පෝෂණ ගුණයෙන් අනූන අබ කොළ මිටක් සති 3කින්.

සති තුනකින් කෑමට ගන්න කොළ මිටක් ලේසියෙන්ම සපයා ගන්න විදියක්. එසේමෙසේ කොලයක් නෙමෙයි. පෝෂණ ගුණයෙන් ඉතාම ඉහලින් ඉන්න “අබ”. ලංකාවේ එතරම් අබ කොළ කෑම ජනප්රිය නැති උනත් ලෝකයේ බොහෝ රටවල ඉහල තැනක් හිමි කෑමක් .
බීජ කොහෙන්ද?
මේ වෙලාවේ ගෙදර අබ ඇට ටිකක් නැති වෙන්නේ එහෙමත් ගෙදරක තමයි. වැඩි මිලකුත් නැති නිසා, ගෙදර නැත්නම් ඇඳිරිනීතිය ඉවත් කලාම කඩේ පැත්තේ ගියොත් අරගෙන ඇවිත් මේ සරල වැඩේ කරල බලන්න.
අබ අහුරක් අරගෙන පැය 10 විතර වතුරෙ දාල තියන්න. එතකොට ඉක්මනින් පැලවෙනවා.

හිටවන්නේ කොහෙද?මාධ්ය මොකක්ද?

මේක අපි සති 3කින් ගලවනවා. එක නිසා ගොඩක් ගැඹුරට මුල් යන උස බඳුන් ඕනේ නැහැ. හොයා ගන්න ලේසි පරණ බේසමක්, තීන්ත බකට්, 5kg හාල් බෑග්, ඔය වගේ ඕන එකක්.
බඳුන් මිශ්රණය මතුපිට පස් 1: කොම්පෝස්ට් 1: වැලි 1 (මේ අනුපාත ටිකක් එහෙ මෙහෙ උනා කියල අබ පැල නොවී තියෙන්නේ නැහැ.)
පොඟව ගත්ත අබ ඇට ටික තවානක වගේ ඇට ටික ලඟින් ලඟින් දාන්න . ගහ ලොකු වෙනකම් තියන්නේ නැති නිසා ලොකු ඉඩක් ඕන වෙන්නේ නැහැ එක පැලෙකට. 1cm වලට වඩා අඩුවෙන් වැහෙන විදියට ඇට ටික බඳුන් මිශ්රණයෙන් වහන්න. වතුර ටිකක් දාල තරමක අව්ව තියෙන තැනක තියන්න. තෙතමනය සාමාන්ය මට්ටමේ තියා ගන්න.
සති තුනකින් ඔබට පැලේ පිටින්ම ගලවල කෑමට ගන්න පුළුවන්. රසායනික පොහොර, කෘමි /දිලීර නාශක නැති, කඩේ දුවන්නේ නැතිව farm fresh, ගුණයෙන් අනුන කොළ මිටක් ඔබේ පවුලට.ප්රතිශක්තිය ගැනත් මේ දවස් වල වැඩිපුර හිතනවනේ.. vitamin C, vitamin K එහෙම වැඩිපුර තියෙනවා අබ කොළ වල. මේ වෙලාවේ තව වෙන මොනවද?
අබ කොළ සම්බෝල වගේම මැල්ලුම් එහෙමත් ඉතින් කියල වැඩක් නෑ.. මහා ලොකු දෙයක් නෑනෙ. ගෙදර ඉන්න එකේ කරලම බලන්න. ඔය පොෂ් කෑම හොයන අය දන්නවනේ microgreens, salad වලට එහෙමත් ඕව දානවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *