වැවිල්ලට ආධුනික අයට

🌱 බීජ තවාන් දානවනන් ,

 

👉 තවාන දැඩි හිරු එළියට නිරාවරණය වෙන්න දෙන්න එපා , net එකක් හරි අතු වලින් හරි හෙවනක් දෙන්න .

 

👉 තවාන් දාන පාත්තිය වටේට ආරක්ෂාවක් දෙන්න .

 

👉 වතුර බැහැල යන පසක බීජ තවාන දාන්න .

 

👉 බීජ පැල වෙනකොට ටික ටික හෙවන අඩු කරල පැල ටික සාමාන්‍ය අව්වට පුරුදු කරන්න.

 

🌱 පොඩි පැල ක්ෂේත්‍රයේ හිටෙව්වට පස්සෙ

 

👉 පුලුවන් විදිහකට පැලය වටේට ආරක්ෂාවක් දෙන්න , දාන පොහොර හේදිලා නොයන්න පොල් ලෙලි වලින් හරි වටකරන්න.

 

👉 වැල් හැදෙන පැලයක්නම් , වැලට ආධාරකයක් හදල දෙන්න .

 

👉 N ( නයිට්‍රජන් ) වැඩි පොහොරක් පාවිච්චි කරන්න.  ( කාබනික හෝ රසායනික )

 

👉 පැලයක් පොඩි කාලෙදි P ( පොස්පරස්)

ටිකකුත් දෙන එක හොදයි , මුල් වල වර්ධනය වැඩි වෙන්න.

 

🌱 කෘමි හානිය , දිලීර ලෙඩ වළක්වා ගන්න

 

👉 🐌 ගොළුබෙල්ලන් , පණුවො වගේ ඇහැට පේන අය වගේම ඇහැට නොපෙනෙන SIZE එකේ පොඩි කෘමියොන්ටත් පැල කියන්නෙ රසවත් ආහාරයක් 😋

එයාල නවත්තන්න පැලයක් පොඩි කාලෙකදි

100% කාබනික ක්‍රමයක් හරි යන්නෙම නැත්තන් , රසායනික බෙහෙතක්වත් ගහන්න වෙනව,

( ඵලදාවක් ප්‍රයොජනයට ගන්න මාසෙකට දෙකකට කලින්  රසායනික කෘමි නාශකයක් භාවිතා කරන එකෙන් ලොකූ හානියක් වෙන එකක් නෑ.. ඒක මගේ පෞද්ගලික මතය )

 

👉 දිලීරයක් වගේ දෙයක් උනත් පොඩි පැලවලට ආසාධනය වෙන්න පුලුවන් ,

CAPTAN , MANCOZEB වගේ දියරයක් ඉහල ඒව CONTROL කරගන්නත් පුලුවන් .

( වගාව අතිශය කාබනික නම් පාවිච්චි නොකර ඉන්නත් පුලුවන් )

 

🌱 පොහොර භාවිතය

 

👉 N ( නයිට්‍රජන් )

P ( පොස්පරස් )

K ( පොටෑසියම් ) සහ

Ca ,Mg , Zn , Fe වගේ දේවලුත් ඕනි ගහකට ,

 

👉 පැළ කාලෙදි N වැඩි පොහොරක් පැලවල වර්ධන වේගය වැඩි කරනව ,

රසායනික පොහොරක් UREA

කාබනික අයට N දෙන ස්වාභාවික දේවල් ඕනි තරම් පාවිච්චි කරන්න පුලුවන් .

( වේගයෙන් වර්ධනය වෙන ශාකවල අග්‍රස්ථ කොටස් – උදාහරණයකට ග්ලිරිසීඩියා ශාක වල අග්‍රස්ථ කොටස් පොඩියට කපල දාන්න.

ඒ කොටස්වල තියෙනව වර්ධක හෝමෝන )

 

👉 P ( පොස්පරස් ) අවශ්‍ය වෙන්නෙ ගහක මූල පද්ධතියෙ වර්ධනයට  ,

ERP ( එප්පාවල ROCK පොස්පේට් ) පාවිච්චි කරන්න පුලුවන් මූල පද්ධතිය වැඩෙන්න ,

ERP කියන්නෙ ඛනිජයක් , වැලි වගේ පාවිච්චි කරන්න බය වෙන්න අවශ්‍ය නෑ..

 

👉 K ( පොටෑසියම් ) අවශ්‍ය වෙන්නෙ ගහක කදේ වර්ධනයට වගේම , මල් පිපෙන්නත් K අත්‍යාවශ්‍යම දෙයක් .

K වැඩි පොහොරක් මල් පිපෙන කාලෙදි දියර පොහොරක් විදිහට පාවිච්චි කරනවනන් වැඩි අස්වැන්නක් ගන්න පුලුවන් වෙයි .

 

🌱 ගෙඩි හැදෙන , ඵලදාව ගන්න කාලෙදි

 

👉 ගෙඩි හැදෙන කාලෙටත් , කෘමීන්ගෙන් ලොකු හානියක් වෙන්න පුලුවන් , හැබැයි ගෙඩි වලට වදින්න රසායනික කෘමි නාශක පාවිච්චි කරන එකනම් හොද වැඩක් නෙමෙයි…

( ගෙඩි වලට උරාගන්න රසායනික ද්‍රව්‍ය බඩට යනව එහෙම උනොත් )

පුලුවන් තරම් ස්වාභාවික කෘමි විකර්ෂක පාවිච්චි කරන්න .

 

🌱 ගහක් , වැලක් ලෙඩ උනොත්

 

👉 රෝග ලක්ෂණ අදුරගන්න පුලුවන් ඉක්මනට ,

 

පත්‍ර කහ පාට වෙන්නෙ ගොඩක් වෙලාවට N ඌණතාවක් හින්ද ,

 

පත්‍ර වල අග්ගිස්ස පිච්චිලා යනවනන් මූල පද්ධතියට හානි වෙනව වෙන්න පුලුවන් ,

 

පත්‍රවල නාරටි පේන්න ගන්නවනන් ,

මාළු කටු වගේ පේන්න ගන්නවනන් K ඌණතාවක් වෙන්න පුලුවන් හුගක් දුරට.

 

🌱 පැලයක් කියන්නෙ පොඩි ළමෙක් වගේ

එයාලව මහපොලොවට ආධුනික කාලෙදි ප්‍රශ්න ඇතිවෙනව ,

ඵලදාවක් දෙන කාලෙදි ගහක් හරියට ගැබිණි මාතාවක් වගේ ඒ කාලෙදිත් එයාලට රැකවරණය අවශ්‍ය වෙනව.

 

මහන්සිවෙලා , දුක් විදල , ආසාවෙන් මහපොලොවට දායාද කරන ගස් , වැල් හැම එකක්ම හරි ආදරෙන් බලාගන්න ❤🌱🌳

 

අත පය නැති ගොලු ජීවියෙක් 🤐 ,

ගහක් , වැලක්  කියන්නෙ 🌱🌳

( එයාලගෙ සන්නිවේදනය හරි සංවේදී)

එයාලව තේරුම් ගන්න , එයාලට උදව් කරන්න

එයාල නොහිටින්න මිහිපිට ජීවයක් නෑ නේද ?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *