තවාන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ?

තවන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ?

මිරිස් බටු තක්කාලි වගේ පැල අපි හිටවන්නෙ තවන් දාලා.. ඒ එන පැල වෙන් කරගෙන.
නමුත් රාබු , කැරට් , බීට් වගේ ඒවා අපි කෙලින්ම ක්ෂේත්රයෙ තමයි තවන් කරන්නෙ..

👉එතකොට බෝංචි ,මෑ , බණ්ඩක්කා වගේ බීජ?

👉හරි නම් කෙලින්ම බිම තවන් දාන්න ඕනෙ.. නමුත් අපි ඒ පැලේ ආරක්ෂාව ගැන ගොඩක් වද වෙන්න ඕනෙ.. ලොකු වෙනකම්.. හානි ගොඩක් වැඩියි..
👉 මොකද මේ පැල හරිම සියුම් නිසා.. ටිකක් අත ගෑවුණත් ඇති හානියක් වෙන්න.. අනික මුල් කැඩුනොත් පැලේ මියයනවා..

👉අපිට පුළුවන් නම් මුල් නොකැඩි පැලේ ගලවන්න පුළුවන් විදිහට තවන් දාන්න.. එයා ටිකක් ලොකු උනාම වගා බිමට දාන්න තිබ්බා නේද..

✳️ ඒකට හොඳම විදිය තමයි කඩදාසි කවර හදන එක. ඒකට ගන්නෙ ඉක්මනින් ම දිරා යන පත්තර කොළ.
✳️ පත්තර කොළ හදන්නෙත් ශාකමය අමුද්රව්ය වලින් නිසා පරිසරය ට හානියක් නෑ..
✳️ පත්තර කොළ නවලා ස්ටෙප්ලර් කටු හෝ ගම් ගාලා අලවලා කවර ටිකක් හදාගන්න.. මේවට පස් සරු පස් පුරවලා බෝංචි මෑ බණ්ඩක්කා මිරිස් බටු තක්කාලි ඇට තවන් දාන්න..

✳️ ඔක්කොම එකට දාන්න එපා.. එකකට උපරිම බීජ දෙකක් දැම්මම ඇති..
✳️ මේ පුංචි පැලේ ටිකක් ලොකු වෙලා එයා පරිසරයට හුරු වෙනකම්ම මේ කවරෙ ඇතුලෙ තියාගමු …

🌸 ඊට පස්සෙ අපි සකස් කරපු පාත්තිය හරි බදුනට හරි මේ පැලේ දාන්නෙ කවරෙන් ගලවලා ද.?

✳️ කොහොමත්ම නෑ.. මේ කවරෙ පිටින්ම තමයි හිටවන්නෙ.. වතුර සහ පස් එක්ක මේ කවරෙ දිය වෙලා යයි..
ඉතින් පැලේ මුල් වලට හානියක් නෑ..
හරිම ශක්තිමත් පැලයක් ඔයාලට ලැබිලා තියනවා…

✳️ කෙලින්ම හිටවපු පැල අව්ව වැස්ස ට ඔරොත්තු නොදී මිය ගියාට මේ ක්රමයෙන් හදන පැල ලොකු නිසා හොදින් ඒ හැමදේටම ඔරොත්තු දෙනවා..

☘️ ඉතින් මේ Advice එක ගංවතුර නිසා වගාව හානි වෙලා දුකින් ඉන්න අයට.. මේ වැස්ස හැමදාම තියෙන්නෙ නෑ.. එතකන් ඔයාලට තියෙන්නෙ මේ විදියට ඇට තවන් දාලා තියන එක

.
☘️ මේ කරදර ඉවර වෙලා ඔයාලා ආයෙම පාත්ති හදද්දි ඒ පාත්ති වලට පැල ඔයාලා ගාව ලස්සනට හැදිලා තියෙයි..

කොරෝනා ආව එක ආශිර්වාදයක් කරගත්ත අපිට මේ දේවල් ලොකු ප්රශ්න නෙවෙයි..
අලුතින්ම පටන් ගමු…👊👊👊

හැමෝගෙම වගා සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා හැමදාම වගේ…💚💚💚💚

කතෘ – මලිති රසාංජනා මිය,
උපුටා ගැනීම – ගෙවතු  වගා සංග්‍රාමය ෆේස්බුක් සමූහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *