මතක ශක්තිය වර්ධනය කරන ලුණුවිල ශාකය

 

🍀සාමාන්‍යයෙන් කිවුල් ජලය සහිත ස්ථාන සහ වැලි සහිත පරිසරවල වර්ධනය වෙන කුඩා පැලෑටියකි තමයි ලුණුවිල කියන්නෙ.

 

🍀ලුණුවිල පැලෑටිය ලා කොළ පැහැති කදකින් සහ සුදු පැහැති කුඩා මල් වලින් සමන්විතයි.

මාංශලමය කොළ, කද, ආදියෙන් සමන්විත මේ මුළු ශාකයම ඖෂධ වශයෙන් යොදාගනු ලබනවා..

 

🍀ස්නායු ගත රෝගවලදි විශේෂයෙන් ම මොළයෙහි යම් සංකූලතා සහිත රෝග අවස්ථා වලදී ලුණුවිල නොමැති ප්‍රතිකාරයක් නැති තරම්..

 

🍀මේ විශේෂත්වය නිසාම බටහිර රටවල් පවා නිරන්තරයෙන් පරීක්ෂණ සදහා යොදාගන්නා ශාකයක් බවට මේ පැලෑටිය පත් වෙලා තිබෙනවා.

 

🍀සංස්කෘත භාෂාවෙන් සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ලුණුවිල සරස්වතී, බ්‍රාහ්මී යන නම් වලින් හදුන්වා තිබෙනවා.

 

🍀ඒ වගේම මේ පැලෑටියේ විශේෂ ගුණාංගයක් විදියට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල හදුන්වන්නෙ මේධ්‍යය ගුණයෙන් එනම් මතක ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවෙන් යුතුයි කියලා එයින් හදුන්වනවා.

 

🍀මේ පැලෑටිය වාත රෝග සෙම් රෝග වලදී විශේෂයෙන් යොදාගනු ලබනවා. උන්මාද අපස්මාරය ආදි රෝග තත්ව වලදී විශේෂයි. ඒ වගේම පක්ෂාගාත රෝග ( paralysis) තත්ව වලදී මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත ව ඇතිවන හානිය ඉහළයි.

 

🍀ඉතින් මේ ශාකයට මොළයේ සෛල උත්තේජනය කිරිමේ හැකියාව පවතින නිසා එවැනි රෝග තත්ව වලදි යොදාගනු ලබන කෂාය, පැණි වර්ග, චූර්ණ සියල්ලේම වගේ අනිවාර්යයෙන් අන්තර්ගත වන ශාක සාරයක් තමයි ලුණුවිල කියන්නෙ.

 

🍀මේ ශාකය කෂාය වර්ග විශාල ප්‍රමාණයක අන්තර්ගතයි. ඒ වගේම බ්‍රාහ්මී පැණිය, බ්‍රාහ්මී ඍතය, සාරස්වත්‍යාරිෂ්ටය ආදි නිෂ්පාදිත ඖෂධ ගණනාවක් තිබෙනවා.

 

♦️ඔබ මේ ඖෂධ අනිවාර්යයෙන් ම වෛද්‍ය නිර්දේශය මත භාවිතා කළ යුතු බව මතක් කරන්නෙ නිවැරදි භාවිතයක් නොමැතිව ඉන් නිවැරදි ප්‍රතිඵල අත් නොවෙන නිසා..

 

➡️ ඒ වගේම මේ පැලෑටියෙ සාරය මෘදු විරේචන ගුණයෙන් යුතුයි. ඒ නිසා ගර්භණී කාලයේ බොහොමයක් මව්වරුන්ට මුහුණ දීමට වෙන මළ බද්ධ තත්වයේදි ලුණුවිල ස්වල්පයක් තම්බා දීමට නියම කරනු ලබන්නේ එයින් ගර්භයටත් හානියක් නොවී මවටත් පහසුවක් අත්වෙන නිසා

 

🍀කුඩා දරුවන්ගෙ මතක ශක්තිය වර්ධනය කිරීමට ලුණුවිල කැද ලුණු විල තැම්බූ ජලය හෝ ලුණුවිල ස්වල්පයක් උදෑසන සැපීමට දීම අතීතයේ පටන්ම සිදුකරන කාරණයක්..

 

🍀ඒ වගේම රන් කිරි කටගෑමේදි ඒ කිරි වලට ලුණු විල යුෂ ස්වල්පයක් එකතු කරනු ලැබුවා.

ලුණුවිල තිත්ත රසයෙන් යුතු නිසා ලුණුවිල කොටා ඒ එන යුෂයට ලුණු කැටයක් දැමීමෙන් තිත්ත රසය ඉවත් වීම සිදුවෙනවා..

 

🍀සෙම් රෝග වලදිත් මේ පැලෑටිය යොදාගන්න බව මුලින් සදහන් කළා. ඉතින් පෙනහළු ආශ්‍රිත ව සෙම පවතින සියලුම රෝග අවස්ථා වලදි මේ පැලෑටිය ඖෂධීය වශයෙන් යොදාගනු ලබනවා. ශ්වාසනාලිකා ප්‍රදාහ අවස්ථාව මින් විශේෂයි.( Bronchitis)

 

🍀මේ ශාකය කොටා ඉන් සාදාගන්නා කල්කය කුඩා දරුවන්ගෙ ශ්වසන රෝග අවස්ථා වලදී පපුවේ එම ප්‍රදේශයේ ආලේප කිරීම ඉන්දියාවේ සිදුකරනු ලබනවා. එමගින් ශ්වාසනාලිකා පළල් වී ශ්වසනය පහසු වීමත් සෙම ඉවත්වීමත් සිදුවනවා.

 

🍀මේ පැලෑටිය ට පිළිකා රෝග ඇතිකිරීමට හේතු වන මුක්ත ඛණ්ඩක ඉවත් කිරීමේ නැතිනම් විනාශ කිරීමේ හැකියාව ඇති බව විශේෂයෙන් සායනික පරීක්ෂණ මගින් සහතික කොට තිබෙනවා.

 

🍀සරලවම පැවසුවහොත් මුක්ත ඛණ්ඩක හේතුවෙන් හෘදයාබාධ, පිළිකා සහ අක්මාවේ රෝග හටගැනීම සිදුවනවා. ඉතින් ලුණුවිල පැලෑටියේ සාරය ට මීට එරෙහිව ක්‍රියා කළ හැකියි.

 

🍀මෙම පැලෑටියට විවිධ ප්‍රදාහ තත්ව ඉවත් කිරිමේ හැකියාව තියනවා.. මේ කොළවල සාරය ආලේප කිරීමේන් ආසාදනය වීම් සුව අතට හැරෙනවා..

 

🍀ලුණුවිල ශාකය බලය, වර්ණය, ස්මෘතිය වැඩි දියුණු කරන වටිනා ඖෂධීය ශාකයක්. අනිවාර්යයෙන් සෑම ගෙවත්තකම තිබිය යුතුම පැලෑටියක්.. කුඩා දරුවන්ගෙ මතක ශක්තිය වර්ධනය කරගැනීමට භාවිතා කළ හැකි වටිනා පැලෑටියක්.

 

ඉහත සියලුම කරුණු ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ සහ සායනික පර්යේෂණ ගණනාවක ප්‍රථිපල මත සොයාගත් කරුණු වේ..

 

♦️ඔබේ ඖෂධ පැලෑටි එකතුවට අනිවාර්යයෙන් ම මේ ශාකය එකතු කරගන්න කියලා මතක් කරනවා..

 

ඔබ සැම නීරෝගී වේවා.

One thought on “මතක ශක්තිය වර්ධනය කරන ලුණුවිල ශාකය

  1. Pingback: ඔබේ ශරීරයේ තරුණ බව රැකදෙන කළුකැම්මේරිය ශාකය – Ceylon Seeds

Leave a Reply

Your email address will not be published. Required fields are marked *