ස්වාභාවික පලිබෝධවිකර්ෂක වලට හුරු වෙමු

කාබනික පොහොර - organic fertilizer

🌳අතීත මුතුන්මිත්තන් වගාවන් සඳහා යොදා ගත්තේ තමාගේ නිවසේ සිටිනා ගවයින්ගේ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදිය වේ.

🌳වගාවේ ඇති වූ කෘමි උවදුරු හා පණුවන් වැනි සතුන් මර්ධනයට භාවිත කරන ලද්දේ අවටින් සොයාගත හැකි ස්වභාවික ශාක කොටස් හා සත්ව අපද්රවය වලින් සකසා ගත් විවධ මිශ්රණයන්ය.

🌳නමුත් කාලයත් සමඟ තාක්ෂණයේ ඇති වූ දියුණුව නිසා නිෂ්පාදනය වර්ධනය කිරීමේ අරමුණෙන් කෘතීම පොහොර, පළිබෝධනාශක හා වල්නාශක වලට ගොවීන් හුරුවිය.

🌳මිනිසාගේ සෞඛ්යට අහිතකර මෙම නිෂ්පාදනයන් සහල්, එළවළු, පළතුරු නිෂ්පාදනය කිරීමේදී යොදාගන්නා නිසා නොදැනුවත්වම ඒවා අපගේ ශරීරවලට ඇතුල් වී පිළිකා වැනි භයානක රෝග තත්වයන් ඇති කිරීමේ අවදානමක් පවතී.

🌳මෙවැනි රෝග තත්වයන්ගෙන් මිදී නිරෝගී දිවියක් සඳහා කෘතීම පළිබෝධනාශක භාවිතය වෙනුවට ස්වභාවික පළිබෝධනාශක භාවිතයට නැවත ගොවීන් හුරුකළ යුතුවේ.

🌳මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ස්වභාවික ශාක කොටස් හා එදිනෙදා නිවසේ භාවිතයට ගන්නා දේ යොදාගෙන නිවසේදී සකසාගත හැකි පරිසර හිතකාමී පළිබෝධනාශක පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.

1.කොහොඹ බීජ​ නිස්සාරකය.

– අප මේ පිලිබද ස්විස්තරාත්මක පෝස්ට් එකක් ඉදිරිපත් කලා මේ ලින්ක් එකෙන් එම විස්තරය කිය්වීමට ඔබට පුලුවන්.

https://ceylonseeds.com/organic-farming-with-neem/

2.සුදුළූනු සාරය​

👉ගෘහණියන්ගේ මුළුතැන්ගේ ආහාර රස කරන කුලුබඩුවක් ලෙසින් ගැනෙන සුදුඵෑනු කෘමි සතුන් මර්ධනය සඳහා යොදාගත හැක.
👉එහි ඇති සැර සුවඳ නිසා එය ඉසීමෙන් කෘමිසතුන් ශාක වල වර්ධනය වීම වලක්වා ගත හැක.
👉මේ සඳහා සුදුඵෑනු ගෙඩි දෙකක් ගෙන ජලය ඉතා ස්වල්පයක් දමා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න.
👉මෙම මිශ්රණය රැයක් තිබෙන්නට හැර ජල ගැලුම් කාලක්, එළවලු තෙල් කෝප්ප බාගයක්, ඝන සබන් තේ හැන්දක් මෙයට එකතු කරන්න.
👉පසුව මෙම මිශ්රණයෙන් කෝප්පයක් වතුර ගැලුම් කාලක් සමඟ මිශ්ර කරමින් වගාවට යොදන්න.
👉මෙමගින් වගාවට හානිකරන කෘමි සතුන් මර්ධනය කළ හැක.

3.තක්කාලි දඬු

👉මුළුතැන්ගේ තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන තක්කාලි සලාද හා විවිධ එළවළු ව්යාංජන​ රසවත් කිරීමට යොදා ගනී.
👉 තත්කාලී ගසේ කඳන් හා පත්ර මඟින් කෘමි උවදුරු වලට කදිම බෙහෙතක් සකසා ගත හැක.
👉මෙහිදී ගසේ කඳ හා පත්ර සිහින්ව කපා පොඩිකරන්න.
👉එයට ප්රමාණවත් පරිදි ජලය එකතු කර මඳ ගින්නේ රත්කර පෙරා වගාවට ඉසින්න.
👉මෙමගින් වගාවට හානි කරන කෘමි සතුන් මර්ධනය කර ගත හැක.

4.දුම්කොළ මිශ්රණය

👉දුම්කොළ මිනිසාට මෙන්ම සතුන්ටද අහිතකර වේ.
👉මේ නිසා දුම්කොළ වලින් සකසා ගත් මිශ්රණයක් වගාවට යෙදීමෙන් වගාවට
👉හානිකරන කෘමින් මර්ධනය කළ හැක. ස්වභාවික දුම්කොළ කෝප්පයකට වතුර ගැලුමක් එකතු කර එම මිශ්රණය රැයක් තබන්න.
👉පැය 24කට පසු මෙම මිශ්රණය ලාදුඹුරු පැහැයක් ගනී.
👉මෙය තද දුඹුරු පැහැයෙන් යුතු නම් මෙයට තව ජලය එක් කරන්න.
👉බොහෝ බෝග වල සිටින කෘමින් මෙමගින් මර්ධනය වේ.

5.අරලිය මල්

👉එළවළු වගාව සඳහා හානි කරන කෘමි සතුන් සඳහා අරලිය මල් භාවිත කළ හැක.
👉අරලිය මල් කුඩාවට කපා ඒවා ජලයට එක් කර දිනක් පමණ එම ජලය පල් වීමට ඉඩහරින්න.
👉ඉන්පසු මෙම මිශ්රණය එළවළු වගාවට ඉසීමෙන් හානිකර කෘමින් විනාශ කළ හැක.

6.බේකින්සෝඩා මිශ්රණය

👉ශාක වලට හානි සිදුවන්නේ කෘමි සතුන්ගෙන් පමනක් නොවේ.
👉විවධ දිලීර වර්ග නිසාද වගාවන් විනාශයට පත්විය හැක.
👉මේ සඳහා බේකින්සෝඩා මේස හැඳි දෙකක් වතුර ගැලුමක් සමඟ මිශ්ර කර එය ශාක වලට ඉසිය හැක.
👉මෙය දින කිපයකට වරක් දිලීර තත්වය නැතිවෙන තෙක් යෙදීම කල යුතුයි.

7. බෝග පාත්ති වටා රතුලූණු වගා කිරීම.

8. බෝග පාත්ති වටා දාස්පෙතියා වගා කිරීම.

9. මිශ්ර බෝග වගා කිරීම.

10. පක්ෂීන්ට වාස්ස්ථාන සැපයීම. (පක්ෂීන් සමහර අහිතකර පලිබෝධයින් අනුභවකරයි.)

11. කොච්චි නිස්සාරකය.

👉කොච්චි හෝ නයිමිරිස් 100g වතුර 1L ක කොටා පැය 24ක් පැසීමට තබන්න.
👉ඉන්පසු ජලය දමා තනුක කර වගාන්ට යෙදීම.

12. සුදුලූනු , මිරිස් , ගම්මිරිස් , කොච්චි සියල්ලම ජලය සමග කොටා වගාවට යෙදීම.

13.ඉගුරු සමග මිරිස් වගාකිරීම. (කොලකොඩ වීම වලක්වා ගැනීමට )

14. කහබිලියා සහ පින්නකොල අඹරා මිශ්ර කර පල් වෙන්නට තබා යෙදීම.

15.උදේ පින්න ඇති විට අලු ඉසීම.

16. ලාම්පුතෙල් සමග සබන් දියර යෙදීම.

17.ඉගුරු නිස්සාරකය.

 

🌿සැකසීම – Hii Trees.

ස්වභාවික පළිබෝධනාශක වලට හුරුවෙමු

 

ඉවතලන බිත්තර කටු මගින් ගෙවත්තේ බෝග වලට අවශ්‍ය කැල්සියම් සපයමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *