එලවළු ගෙවත්තක් කිරීමේදී ඔබ දැනගත යුතු මූලික කරුණු

🍀 ප්‍රදේශයේ හොඳින් වැවෙන බෝග මොනවාද යන්න අවට ඉඩම් ආශ්‍රයෙන් හඳුනා ගන්න.

🍀 වැසි කාලවල දී දිලීර රෝග අධිකව වැළඳෙන බැවින් ඊට ඔරොත්තු දෙන බෝග තෝරා ගන්න. වියළි කාලවල දී වඩා
හොඳින් වැවෙන බෝග වැසි කාලයට උචිත නො වේ.

🍀 ඉඩමේ ස්වභාවය අනුව එක් බෝගයක් වවනවාට වඩා හැකිතාක් විවිධ බෝග ප්‍රමාණයක් වැවීම ඵලදායකය.

🍀 එක් එක් බෝගයකින් කොපමණ ප්‍රමාණයක් වවනවා ද යන්න ඉඩමේ ප්‍රමාණය, ස්වභාවය සහ ඔබේ කැමැත්ත මත සිදුවිය යුතු ය.

🍀 ගෙවත්තේ එළවළු වගා කිරීමේ දී එක් බෝග වර්ගයක් ඊ ළඟ වතාවේත් එම ස්ථානයේ ම වගා කිරීමෙන් වළකින්න. විවිධ බෝගවල වැඩීමට පසෙහි තිබිය යුතු පෝෂණ අවශ්‍යතාව විවිධ ය.

🍀 නයිට්‍රජන් ඌනතාවක් සහිත පසක මුලින් ම බෝංචි, දඹල වැනි පසට නයිට්‍රජන් එක් කරන රනිල බෝග වර්ගයක් වගා කළ හැකි ය.
එසේ ම කොල්ලු වැනි ආවරණ බෝගයන් වගා කළ හැක. ඒවායේ අස්වැන්න ගත් පසුව, නයිට්‍රජන් අධිකව අවශ්‍ය බෝගයන් වන
ඉරිඟු වැනි බෝග වගා කළ හැක.

🍀 එක ම බෝගය දෙවරක් එක් තැනක වගා නොකිරීම තුළ ලැබෙන තවත් වාසියක් නම් ඇතැම් ශාකවලට සුවිශේෂ වන රෝගවලට
පස තුළ ස්ථාවර වීමට කාලයක් ලබා නොදීම ය. එමෙන් ම කෘමි පළිබෝධකයන් අධෛර්යවත් වීමක් ද බෝග මාරුව තුළින් සිදුවිය හැකි ය.

එක වර්ගයක එළවළු බීජ සියල්ල එකවර පැළ කිරීම වෙනුවට, මුලදී බීජ යම් ප්‍රමාණයක් සිටුවා සති 2-3-4කට පසු ඉතිරිය සිටුවීම මගින් ඔබට එහි අස්වැන්න දිගු කාල පරාසයක් පුරා ලබා ගත හැකි වේ.

මිශ්‍ර ලෙස බෝග වැවීම තුළ පළිබෝධ සහ රෝග පාලනයට සහයක් ලැබේ. එක ම ඉඩ කඩක බෝග කීපයක් වැවීම තුළ කුඩා ඉඩක වැඩි බෝග ප්‍රමාණයක් වැවිය හැක. මඳක් උස්ව වැවෙන බෝග සෙවණේ සූර්යාලෝකයට සංවේදී බෝග වැවිය හැක.

වට්ටක්කා වැනි බෝග වැට දිගේ වැවීමෙන් අනෙක් බෝගවල ඉඩකඩ ආක්‍රමණය නොකරයි.

එළවළු පාත්ති අතර දාස්පෙති මල් ගසක් දෙකක් වවන්නේ නම් වට පනු හානිය අවම වේ. සුදු ළුෑණු වැවීමෙන්

කුඩිත්තන් පාලනය වේ. කොත්තමල්ලි, මිංචි, අරූද වැනි ශාකවලින් නිකුත් වන සැර සුවඳ පළිබෝධ පාලනයට උපකාර වේ. පාත්තිවල නඩත්තුව ඉතා වැදගත් ය. මියගිය හෝ රෝගී වූ එළවළු ශාක සහ වල් පැළෑටි ඉවත් කළ යුතු ය.

ඔබ දියර පොහොර යොදන්නේ නම් සතියකට වරක් පත්‍ර මතට ඉසිය හැක. ඔබ උදයේ දියර පොහොර යෙදුවේ නම් ජලය ඉසිය යුත්තේ සවස් කාලයේ දී ය.

ගෙදර කන්න, මිරිස් ගෙදරම හදමු

One thought on “එලවළු ගෙවත්තක් කිරීමේදී ඔබ දැනගත යුතු මූලික කරුණු

  1. Pingback: ගෙවතු වගාවේ අස්වනු වැඩිකරගන්න ටිප්ස් – Ceylon Seeds

Leave a Reply

Your email address will not be published. Required fields are marked *