ගෙවතු වගාවට ඔසුපැල එක්කරගනිමු

පෙනහළු ආශ්‍රිත රෝග වලට ගුණ දෙන කප්පරවල්ලිය ශාකය

– Plectranthus amboinicus ( Mexican mint plant)

 

🍀ඉතාමත් සැර පැගිරි සුවදකින් සහ ලා කොළ පැහැති  පත්‍ර වලින් යුතු මේ ශාකය කප්පරවල්ලිය නමින් හදුන්වනවා.

 

🍀නිවෙස් ආශ්‍රිත ව වගා කරගැනීමට ගොඩක් සුදුසු ශාකයක් කියලා හදුන්වන්න පුළුවන් මෙහි තිබෙන ඖෂධීය ගුණ වගේම කෘමි විකර්ෂක ගුණ නිසා.

 

🍀අතීතයේදී කෘමී විකර්ෂණය සදහා මේ ශාකය යොදාගෙන තිබෙන්නෙ එහි තියන සැර සුවඳ හේතුවෙන්. ඒ නිසා කෘෂිකර්මාන්තයටත් වැදගත් වෙන ශාකයක්.

 

🍀කප්පරවල්ලිය විශේෂයෙන් ම යොදාගන්නෙ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වලට. විශේෂයෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති විටක මේ ශාකයේ යුෂ භාවිතා කරනු ලබනවා.

 

🍀 මේ සංයුතිය තුල ශ්වාසනාල පළල් කිරීමේ හැකියාවක් තිබෙන නිසා රෝගියාට පහසුවෙන් හුස්ම ගැනීමෙ හැකියාව ඇතිකරනු ලබනවා.

 

🍀ඒ වගේම ක්ෂය රෝගයේ දී ක්ෂය රෝග කාරක බැක්ටීරියා (Mycobacterium tuberculosis) විනාශ කිරීමේ හැකියාව මේ පැලෑටියේ සාරයට ඇති බව පරීක්ෂණ මගින් සනාථ කරලා තියනවා..

 

🍀අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ තිබුණු ශාකයක් උනත් මේ වටිනාකම අපි හදුනාගෙන නැහැ. ලෝකයේ බොහෝ රටවල මේ ශාකය පිළිබඳ ව සායනික පරීක්ෂණ සිදුකර තිබෙනවා.

 

🍀ඒ වගේම මේ පැලෑටිය ට පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවකුත් තිබෙනවා.. මෙය පරීක්ෂණ මගින් සනාථ කර තිබෙනවා.

 

🍀වෙනත් ඖෂධ සමගද ඒකීයවද ආහාර අරුචිය, අතීසාර වගේ තත්ව වලදිත් මෙය යොදාගනු ලබනවා.

 

🍀මේ පැලෑටියේ යුෂයට පුළුවන් ඔබේ ආහාර රුචිය ඉහළ නංවන්න.. අග්නියේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න.

කප්පරවල්ලිය පැණිය, කප්පරවල්ලිය ක්වාතය නිෂ්පාදිත ඖෂධ විදියට ලබාගන්න පුළුවන්..

 

🍀විශේෂයෙන් ම කැස්ස පවතින අවස්ථාවලදී ඒ ඒ රෝගියා අනූව කප්පරවල්ලිය පැණිය සහ ක්වාතය තනිව හෝ තවත් ඖෂධ සමග මිශ්‍ර කර වෛද්‍යවරයා විසින් යොදාගනු ලබනවා.. කැස්ස රෝගයට ඉතාම හිතකර ඖෂධයක් විදියට මෙය දක්වන්න පුළුවන්..

 

🍀කැස්ස පවතින අවස්ථාකදි මේ කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා මී පැණි සමග තේ හැන්දක් පමණ පානය කිරීමෙන් අපහසුතාවය වළකා ගන්න පුළුවන්.. මෙය අත්බෙහෙතක් ලෙස යොදාගන්ණ පුළුවන්. නමුත් රෝගය සදහා ප්‍රතිකාර ඔබට ලබාගත හැකියි.

 

🍀මේ පැලෑටියේ යුෂය අක්මාවේ රෝග සදහාද යොදාගනු ලබනවා.. අක්මා සෛල උත්තේජනය කිරීමේ හැකියාව එහි සාරය සතුයි.

 

🍀ඔබ බොහෝ විට කප්පරවල්ලිය සහ ඉරිවේරිය ශාක දෙක හදුනාගැනීමේදි අපහසුතාවයට ලක්වෙනවා ඇති. කප්පරවල්ලිය ශාකයේ කොළ වල මාංශල ගතිය වැඩි යි. පත්‍රයේ දාර ස්වභාවය වැඩියි.

 

🍀නමුත් හැදෙන පරිසරය අනුවත් මෙය වෙනස් වෙනවා..

මීළග ලිපියෙන් කප්පරවල්ලිය සහ ඉරිවේරිය ශාක දෙක වෙන් කර ගන්න විදියත් ඉරිවේරිය ශාකයේ ගුණත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබ සැම නීරෝගී වේවා..

 

මූලාශ්‍ර- ඔසුතුරු විසිතුරු ශාක සංග්‍රහය සහ පරීක්ෂණ ඇසුරින්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *