ගෙවත්තේ ගෝවා වවමු.

🔸ගෝවා ගෙවත්තේ කුඩා පාත්ති වල හෝ බදුන් වල වගා කල හැකියි.

🔸ගෝවා වල උද්භිද විද්යාත්මක නම බ්රසිකා ඔලෙරාසියා (Brassica oleracea) වේ.

🔸 නිර්දේශිත ගෝවා ප්රභේද:

උඩරට තෙත් කලාපය

එක්සෝටික්
කොල පැහැති ගෙඩිය සාමාන්ය තද ගතියෙන් යුත් පැතලි රවුම් හැඩයෙන් යුක්ත වේ. දින 80-85 දී අස්වැන්න නෙලාගත හැක.

හර්කියුලස්
කොලපාට ගොරෝසු පත්රවලින් යුත් ඉතාමත් තද ස්වභාවයක් සහිත රවුම් ගෙඩි වේ. දින 100-105 දී අස්වැන්න නෙලාගත හැකිය.

මැදරට

එක්සෝටික්
ගෙඩිය කොල පැහැ සාමාන්ය තද ගතියෙන් යුත් පැතලි සිට රවුම් හැඩයෙන් යුක්ත වේ.

ඒ.එස්. ක්රොස්
දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්යස්ථ තද ගතියෙන් යුක්ත පැතලි ගෙඩි වේ.

කේ.වයි. ක්රොස්
දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්යස්ථ තද ගතියෙන් යුක්ත රවුම් ගෙඩි වේ.

ග්රීන් හොට්
තද ගතියෙන් යුතු ගෝලාකාර ගෙඩි සහිත මෙම ප්රභේදයේ අස්වැන්න දින 90-95 දී ලබාගත හැක. කිලෝග්රෑම් එකක පමණ බරකින් යුතු ගෙඩි ඇතිවේ.

ග්රෑන්ඩ් මොයිස්ට්
තද ගතියෙන් යුතු ගෝලාකාර ගෙඩි සහිත මෙම ප්රභේදයේ අස්වැන්න දින 90-95 දී ලබාගත හැක. කිලෝග්රෑම් එකක පමණ බරකින් යුතු ගෙඩි ඇතිවේ.

🔸ගෝවා වගාවට අවශ්ය දේශගුණික සාධක:
ශීත දේශගුණයට ගෝවා භෝගය වඩාත් හොඳින් ඔරොත්තු දෙන අතර, වියළි කලාපයේද වගාකළ හැකිය. නමුත් විවිධ කෘමි පාරිසරික කලාපවලට නිර්දේශිත ප්රභේද වගාකළ යුතුවේ.

🔸පස
පී.එච්. අගය 6-6.5 වන පස වගාව සඳහා ඉතාමත් සුදුසුය. ආම්ලික බව වැඩි වූ විට ගෝවා බරවා රෝගයට පාත්රවීමේ ඉඩකඩ වැඩි වේ. කාබනික ද්රව්ය අඩංගු සාරවත් පසක් වගාව සඳහා තෝරා ගන්න.

🔸බිම් සැකසීම
සෙන්ටිමීටර් 30-40 ගැඹුරට පස පෙරලා හොඳින් බිම් සකස් කරන්න. ආම්ලික පසක් නම් අළුහුණු යෙදිය යුතුය.

🔸බදුන් වල සිටුවන විට මධ්යම ප්රමාණයේ බදුන් යොදා ගන්න.

වගා පිළිවෙත්

🔸බිම සිටුවන විට වගා පරතරය
සෙන්ටිමීටර් 50×40 හෝ
සෙන්ටිමීටර් 40 හා පළල සෙන්ටිමීටර් 30

🔸පැළ සිටුවීම
බීජ මගින් පැල ලබා ගත යුතුයි.
බීජ තවාන් කර සති 3-4 පමණ වයසැති නිරෝගී දිරිමත් පැළ ගලවා සවස් කාලයේදී සිටුවීම ඉතාමත් වැදගත්ය. පැළ සිටුවා දිනකට දෙවරක් ජලය යොදන්න.

🔸පොහොර යෙදීම
ආම්ලික පසක් නම් පැළ සිටුවීමට දින 14 කට පෙර අළුහුණු යොදන්න.

🔸 පැළ සිටුවීමකට සතියකට පමණ පෙර කුකුල් පොහොර වලවල්වලට හෝ බදුනට දමා පස් සමඟ හොඳින් මිශ්ර කරන්න.

🔸 පැළ සිටුවීමට දින 2 පමණ පෙර කාබනික පොහොර යොදා වලවල් හෝ බදුන් සකස් කර තබා ගන්න.

🔸 නැවත පැල සිටුවා සති 3 දී හා සති 6 දී කාබනික පොහොර එක් කරන්න.

🔸කාබනික පොහොර ලෙස කොම්පෝස්ට්, ගොමපොහොර යෙදීම මැනවි.

🔸ජල සම්පාදනය
පැළ සිටවූ මුල් දිනවල, දිනකට දෙවරක් බැගින් ජලය යොදන්න. ඉන්පසු දිනකට එක් වරක් ජලය සැපයීම සෑහේ.

🔸එහෙත් වගාවට මාස 1 1/2 පමණ වූ අවස්ථාවේ සිට (ගෙඩි හට ගැනීම සහ විශාලවන අවස්ථාවේදී) ප්රමාණවත් ජල සැපයුමක් ලබා දීමට වගබලා ගන්න.

🔸වල් පැළෑටි පාලනය
වල් මර්දනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. පොහොර යෙදීමට පෙර වල්පැළ ඉවත් කරන්න.

🔸අස්වනු නෙළීම
ප්රභේදය අනුව අස්වනු නෙලීමේ කාලය වෙනස් වේ (දින 90-110 අතර).
ප්රමාණයට වඩා මේරීම නිසා ගෙඩි පුපුරන බැවින් අස්වනු නෙලීමට සුදුසු තත්ත්වයට පත් වූ විට නෙලාගත යුතුවේ.
උදේ වරුවේ අස්වනු නෙලිය යුතු අතර, තද හිරු එළිය ඇතිවිට අස්වනු නෙලීම නුසුදුසුය. ගෙඩියට හානි නොවන සේ පිටතින් ආවරණ පත්ර 2-3 සමඟ ප්රවේශමෙන් නෙලා ගන්න.

රෝග හා පළිබෝධ හානි

🔸දියමලන් කෑම
තවාන් දැමීමට පෙර පස් පිළිස්සීම මඟින් ජීවාණුහරණය කිරීමෙන් බොහෝ විට පාලනය කර ගත හැක.

🔸යටිපුස් රෝගය
ගෝවා තවාන්වල දැකිය හැකි රෝග යකි. වර්ෂාව සහිත කාලගුණය ඇතිවිට බහුලය. පාලනය සඳහා තවාන් වර්ෂාවෙන් ආරක්ෂා කිරීම සඳහා ආවරණය කිරීම, උදෑසන හිරුඑළිය පවතින විට ආවරණය ඉවත්කොට සූර්යාලෝකය ලැබෙන්නට සැලැස්වීම

🔸කළු කුණුවීම
මේරු ගෝවා පත්ර වල දාරයේ කහ පැහැති පැල්ලම් ඇතිවේ. පාංශු බැක්ටීරියාවක් වන මෙය ජල සම්පාදනයේදී හෝ අධික වර්ෂාව නිසා පස් විසිරෙන විට පත්ර මතට වැටීමෙන් රෝගය වැළඳේ. නින්ජා හා සමුරායි යන ගෝවා ප්රභේද මෙම රෝගයට ඔරොත්තු දෙන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. කුඩා පරිමාණ වගා වලදී පසට වසුනක් යෙදීම හා ජල සම්පාදනයේදී පස් නොවිසිරෙන ලෙස ජලය යෙදීම, අස්වැන්න නෙළූ පසු ආසාදිත පත්ර ක්ෂේත්රයෙන් ඉවත් කොට විනාශ කිරීම ආදිය මඟින් හානිය අවම කළ හැක.

🔸සුදු පුස් රෝගය
ශීත දේශගුණය සහිත නුවරැළිය දිස්ත්රික්කයේ දැකිය හැක. ගෝවා ගෙඩියෙහි මතුපිට පත්ර කළුපැහැ වීම හා කඳෙහි පාමුළ කුණුවීම සිදුවේ. තෙතමනය වැඩි උදෑසන කාලයේදී කඳෙහි පාමුල සුදුපැහැ දිලීර ජාලය හෝ දුඹුරු පැහැයට හුරු අබ ඇට වැනි ගෝලාකාර ස්ක්ලෙරෝෂියා දැකිය හැකිය. දිලීර නාශක යෙදීම සාර්ථක විසඳුමක් නොවන හෙයින් ආසාදිත ශාක පස් සමඟම ගලවා ඉවත් කිරීම සුදුසුය.

🔸මෘදු කුණුවීම
බැක්ටීරියා රෝගයකි. වර්ෂාව සහිත උණුසුම් කාලගුණ තත්ත්ව ඇතිවිට හානිය වැඩිවේ. ගෝවා ගෙඩියෙහි අභ්යන්තර කොටස දුඟඳක් සහිතව කළු පැහැති කුණුවීමකට ලක්වේ. හොඳින් ජලය බැසයන ලෙස පස සකස් කිරීම, ආසාදිත ශාක ක්ෂේත්රයෙන් ඉවත් කිරීම මඟින් රෝගය අවම කළ හැක.

🔸බරවා රෝගය
පී.එච්. අගය අඩු (ආම්ලික) පස්වල වගාකළ විට වගාවට බරපතල හානි ඇතිකරන රෝගයකි. ශාකවල මුල් මහත්වී අලයක් වැනි ස්වභාවයකට පත්වේ. හානිය නිසා වගාවෙහි අස්වැන්න මුළුමනින්ම විනාශ විය හැක. රෝග කාරකය පසෙහි දීර්ඝ කාලයක් පවතින නිසාත් දිලීරය ඇතිකරන දැඩි බීජාණු රසායන ද්රව්ය වලින් විනාශකළ නොහැකි නිසාත් මර්ධනය අපහසුය. වගාවට පෙර පස් පරීක්ෂාකර බලා අවශ්ය නම් අළුහුණු යොදා පී.එච්. අගය ඉහළ නැංවීම, රෝගය වැළඳුනු ගෝවා ශාකවල මුල් ගලවා පුළුස්සා දැමීම (මේවා කොම්පෝස්ට් සකස් කිරීම සඳහා භාවිතා නොකළ යුතුය.) හා ගෝවා කුළයේ නොවන බෝග (බෝංචි, තක්කාලි, අර්තාපල්) සමඟ වසර හතරක් පමණ බෝග මාරුවක් සිදුකිරීම මඟින් රෝගය අවම කළ හැක.

🔸තවද කොහොඹ නිස්සාරකය යෙදීම මගින් බොහෝ රෝග පලිබෝධ සාර්ථකව මර්ධනය කල හැකිය.

https://ceylonseeds.com/organic-farming-with-neem/

උපුටා ගැනීම – Facebook.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *