හරිත පැහැය ආහාර වේලට එක් කරගනිමු…

පළා වර්ග විදියට හැමදාමත් අපි එකතු කරගන්නෙ කංකුන් මුකුණුවැන්න ගොටුකොළ වගේ ප්රසිද්ධ පළා වර්ග.. නමුත් කළවම් මැල්ලුමකට අනිවාර්යයෙන් එකතු කරගත් යුතු අපේ අවට හැදෙන කොළ වර්ග ගැන හැමෝම දැනුවත් නැතිව ඇති.
අධික කාර්යබහුල ජීවන රටාව අපිට පළා වර්ග කඩෙන් ගන්න තත්වෙට පත් කරලා තිබ්බත් මේ කොරෝනා වෛරසය එක්කම අපි කතාවට ලක්කරපු ප්රතිශක්තිකරණ වර්ධනයට නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ වස විස නැතිව අපි ගෙවත්තෙ වගා කරන කොළ වර්ග . ඒකට හේතුව කොයි තරම් වටිනා ආහාරයක් උනත් වස විස එකතු වෙලා නම් ඒකෙන් අපිට වෙන්නෙ හානියක් විතරක් වීම. ඉතින් මේ අප්රසිද්ධ වටිනා පළා වර්ග අපේ ආහාර වේලටත් එකතු වෙනවා නම් ලෙඩ රෝග ගොඩක් අඩුවේවි.

 

☘️ පිටවක්කා
▪️වකුගඩු හා අක්මා රෝග වලින් ආරක්ෂා කරයි
▪️දියවැඩියාව පාලනය කරයි
▪️පීනස රෝගය පාලනය කරයි
එම නිසා ආයුර්වේද වෛද්ය විද්යාවෙහි සෙම් රෝග ආශ්රිත කෂාය වලද පිටවක්කා අන්තර්ගත වේ
▪️රුධිර පිරිසිදු කාරාකයකි
☘️ ගැටතුඹ
▪️දියවැඩියාව පාලනය කරයි
▪️පණු රෝග ආදියේදී යොදා ගනියි
▪️රක්ත ශෝධක ගුණ ඇත
▪️දේශීය වෛද්ය ක්රමය තුල වේදනා නාශක ලෙස යොදා ගනියි
☘️ ඇහැළ
▪️සෙම් රෝග පාලනය කරයි
▪️විරේචන ගුණ ඇත
▪️පණු රෝග වලට ඉතා යෝග්ය යි
☘️ මොනරකුඩුම්බිය
▪️හොඳම ප්රතිශක්තිවර්ධකයකි
▪️Anemia හෙවත් පාණ්ඩු රෝග තත්ව වලදී ශරීරගත හිමොග්ලොබින් මට්ටම ඉහළ නැංවීමට දායක වේ.
▪️මුත්රා කාරකයකි
▪️අක්මා රෝග වලදී ඉතා යෝග්යයි..
☘️ කුප්පමේනිය
▪️ශ්වාසනාල ආශ්රිත රෝග වලදී යොදා ගනියි
☘️ හීන් නිදිකුම්බා
▪️රක්ත ශෝධක ශාකයකි
▪️අධි රුධිර පීඩනය පාලනය කරයි
▪️දියවැඩියාව පාලනය කරයි
☘️ ඇඹුල් ඇඹිලිය
▪️රක්ත වර්ධක ශාකයකි.
▪️සෙම් රෝග පාලනය කරයි ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *