නිවසේ ගෙවත්තේ කහ පැළයක්‌ වගා කර ගනිමු

වගා කිරීමට සුදුසු ප්‍රදේශ

තෙත්කලාපය යෝග්‍ය වේ. දැඩි සීතල ප්‍රදේශ හා දැඩි උෂ්ණත්වයෙන් යුත් වියළි කලාපයේ කහ වගාව සඳහා සුදුසු නොවේ. විශේෂයෙන් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ගම්පහ, කොළඹ, කළුතර, මාතර, රත්නපුර, කෑගල්ල දිස්‌ත්‍රික්‌ක යෝග්‍ය වේ.

ගෙවතු වගාවක්‌ ලෙස ව්‍යාප්ත කිරීමෙන් ගෘහණියන්ට විදේශ විනිමය නිවසේ සිටම උපයා ගැනීමට අවස්‌ථාව සැලසේ. පාත්ති පොළොවෙන් අ`ගල් 8 ක පමණ උසකට පැළ අඩි 3 ක්‌ පමණ ප්‍රමාණයකට සකස්‌ කර කොම්පෝස්‌ට්‌ පොහොර යොදා අඩි 1 පළල පරතරයට බීජ අල සිටුවා ගත යුතුයි.

කහවලට දිලීර රෝග පැතිරීමේ අවකාශ ඇති බැවින් සිටුවීමට ප්‍රථම දිලීර නාශකයක පො`ගවා ගැනීම සුදුසුයි. කහ සිටුවන කාලය මාර්තු, අප්‍රේල් කාලය උචිතය. මාස 8 -10 කින් අස්‌වැන්න නෙලාගත හැක.

අස්‌වනු කාලය දෙසැම්බර් ජනවාරි වේ. පාත්ති පෙරලා හොඳින් සකස්‌ කරගත යුතුයි. පසෙහි අධික මැටි ගතියක්‌ තිබේ නම් ගං`ගා වැලි ටිකක්‌ එම පසට මුසු කිරීම යෝග්‍ය වේ. ගෙවතු ආශ්‍රිත බඳුන්වල වගා කරගත හැකි වේ.

සුළු අපනයන භෝගයක්‌ ලෙස රජයෙන් කහ වගාකරුවන්ට දිරි දීමනා ද ලබා දේ. වියළි කාලගුණ තත්ත්වයන් ඇතිවිට ජලය යෙදීම සුදුසුය. ඖෂධීය ගුණය, මෙහි විෂබීජ නසන ගුණයක්‌ ඇති වේදනා නාශකයක්‌ ලෙස ද අයුර්වේදයේ භාවිත වේ. රූපලාවන්‍ය කටයුතු සඳහා බහුලව යොද ගැනේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මලබද්ධය, පීනස, දැවිල්ල , ඉදිමුම හා තුවාල සුව කිරීමටමද වෛද්‍ය උපදෙස්‌ මත යොදා ගැනේ. නිවස පිරිසිදු කිරීමේ ස්‌වභාවික විෂබීජ නාශකය ලෙස යොදා ගැනේ.

කහ විදේශයෙන්ගෙන් ශ්‍රී ලංකාවට ආනයන කිරීමට විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ වැය වේ. ගෙවතු මට්‌ටමින් ව්‍යාප්ත කිරීම තුළින් වාර්ෂිකව විදේශිකයන්ට ගලා යන විනිමය රට තුළ රඳවා ගැනීමට උපකාරී වේ.

නිසි පරිදි කල යුතු පොහොර භාවිතය සහ ශාක නඩත්තුව

One thought on “නිවසේ ගෙවත්තේ කහ පැළයක්‌ වගා කර ගනිමු

  1. Pingback: පලතුරු අස්වනු නාස්තියට විසඳුම් – Ceylon Seeds

Leave a Reply

Your email address will not be published. Required fields are marked *