුවා ගන්න.

👉ඉවතලන ලීක්ස් ගස පැල කරගන්න. එයින්
ආයෙමත් ලීක්ස් කොල ආහාරයට ගත හැකියි.

👉ඉවතලන අතු ගෝවා අත්ත ද එලෙසම පැල කර ගන්න.

👉කැරට්, බීට්, ගෝවා ,සලාද වල ඉවතලන ගෙඩියේ උඩ කොටස ජල භාජනයක පාවෙන ලෙස තබන්න. නැවත එහි දලු ලා වැඩෙයි. එම කොල පිස ආහාරයට ගත හැකියි. නමුත් මෙයින් නැවත අල වර්ධනය නොවේ.

👉පලා මල්ලෙන් මුකුනුවැන්න දඩු ටික, ගොටුකොළ මුල් ටික, කංකුං දඩු ටික, නිවිති දණ්ඩ, සිටුවා සාර්ථකව වගාවක් පටන් ගැනීම කල හැකියි.

👉පලතුරු මල්ලෙන්

අඹ
පැපොල්
පේර
අලිගැටපේර
වැල් දොඩම්
කොමඩු
දෙලුම්
මිදි
ඩ්රැගන්ෆෘට්
පැගිරි පලතුරු
ඇපල්

බීජ වෙන් කර පැල කර සිටුවා ගැනීමට උත්සාහ කරන්න.

👉පැල වූ අර්තාපල් පැල කරන්න.

👉ලොකු ලූනු රතු ලූනු හා සුදුලූනු වගා කරන්න. දින 14කින් කොල අස්වැන්න ලෙස ගැනීමට හැකියි.

👉නිවසට ගෙනවිත් ඇති රටල, කිරි අල, බතල අල කිහිපයක් සිටුවා වගාව අරඹන්න.

👉කහ, ඉගුරු පැලයක් වවාගන්න.

👉බඩ ඉරිගු කරලෙන් බීජ වෙන්කොට පොගවා සිටුවා ගන්න.

👉අබ ඇට ටිකක් පොගවා ගෙන ඉස ගන්න. අබ කොල ආහාරයට ගැනීමට.

👉කොත්තමල්ලී ඇට කිහිපයක් පියලි වෙන් කොට සිටුවා ගන්න. කොත්තමල්ලි කොල ආහාරයට ගත හැක.

👉කඩල ,කව්පි,මුං ඇට ජලයේ පොගවා වගා කරන්න .

👉ගෙදර ඉන්න පොඩි බබාට ඉහල පෝෂණයක් සහිත මයික්රෝග්රීන්ස් ටිකක් වගා කරලා ආහාරයට එක් කොට දෙන්න.

👉නිවසින් ඉවතලන සියලු දේ පොහොර හා කෘමිවිකර්ෂක බවට පත් කර ගන්න උත්සාහ කරන්න.

ගෙවත්තේ බෝගවලට ඉවතලන කෙසෙල් ලෙලි වලින් කාබනික දියර පොහොරක් සාදමු

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

Leave a Reply

Your email address will not be published. Required fields are marked *