පළිබෝධ මර්ධනයට වස විෂ නැති කොහොඹ ඇට නිස්සාරකයක් නිවසේදීම සාදා ගනිමු.

🍁කොහොඹ Meliaceae (මිලියේසියේ) කුලයට අයත් ශාකයකි.
🍁 මෙහි විද්යත්මක නාමය Azadiracta indica .
🍁කොහොඹ ශ්රී ලංකාවේ වියලි හා අතරමැදි කලාප වල බහුලව දැකිය හැකි ශාක වර්ගයකි.

🍁කොහොඹ ගසේ සෑම කොටසකම පාහේ පලිබෝධ නාශක සංයෝග පවතී.
🍁වැඩිම ප්රමාණයක් අන්තර්ගත වන්නේ බීජ වලය.
🍁කොහොඹ වල මාර්තු-මැයි මාසවල මල් හට ගන්නා අතර අගෝස්තු-ඔක්තෝබර් මාස වලදී බීජ ලබා ගත හැක.
🍁හොදින් වැඩුනු ගසකින් බීජ 15-20 kg පමන ලබාගත හැක.
🍁කොහොඹ වල ඇති විශේෂ පලිබෝධනාශක සංයෝග වන්නේ:
ඇසිඩිරැක්ටීන්
සොලනීන්
නිම්බිඩීන් ය.

🍀කොහොඹ ඇට සකස් කර ගැනීම🍀

👉බීජ එකතු කර සෝදා පවනේ වියලා, වියලි සිසිල් ස්ථානයක, හිරු එලියට නිරාවරණය නොවන ලෙස ගබඩා කිරීම කල යුතුයි.
👉මෙලෙස ගබඩා කිරීමෙන් අහිතකර දිලීර වර්ධනය අවම කර, ඇට වල ක්රියාකාරී ද්රාව්ය වැඩි කලක් ආරක්ෂා කර ගත හැක.

🍀කොහොඹ ඇට ජල නිස්සාරකය සාදා ගැනීම

👉කොහොඹ ඇට වල ගබඩා කාලය අනුව යොදා ගන්නා ප්රමානය වෙනස් වේ.
( අලුත් කොහොඹ ඇට නම් 30g)
( ගබඩා කාලය අවු 1හෝ ඊට වැඩි නම් කොහොඹ ඇට 40-50g)

👉සාමානයෙන් පිරිසිදු කොහොඹ ඇට 30gහෝ50g ,හොදින් කොටා ගෙන, භාජනයකට දමා, ඒවා වැසෙන ප්රමානයට ජලය සමග මිශ්ර,කර පැය 12ක් පමන වසා තබන්න.හිරු එලිය නොමැති ස්ථානයක තබන්න. (රසායනික සංයෝග ජලය සමග මුසු වීමට)

👉පසුව අවශ්ය ප්රමානයට 1L ක් වන සේ ජලය දමා රෙදි කැබැල්ලක් ආධාරයෙන් මිරිකා පෙරා ගන්න.

👉එම නිස්සාරකයට සබන් (3g) හෝ ටීපෝල් මිශ්ර කර ගන්න. ඒවා එක් කරනුයේ ශාකයේ හෝ සතාගේ ඇගේ හොදින් නිස්සාරකය තැවරීම සිදු කිරීමටයි.

👉මෙම මිශ්රනය සාදා කල්තබා ගැනීම සුදුසු නැත.සාදාගත් විගස ක්ෂේත්රයේ ඉසීම කල යුතුයි.

🍀නිස්සාරකය ක්ෂේත්රයට යෙදීම🍀

👉උදේ 8-9 හෝ සවස 4න් පසු කේෂේත්රයට ස්ප්රේ එකක් ආධාරයෙන් යෙදීම කල යුතුයි.

👉ශාකසාර අඩංගු නිසා හිරුඑලිය යටතේදී සිදු නොකල යුතුයි.(හිරු එලියට නිරාවරණය වූ විට රසායනික සංයෝග වියෝජනය වන නිසා.)

👉වගාව ආරම්භයේ සිට දින 7-10කට වරක් ඉසීමෙන් සාර්ථක ප්රතිඵල ලබා ගත හැක.

කුඩිත්තන්,මයිටාවන්,පැලමැක්කන්,සුදුමැස්සන් වැනි වයිරස් වාහ්කයින් මර්ධනයට මිශ්රනය පත්රයේ යටි පැත්තට යෙදීම කල යුතුයි.

🍀මර්ධනය කර ගත හැකි පලිබෝධයින්🍀

👉විශේෂයෙන්ම ලෙපිඩොප්ටෙරා කීටයන් හා වෙනත් දලඹු වර්ග පාලනය කර ගත හැක.

👉 ගෝවා වගාවේදී –
🔎දියමන්ති පිට සලඹයා
🔎ලූපර් දලඹුවා
🔎ගෝවා ගෙඩි විදින දලඹුවා
🔎ගොඩවෙල්ලා

👉බටු වගාවේදී –
🔎පත්ර කනින්නා
🔎පත්ර කීඩෑවා
🔎කරටි හා ගෙඩි විදින දලඹුවා
🔎කොල කන කුරුමිනියන්
🔎මයිටාවන්

👉තක්කාලි වගාවේදී-
🔎පත්ර කනින්නා
🔎ගෙඩි විදින දලඹුවන්
🔎පැල මැක්කන්

👉බෝංචි වගාවේදී-
🔎පත්ර කීඩෑවා
🔎පැල මැක්කා
🔎පත්ර කනින්නා
🔎බෝංචි මැස්සා
🔎කරල් විදින දලඹුවා
🔎මයිටාවා

👉විසිතුරු මල් වගාවේදී-
🔎පත්ර කනින්නා
🔎පැල මැක්කා
🔎කුඩිත්තා

🍀කොහොඹ නිස්සාරකයේ වාසි🍀

👍දේශීයව ලබා ගත හැකි බැවින් වියදම අවමය.
👍මිනිසාට හා පරිසරයට අහිතකර නොවේ.
👍හිතකර ජීවීන්ට වන හානිය අඩුය.
👍ජල නිස්සාරකයේ විෂ සහිත රසායනික ද්රව්යන් අඩංගු නැති නිසා පෙර අස්වනු කාලය අනුගමනය කිරීම අවශය නැත.
👍පලිබෝධයින් හා රෝග රැසක් පාලනයට යොදා ගත හැක.
👍අවශේෂ ඉතිරි නොවන බැවින් විෂ නොවේ.(හිරු එලිය යටතේ වියෝජනය වන බැවින්)
👍ප්රතිරෝධී මාදිලි බිහි විමට ඇති හැකියාව අඩුයි.
👍රසායන ද්රව්ය කිහිපයක් තිබීම.
👍වන්දීතාවයක් ඇති කිරීම.
👍අප්රසන්න/ අප්රිය ගන්ධයක් තිබීම.
👍අහිතකර සතුන් ගහනයක් ලෙස මිය යාම.

🍀අවාසි🍀

👎මිශ්රනය කල්තබා ගත නොහැකි වීම.
👎ගබඩා කාලය වැඩි වුවහොත් පලිබෝධ ශක්තිය නැති වී යාම.

🌿සැකසීම – https://www.facebook.com/
🌿මුලාශ්ර – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *