මුරුංගා

♻️Moringa oleifera Lam .
♻️Moringaceae කුලයට අයත්ය.

🍁හැදින්වීම 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

✍️වැට මායිමේ රෝපණය කරගත හැකි මුරුංගා කරල් ව්යංජනයක් ලෙසිනුත් කොළ මැල්ලුමක් ලෙසිනුත් ආහාරයට ගත හැකියි. ඒ වගේම ඖෂධ ලෙසින්ද මුරුංඟා අපේ ජීවිතයට බෙහෙවින් සමීපයි.තවමත් වස විෂ නැති වගාබෝගයක් ලෙසින් මුරුංගා ඉතා වැදගත් තැනකට පත්ව ඇත.

✍️අපේ රටේ වියළි කලාපයේ වගා වෙන මුරුංඟා මලේ පැහැය අනුව නිල්, රතු සහ සුදු වශයෙන් ප්රභේද තුනක් ඇතැත් නිල් සහ රතු වර්ගය ඉතාම දුර්ලභයි.
එමෙන්ම ශරීරයට අවශ්ය සියලුම පෝෂ්ය පදාර්ථ බොහෝමයක් ලබාගත හැකි ආහාරයක් ලෙසින් මුරුංගා හැඳින්විය හැක. එකම ආහාරයකින් බොහෝ පෝෂ්ය පදාර්ථ ලබාගත හැකි ආහාර ඇත්තේ ඉතා සීමිත ප්රමාණයකි.

✍️මුරුංගා ප්රභේද රැසක් තිබෙනවා. එකක් තමයි හේන් මුරුංගා. ඒවායේ කරල් හීනියි. අනෙක් එක තමයි වැට මුරුංගා. වැට මුරුංගා බහුල වශයෙන් මායිම්වල රෝපණය කරනවා. යාපනයේ පැත්තේ ඒවා බහුල වශයෙන් දැකබලා ගන්න පුළුවන්. තවත් මුරුංගා ප්රභේදයක් තමයි මස් මුරුංගා, කල්පිටි මුරුංගා කියන්නේ. ඒවායේ කරල් විශාලයි.

✍️වෙනත් ශාක රෝපණය නොවන භූමියක පවා රෝපණය වීමේ හැකියාවක් මුරුංගා ශාකය සතුව පවතී. නිසරු පොළොවේ මෙන්ම මුහුදුබඩ ආශ්රිතව පවා මුරුංගා රෝපණය කළ හැකිය. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ලංකාව මුරුංගා ශාකය බහුලවම දැකගත හැකි රටවල් අතර ප්රමුඛතාවක් ගනී.

🍁සෞඛ්ය හා පෝෂණයට දායකත්වය🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🔷මුරුංගා කොළ ප්රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්. එහි අඩංගු බීටා කැරොටින්, විටමින් C හා විටමින් E ප්රධාන ප්රති ඔක්සිකාරක විටමින් ලෙස සැළකෙනවා.

🔷ප්රතිඔක්සිකාරක ස්වභාවිකව එළවළු හා පළතුරු වල බහුලව තිබෙනවා. මුරුංගා කොළ වල ප්රතිඔක්සිකාරක ශාක සංයෝග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

🔷 මුරුංගා වල අන්තර්ගත ප්රතිඔක්සිකාරක නිසා රුධිර පීඩනය අඩු කිරීමට හැකි වන අතර ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම මධ්යස්ථ කිරීමට උපකාරී වෙනවා. මුරුංගා කොළ සාරය ආහාර කල් තබා ගන්නා ද්රව්යයක් ලෙසද භාවිතා කළ හැකියි

🔷මුරුංගාවල ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුය. මුරුංගා කරල්වල අඩංගු ඇමයිනෝ අම්ලය 20% – 30% අතර ප්රමාණයකි. මුරුංගාවල අඩංගු ෆ්ලේවොනොයිඩ්ස් (Flavonoids), ෆිෙනාලික් අම්ලය (Phenolic Acids), ඔමෙගා අම්ලය (Omega Acid) වැනි සංඝටක රාශියක් අඩංගුය.

🔷මුරුංගාවල ප්රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළය. අනෙක් වැදගත් කාරණය වනුයේ ශරීරයේ ඇති ප්රතිඔක්සිකාරක එන්සයිම වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide Dismutese) ග්ලුටතයෝන් පෙරොක්සිඩේස් (Glutathione Peroxydase) ග්ලුටතයෝන් රිඩක්ටේස් (Glutathione Reductase) සහ කැටලෙස් (Catalase) සක්රිය කිරීමේ හැකියාව මුරුංගා සතු වීමයි. මේ නිසා මුරුංගාවල ප්රතිඔක්සිකාරක ගුණ වැඩි වේ.

🔷මුරුංගා ඇටවල ටෝකොෆෙරෝල් වර්ග 3 ක්, එනම් විටමින් E ප්රමාණය අධිකව සංයෝග වී ඇති බැවින් විටමින් E වලින් ලැබෙන ගුණ ඉහළින් ම ලැබෙනු ඇත.

🔷මුරුංගාවල Flauonoids ද සයනොජෙක් ග්ලයිකොසයිඩ් (Flauonoids glycogides) අඩංගු නිසා විශේෂයෙන් පියයුරු පිළිකා මර්දන ගුණය ඇත.

🔷 හදවත් රෝග දියවැඩියාව වැනි රෝග වලට ක්රියා කිරීමේ හැකියාව ඇත.

🔷Quercetin – රැධිර පීඩනය අඩු කරන ප්රබල ඇන්ටිඹක්සිජනයක් වේ.

🔷Chlorogenic acid -ආහාර ගැනීමෙන්පසු රැධිර සීනී පාලනයට වැදගත් වේ.
මෙය කෝපි වලද බහුලව අඩංගු වේ.
මුරුංගා 50 g දිනපතා ආහාරයට එකතු කර ගැනීමෙන් මාස 03 ක් පමණ වන විට රැධිර ගත සීනී ප්රමාණය 21%කින් පමණ අඩු කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

🔷විටමින් A මුරුංගාවල බහුලව අඩංගු බැවින් ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ අපිච්ඡද පටක, ස්රාවීය ග්රන්ථි, නිර්නාල ග්රන්ථි නිරෝගීව තබා ගැනීමට උපකාරි වේ.

🔴මුරුංගා කරල්ග්රෑම් 100ක පෝෂණය🔴

🔸කාබෝහයිඩ්රේට් ග්රෑම් 3.7
🔸ප්රෝටීන් ග්රෑම් 2.5
🔸විටමින් A මයික්රොග්රෑම් 1100
🔸විටමින් B1, මිලිග්රෑම් 0.05,
🔸B2 මිලිග්රෑම් 0.06,
🔸විටමින් C මිලිග්රෑම් 120
🔸කැල්සියම් මිලිග්රෑම් 30
🔸මැග්නීසියම් මිලිග්රෑම් 24
🔸පොටෑසියම් මිලිග්රෑම් 259
🔸යකඩ මිලිග්රෑම් 5.3

🔴 මුරුංගා අමු පත්
ග්රෑම් 100ක පෝෂණය

🔸කාබෝහයිඩ්රේට් ග්රෑම් 13
🔸ප්රෝටීන් ග්රෑම් 6.7
🔸විටමින් A මයික්රොග්රෑම් 6800
🔸විටමින් C මිලිග්රෑම් 220
🔸විටමින් B3 මිලිග්රෑම් 0.8
🔸කැල්සිම් මිලිග්රෑම් 440
🔸මැග්නීසියම් මිලිග්රෑම් 24
🔸පොටෑසියම් මිලිග්රෑම් 259
🔸යකඩ මිලිග්රෑම් 7
🔸විටමින් E මිලිග්රෑම් 448

🔴 මුරුංගා වියළි පත්ර පවුඩර්ග්රෑම් 100ක පෝෂණය

🔸කාබෝහයිඩ්රේට් ග්රෑම් 38
🔸විටමින් C මිලිග්රෑම් 17.3
🔸ප්රෝටීන් ග්රෑම් 27
🔸කැල්සියම් මිලිග්රෑම් 2003
🔸විටමින් A මයික්රොග්රෑම් 16,000
🔸මැග්නීසියම් මිලිග්රෑම් 368
🔸පොටෑසියම් මිලිග්රෑම් 1324
🔸යකඩ මිලිග්රෑම් 28
🔸විටමින් E මිලිග්රෑම් 113

🔷මුරුංගාවල අඩංගු විටමින් C ප්රමාණය දොඩම්වල මෙන් 4 – 5 ගුණයකි. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්රමාණය කිරිවල මෙන් 4 ගුණකි. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්රමාණය කෙසෙල්වල මෙන් 3 ගුණයකි. යකඩ ප්රමාණය නිවිතිවල මෙන් 2 – 3 ගුණයකට වඩා ඉහළය.

🔷අධික ලෙස ඇන්ටිඹක්සිජන් ඇති නිසා ආසාදන වලට එරෙහිව ප්රතික්රියා කිරීමේ හැකියාව ඇත.

🔷හදවත් රෝග පිලිකා රෝග වලට එරෙහිව ක්රියා කිරීමේ හැකියාව ඇත.මුරුංගා වලින් රැධිරගක ක්ලොස්ටරෝල් මට්ටම පහත හෙලීමට උපකාරී වේ.

🔷මුරුංගා විෂ නාෂක ඖෂධයකි. මුරුංගා කොළවල ප්රෝටීන්, විටමින් සී, විටමින් බී, බී කැරොටී, කැල්සියම්, මැග්නිසියම්,කොපර්, යකඩ, පොස්පරස්, ඛණිජලවන වැනි ගුණ රාශියක් පවතී.

🔷මුරැංගා කොළ අමුවෙන් අරගෙන හොදින් කොටා මිරිකා මීපැණි තේ හන්දක් එක්කර එයට තැඹිලි ගෙඩියක වතුර එක්කර උදේ, දවල්, සවස ලෙස දිනකට තෙවරක් පානය කිරීම ආහාර ජීරණයට ඉතාමත් ගුණදායක වේ.

🔷 ශල්යකරමයකට ලක් නොකර මුත්රාගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් කසායක් සාදා ගත හැක. තරමක් වියලි මුරුංගා පොතු මිටක් පමණ ගෙන වතුර පත හතර එකට සිදුවා උදේ හා සවස සති දෙකක් පමණ දිනපතා පානය කිරීමෙන් මුත්රා ගල් අංශු බවට පත්වී දියවේ. මෙය හොදින් මුත්රා පිටවිමටත්, මුත්රා දැවිල්ල සමනය වීමටත් ගුණදායකය.

🔷මුරුංගාවලට දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්රතික්රියා දක්වන විෂ නාශක ඖෂධයක් මෙන්ම සැරව ගලන තුවාල පිරිසිදු කර ඉක්මනින් සුව කර ගැනීමේ විශ්මිත හැකියාවක් ඇත.

🔷තවද සුඩානය වැනි රටවල පවා අපවිත්ර ජලය පිරිසිදු කිරිම සදහා මුරුංගා කරලේ ඇති ඇට භාවිතයට ගනී. මින් හෙළිවන්නේ මෙම ශාකයෙහි පවතින අද්විතීය ගුණයයි.

🔷මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්යම ප්රමාණයේ යකඩ වලින් ඉහලය. නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ.

🔷මුරුංගා කොළ වල කැල්සියම් සහ පොස්පොරස් වැඩි ප්රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු කැල්සියම් සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම් සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ.

🔷සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½ බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්යතාවයෙන් සැලකිය යුතු ප්රමාණයක් සපුරාගත හැකි වේ.

🔷අසාත්මිකතාවයක් ඇතිකරනු ලබන ආහාරවලට මුරුංගා එක් කරනුයේ එහි ඇති විස තත්ත්වය අඩුකර අසාත්මිකතාවය දුරු කිරීමටයි. අච්චාරු සහ තැම්බුම් හොදි සඳහා මුරුංගා පොතු යොදනු ලැබේ.

🔷පරිප්පු ව්යංජනය සඳහා කරපිංචා වෙනුවට මුරුංගා කොළ එකතු කරගත හැක. ආයුර්වේදයේදී සර්ප විෂ සඳහා මුරුංගා කොළ ආලේපනයක් ලෙසින් යොදා ගැනේ.

🔷මෙය තේ වෙනුවට පානය කළ හැකි ඖෂධීය පානයකි. ඖෂධීය ගුණයෙන් ඉහළම පානයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය හැඳින්විය හැක.

🔷වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට ඇතිවන රක්තහීනතාවය දුරු කරලීමට මෙම පානය උපයෝගී වේ.

🔷නොයෙක් රෝග තත්ත්වයන් නිසා ශරීරයේ හිමොග්ලොබින් අඩුවන්නේ නම්, යකඩ ප්රමාණය අඩුවන්නේ නම් එවැනි රෝගීන්ට කිසිදු අතුරු ආබාධයකින් තොරව ස්වභාවිකව ගත හැකි ඖෂධයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය නිර්දේශ කෙරේ.

🔷උණ වැනි රෝගයක් සෑදීමෙන් ප්රතිශක්තිය අඩු වූ විට රෝගියා දුර්වල වේ. එවැනි රෝගයක් සුව වූ වහාම මුරුංගා කරල් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි.

🔷මළබද්ධය සමඟ ඇතිවන බඩ පුරෝදැමීම, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයදී මුරුංගා ඉතා ගුණදායක වේ. මුරැංගා “කෙඳි ආහාරයක්” ලෙසින්ද හැඳින්වේ. හොඳින් මළ පිටකිරීමට ගුණදායක ඖෂධයක් ලෙසින්ද මෙය හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවන පණු රෝග වළක්වා ගත හැකිය.

🔷මුරුංගා ඇට, ග්රීන් පීස් වෙනුවට බතට එක්කරගත හැක. දියර ලෙසින් වැඩිපුර මළ පිටවීමේදී මුරුංගා ව්යාංජනය ආහාරයට ගැනීම ඉතා ගුණදායක වේ.

ස්තූතිය – isuru weerasinghe

 

ගෙවත්තට පලතුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *