ගෙවත්තක් හදාගන්න එක ලේසි නැහැ. මේ විදිහට හිතුවොත් කරන්න බැරි වෙන්නෙත් නැහැ

වගා කරන්න ඕනේ කියලා හිතුවට විතරක් මදි. කරන්නත් ඕනේ. වසවිස නැති එළවලු ගෙදරම වගා කරලා ගන්නවා නම් තමයි අපේ ශරීරයටත් හොඳ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඵලදාව තියෙනකොට හිතටත් සතුටුයි. ඉතින් කොහොමද ගෙවත්තක් හදාගන්නේ.ඒක හිතන තරම් ලේසිත් නැහැ.අමාරුත් නැහැ.හිතුවොත් කරන්න බැරිත් නැහැ.

වගා කිරීමට අවශ්‍ය භාජන කොහෙන්ද?

 

– පැල සිටුවීමට ඉවතලන පොලිතින් කිරීපිටි කවර භාවිතා කරන්න පුළුවන්
– තීන්ත බාල්දි සිදුරැ කර පෝච්චි ලෙස නිර්මාණය කරගන්න පුළුවන්
– පරණ වැහි පීලි කොල වර්ග, එලවලු සෑදීමට භාවිතා කල හැකියි
– ඉවතලන ශොපින් මලු පස් පුරවා සලාද වැනි කොල එලවලු වගා කිරීමට ගත හැක.
– බීම බෝතල් සිදුරැ කරලා පලා වර්ග වවාගන්න පුළුවන් .
– පරණ කුඩ වලින් වැල් බෝග සදහා ආධාරක ලෙස යොදා ගන්න පුළුවන්
– සෘජුෆොම් පෙට්ටි ඇත්නම් නිර්පාංශු ජලජ වගාව පහසුවෙන් කල හැකියි
– පොල් ලෙලි කම්බියකින් ගෙඩියක් වන සේ එකට බැද පස් පුරවා සදාල වැනි බොග වගා කල හැකියි

 

පොහොර වර්ග නම් ඕනෙමයි

අපි දැන් වගාවක් කලාට පස්සේ ඒ පැල වලට පොහොර ඕනේ වෙනවා.එලියට යන්නේ නැතුව පොහොර ගේන්නේ කොහොමද කියලා ඔබ හිතන්න ඇති.ඒත් එහෙම ඕනේ වෙන්නේ නැහැ.මතුපිට පස් සහ කොම්පෝස්ට් සපයා ගත හැකි නම් එය හොදටම ප්‍රමාණවත්.ඒ වගේම කොහුබත් හොයාගන්න තියෙනවා නම් ඒවාද ගොඩක් හොඳයි.

 

බීජ වර්ග

ඔබ නිවසේ භාවිතයට වියලි මිරිස් ,වට්ටක්කා,බණ්ඩක්කා,බටු වර්ග සහ තක්කාලි වගේ දේවල් ගේනවනේ.ඉතින් ඔබට පුළුවන් ඒ එළවලු වල තියෙන ඇට ඇරගන්න.ඊටපස්සේ ඒවා සෝදලා තවාන් කරලා පැල කරන්න

 

ඒ වගේම ගෝවා දඩු.මුකුණුවැන්න සහ ගොටුකොල දඩු වගේ දේවලුත් ඔබේ නිවසේ අඩු ඉඩක වුණත් වගා කරගන්න පුළුවන්.

 

බදුන් මිශ්‍රණ සකස් කර ගැනීම.

මතුපිට පස් සහ කොම්පෝස්ට් මිශ්‍ර කර වගා මිශ්‍රණය සකසා ගන්න පුළුවන්,මිශ්‍රණයේ මැටි ගතිය වැඩි නම් වැලි ස්වල්පයක් කලවම් කරන්න.මතුපිට පස් ගැනීමේදී ඉඩමේ කොල රොඩු දිරාපත් වූ තැනකින් අගල් 6ක පමණ පස් තට්ටුවක් ගන්න එක තමයි ගොඩක් හොඳ.

 

ඊළඟට ආලෝකය වැඩියෙන් අවශ්‍ය බෝග ගැන හඳුනාගන්න

සාමන්‍යයෙන් වගා කරන පුද්ගලයින් එලවලු වගා කරන ආකාරය අධ්‍යයනය කරලා බලන්න.ඒ වගේම ඒ ගැන දැනුම තියෙන කෙනෙක්ගෙන් වගාව පිලිබඳ අසා දැනගන්න.www.ceylonseeds.com අපේ web අඩවියෙන්ද ඔබට ඒ ගැන දැනගන්න හැකියාව තිබෙනවා.

නිවසේදී ගෙවතු වගාවක් ආරම්භ කරන විදිය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *