පහසුවෙන් හදාගන්න පුළුවන් කාබනික පොහොර සහ වෙනත් ආදේශක – 01

organic fertilizer and alternatives

අපි ගෙදරක වගා කරන්නෙ වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්න ඕනෙ නිසා.. ඉතින් ලේසියට කඩේ තියන රසායනික පොහොර යොදලා වගා කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද


මේ එලවළු පළතුරු පලා වර්ග කාබනික පොහොර යොදලා හදන්න පුළුවන් නම්? වැඩේ අමාරුයි තමයි හිතන තරම් ඉක්මනට අස්වැන්න ලැබෙන් නෑ. නමුත් ලැබෙන අස්වැන්න ගොඩක් වටිනවා.. අපි ඒ ආහාර නිසා නීරෝගී වෙනවා.

➡️ ගහ හැදෙන්න නයිට්රජන් තමයි වැඩියෙන් ඕනෙ..
🌱වැටමාර ඇල්බීසියා නැත්නම් ග්ලිරිසීඩියා ශාකය ගැන නොදන්න කෙනෙක් නෑ..
🌱ඉතින් මේ කොළ ටිකක් පාත්තියට දැම්මම නිකන්ම නයිට්රජන් ටික ලැබෙනවා.
🌱 ඒ වගේම මේ කොළ වතුර අඩු ප්රමාණයක් දාලා දවස් 6 ක් විතර පල් කරලා ගන්න වතුර එක තනුක කරලා වගාවට යොදන්න පුළුවන්.. නැත්තම් ස්ප්රේ කරන්න පුළුවන් පත්ර වලට.. හරිම සාර්ථක යි.

➡️ මල් හැදෙන පොහොර
රසායනික පොහොර වෙනුවට කෙසෙල් ලෙලි වගේ පොටෑසියම් සාන්ද්රණය අධික ද්රව්යක් ඒ වෙනුවට ගන්න පුළුවන්.. කෙසෙල් ලෙලි වියලලා කුඩු කරලා පාත්තියට දාන්න පුළුවන්..
නැත්තම් කෙසෙල් ලෙලි වතුරට දාලා දවස් 6 ක් විතර තියලා ඉන් පස්සෙ ටිකක් තනුක කරලා කොළවලට ස්ප්රේ කරන්න පුළුවන්…

➡️ ගහකට කැල්සියම් ඕනෙද?
🌱ඇත්තටම ගහක පත්ර කරල් වල මැලවෙන ගතිය නැතිව සවිමත් කරන්න කැල්සියම් වලට පුළුවන්..
🌱 ඉතින් අපිට අවශ්ය කැල්සියම් ගෙදරින්ම ගන්න පුළුවන්.ඒ බිත්තර කටු. බිත්තර කටු අව්වෙ වියළගෙන ඉතාම කුඩා පව්ඩර් එකක් විදියට කුඩු කරගෙන ගස්වලට දාන්න.
🌱ඒ වගේ ම මේ කුඩු කරගත්ත බිත්තර කටු ජලයේ තම්බගෙන ඒ තැම්බු ජලය ගස් වල පත්ර වලට ඉසින්න පුළුවන්..
මේ හැම දේම මල් වගාවටත් ඒ වගේම යොදන්න පුළුවන්.

➡️ මීට අමතරව ගෙදරින් ඉවත් කරන තේ කොළ වගාවට ගොඩක් හොඳ පෝෂකයක්..
හාල්මැස්සන් කරවල වගේ ඉවත් කරන ද්රව්ය පාත්තිවලට දාන්න.
සහල් සේදු ජලය ගෝවා මිරිස් ආදියට හොඳම පෝෂක..

මේ ඔක්කොමත් එක්ක වගාවට ගොඩක් ආදරේ වෙන්න.. 😊 හොඳම බෙහෙත තමයි ඒ..

ගෙවතු වගාවට අපි හැමෝම යොමු වෙලා තියෙන මේ මොහොතේ වස විස නැතිව නැවුම් එලවළු පළතුරු අපේ වගාවෙන් නිවසට ගෙනෙමු. අලුතෙන් ප්රතිශක්තිකරණය හොයන්නෙ නැතුව ස්වභාවිකවම ආරක්ෂා වෙමු
හැමෝගෙම ගෙවතු වගා සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..

කතෘ – මලිති රසාංජනා මිය,
උපුටා ගැනීම – ගෙවතු  වගා සංග්‍රාමය ෆේස්බුක් සමූහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *