කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද ?

කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද…

☘️ විශේෂයෙන් ම මිරිස් වගාවට කාලෙකදි බලපාන දෙයක් තමයි කොළ කොඩ වෙන එක.

☘️ හිතාගන්න බැරි තරම් ඉක්මනට පැතිරිලා යන මේ රෝගය ඇති කරන්නෙ අපේ ඇහැට පේන්නෙ නැති පුංචි කෘමි විශේෂයක් වෙන මයිටාවන්..

☘️ මයිටාවන් ආකාර කිහිපයක් හිටියත් මේ විදියට ගොඩක් ප්රසිද්ධ වෙලා තියෙන්නෙ spider mites නැත්තම් මකුළු මයිටාවා කියන කෘමියා..

👉කොළ කොඩ වෙලා කියලා අපි දැනගන්නෙ කොහොමද?

✳️ මේ වෙලාවෙදි අපි වගාව ගැන ගොඩක් අවදානයෙන් ඉන්න වෙනවා..

✳️මොකද මුලින්ම එක ගසකින් වගේ මේ හානිය පේන්න පටන් ගන්නවා..

✳️ ඒ තමයි ලස්සනට පැහැදිලිව තිබුන කොළය යන්තමින් අවපැහැ වෙවී ඇකිලෙන්න බලනවා..

✳️ එහෙම වෙන්නෙ මයිටාවන් මේ කොළයේ යට නාරටි අසලින් යුෂ උරා බොන්න ගන්නකොට..

✳️ මීටත් වඩා හානිය වැඩි වෙනකොට තවත් කොළය ලා තැඹිලි පාටක් අරගෙන ඇකිලෙන්න ගන්නවා.

👉මේ වගේ වෙලාවක කරන්න ඕනෙ මොකක්ද..

🔹මේ පැලෑටිය දැන් රෝග වාහකයක් වගේ.. හැමතැනම රෝගය පතුරවන්න බලනවා..
🔹ඒ නිසා ලෝබ නොසිතා එහෙම පැලෑටියකි රෝගය තියන අතු කිනිති කඩලා ඉවත් කරලා දාන්න..
🔹 මිරිස් පැලය ආයෙම දළු දාලා වැඩෙන්න ගන්නවා. මේකෙ අරමුණ අනික් පැල ආරක්ෂා කරගන්න එක

👉මයිටාවන්ගෙ වැඩපිළිවෙළ මොන වගේ ද?

🔹මේ කෘමීන් අපේ ගෙවත්ත ට එන්නෙ හුළගත් එක්ක..
හරිම සැහැල්ලු කෘමි විශේෂයක් නිසා ඒ වගේ පාවෙලා ඇවිත් ගස්වල යටි පැත්තෙ නවාතැන් ගන්නවා.

🔹ඉන් පස්සෙ යුෂ උරාබොන්න පටන් ගන්නවා.. ඒ වගේම වියලි සුළං සහිත පරිසරයට මේ අය කැමති.ඉක්මනට වර්ධනය වෙන්න ගන්නවා..

🔹තෙත සහිත පරිසරයක එයාලගේ වර්ධනය අඩුයි.. හිතකාමි නැහැ.

🔹ඉතින් වියළි කාළගුණය සහ සුළග සහිත කාල වලදි පැලයෙ මුලට විතරක් වතුර නොදා කොළ තෙමෙන්නට වතුර දාන්න කියන එකෙන් මේ මයිටා හානියත් යම් තරමකට පාලනය වෙනවා.

♦️පුළුවන් නම් සුලං ආවරණයක් තියෙන තැනක මිරිස් වගේ මයිටා හානියට ලක්වෙන ශාකයක් හිටවන්න..

♦️ අතීතයේදී වගා කරන්න සුළගේ දිශාව පවා බලන්න ඇත්තෙ මේ විදියේ හානි ගැන අපිට වඩා උසස් දැනුමක් අතීත ගොවි මහත්වරු ළග තිබුණ නිසා..

🌿 ස්වභාවික කෘමි නාශකයක් හදමු..

🔹මේකට ඕනෙ කරන්නෙ ගෙදරින් ඉවත් කරන සුදු ලූණු සහ ලූණූ පොතු.

🔹යම් ප්රමාණයකට එකතු කරගෙන පැය 24 ක් පෙගෙන්න තියලා ලූණු පොතු වලට ටිකක් උඩින් තියෙන්න වතුර දාලා බ්ලෙන්ඩ් කරගන්න.

🔹ඊට පස්සෙ මේ අපිට ලැබෙන මිශ්රණය වගේ 5 ගුණයක් ඒකට වතුර කළවම් කරලා තමයි මේක හදාගන්නෙ.

🌿තවත් ක්රමයක් තමයි අපි මකුලු දැල් කඩන්න ගන්න කැප්පෙටියා කොළ..

🔹 ඒ කොල වල සැර සුවදට ආයේ මාස ගානකට මකුලුවො එන්නෙ නෑ..

🔹මයිටා කියන්නෙත් මකුළුවා වගේම කෙනෙක්.. ඉස්සර ගොවි බිම්වල පැලවල බිම් මට්ටමේ වසුනක් ආකාරයට මේ කැප්පෙටියා කොළ යොදලා තියනවා..

🔹 කාලයත් එක්ක කැප්පෙටියා කොළ දිරන කොට ඒ සුවද උඩට වාෂ්ප වෙලා ශාකය කෘමින්ගෙන් ආරක්ෂා කරලා තියනවා.

🔹ඉතින් ඒ යුෂම අරගෙන අපිට වතුර කළවම් කරලා ඉහින්න පුළුවන්.. මතක් කරලම කොලේ යටි පැත්ත තෙමෙන්න ඉහින්න ඕනෑ.

♦️මේ කරන දේ එක දවසක් කරලා මදි .. ඒ කරන දවසේ ඉදලා දවස් පහක් හෝ හයක් ඇතුලත නැවත මේ මිශ්රණය ඉසීම කරන්න ඕනෙ. මොකද මේකෙන් හානි වෙන්නෙ මව් කෘමි සතාට විතරයි.. නැවතත් එයාගේ බිත්තර වලින් එන කුඩා කෘමීන් ඉවත් කරන්න දින 6 කට වතාවක් විතර මේක ඉහින්න පුළුවන්..

♦️ඒ වගේම මේකට සබන් දියර ටිකක් එකතු කරගත්තා නම් ශාක පත්ර මත හොදින් මෙය රදා සිටිනවා..

👉 මයිටාවන් පාලනය කරගන්න ඕනෙ තරම් කෘමි නාශක වෙළදපොලේ තියනවා.. ඒ උනත් අපි ගෙවතු වගාවක් කරන එකේ අරමුණ තමයි වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්න එක.. නීරෝගී වෙන එක..

👉ඒ නිසා පුළුවන් තරම් ස්වභාවික දේට හුරු වෙමු. අවුරුදු ගණනාවක් තිස්සෙ කරපු වැරැදි දේ ආයෙම නොකර අනාගතය ගැන හිතලා තීරණය කරමු. ඔබේ වගාව කෘෂි රසායනික වලින් තොරයි නම් ඔබ නීරෝගී වෙන්න පලමු අඩිතාලම දමා අවසන්..

ඔබ සැමට දීර්ඝායු වේවා…

ඉල්මැස්සා හානිය

වෛරස් රෝග වාහක සුදු මැස්සා

ස්වභාවික ක්‍රම මගින් කුඩිත්තා පාලනය කරන ආකාරය.

කරදරකාරී පිටි මකුණා මර්ධනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *