මයික්‍රොග්රීන්  කියලා කියන්නෙ මොනවටද?

Microgreens ????  මේ ගැන ඔබත් දැනුවත්ද?

 

☘️මයික්‍රොග්රීන්  කියලා කියන්නෙ මොනවටද?

 

ඇත්තටම microgreens කියන්නෙ අපි සාමාන්‍යයෙන් වගා කරන්න ගන්න එළවළු වර්ග වල බීජ ම විශේෂ ආකාරයකින් පැල කරලා ඒ පැල කුඩා අවධියේදිම ආහාරයට එකතු කරගන්න එකට.

🍂විදේශ රටවල වගේම අපේ රටෙත් මේ වෙනකොට යම් තාක් දුරට ජනප්‍රිය ආහාරයක් බවට මෙය පත් වෙලා තියනවා..ඒකට හේතුව වගා කිරීමට තියන පහසුව වගේම ගුණ දායක බවින් වැඩි වීම

 

☘️ඇත්තටම microgreens වල ගුණාත්මක බව කොයි වගේ ද?

 

අපි හැමෝම එක පාරක් හරි ආහාරයට අරන් තියන දෙයක් තමයි පැල කරපු මුං ඇට.. ඉතින් අපි දන්නවා පැල මුං විශේෂ රසයකින යුතුයි වගේම ගුණ දායක බවින් ඉහළයි කියන එක ගැන.

 

☘️ ඒ වගේම දෙයක් තමයි මේ microgreens වලදි වෙන්නෙත්

 

➡️ ඉහළ පෝෂණ පදාර්ථ ප්‍රමාණයක් තියනවා .

හෘද රෝග , කොලෙස්ටරෝල් වගේ දේවල් වැළැක්වීමට තියන හැකියාව ඉහළ යි..

 

➡️ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි නිසා පිලිකා නාශක හැකියාවකුත් මේ microgreens වල තියනවා..

 

➡️ ඒ වගේම වගා කරද්දි අපේ හිතට දැනෙන සතුට. පුංචි පැල ගොඩක් එකට හැදිලා තියෙද්දි අපේ හිත ගොඩක් සැහැල්ලු වෙනවා.

 

➡️ විටමින් සහ අනිකුත් පෝෂක පදාර්ථ වලින් මේ microgreens ඉතා ඉහළ අගයක් ගන්නවා..

 

➡️ අපේ රටේ තවම ව්‍යාප්ත නොවුණත් වාණිජ මට්ටමින් කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මේ වගාව..

 

➡️මේකට අපි ඉවත් කරන කුඩා බදුන්, යෝගට් කප්, කිරි හට්ටි වගේ ඕනම දෙයක් ගන්න පුළුවන්.. වෙන්න ඕනෙ වැදගත් ම දේ තමයි වතුර බැස්ම.. ඒකට අපිට යටින් සිදුරු ටිකක් විදගන්න පුළුවන්..

 

☘️ බදුන් මිශ්‍රණයක් හදමු.

 

🍂 මේකට කොහුබත් කොම්පෝස්ට් වැලි සමාන අනුපාතෙන් දාන්න පුළුවන්..

 

🍂 Tissue කඩදාසියක් තෙත් කරලා උනත් මේ වගාව කරන්න පුළුවන්.. ඒ උනත් ලංකාවේ විවිධ දේශගුණික තත්ව යටතේ සමහරවිට ඒ වගාව අසාර්ථක වෙන්න පුළුවන් නිසා තමයි මේ බදුන්ගත වගාව ගැන කියන්නෙ.

 

🍂ඊට පස්සෙ ඔබ තෝරගත්ත බීජ වර්ගයෙන් ඇට අර පස් මිශ්‍රණය මත අතුර ගන්න ඕනෙ ළග ළග..

ඉන් පස්සෙ උඩින් පස් ටිකක් දැම්මත් නමක් නෑ.. නැති උනත් කමක් නෑ..

 

🍂 පස් මිශ්‍රණය සාමාන්‍ය විදියට තෙතට තියන්න..

දවස් දෙකක් තුනක් යද්දි පුංචියට මෝදු වෙලා එන පැල ඔයිලට බලා ගන්න පුළුවන්..

 

🍂 හිරු එළිය ලැබෙන්න ඕනෙ යම් තරමකට.

සති දෙකකින් විතර අපිට මේක කපලා ගන්න පුළුවන්.. කතුරකින්..

මතකයිනෙ අපි මේ ආහාරට ගන්න හදන්නෙ පුංචි පැල ටිකක්..

ඒ නිසා ගොඩක් මෝරන්න දෙන්නෙ නෑ..

 

☘️ බීජ වර්ග මොනවද ?

 

🍂 ලංකාවේ අපිට නම් අබ ඇට, මුං ඇට, උළුහාල් වගේ ඒවා..

ඒ වගේම නිවිති , තම්පලා තමයි ලේසිම

අමතරව සලාද බීට් රූට් ගෝවා වගේ ඒවත් ගන්න පූළුවන්..

 

🍂 වෙලදපොලේ තියන රසායනික ද්‍රව්‍ය ගල්වලා නැති බීජ මේ දේ සදහා සුදුසු වෙනවා. අපිට ගෙදරින් ම හොයාගන්න පුළුවන් විදියෙ ඉහත සදහන් කළ බීජ ඒ සදහා සුදුසුයි.

 

🍂 Microgreens වලින් හදන ආහාර වට්ටෝරු ගොඩක් තියනවා.. සලාද තමයි වැඩිපුරම හදන්නෙ.

 

ආහාර වර්ග සහ මේ වගාවෙදි එන ගැටළු වලට උත්තර අරන් තවත් ලිපියකින් හමුවෙමු..

 

සටහන – මලිති රසාංජනා ඉලංකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *