බීජ ගබඩා කිරීම හරිහැටි නොකළොත් පැළවීමේ ශක්තිය හීන වෙනවා

බීජ මගින් ප‍්‍රචාරණය වන බෝග වගා කිරීමේදී මූලිකව අවශ්‍ය වන්නේ උසස් පැළවීමේ ශක්තියකින් යුත් දිරිමත් බීජ තෝරාගැනීමයි. එම බීජවල ගුණාත්මක බව මත වගාවේ සාර්ථකත්වය රඳ්‍ර පවතී.

ජවල ගුණාත්මක බව රඳ්‍ර පවතින්නේ බීජ වැපිරීමේ සිට අස්වනු නෙළා ගන්නා තෙක් සහ අස්වනු සකසා ගබඩා කර නැවත සිටුවීමට යොදා ගන්නා තෙක් කාලයේ අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත අනුවය.

වගා කටයුතු විශාල මහන්සියකින් හා පරීක්ෂාකාරීව සිදුකළ ද ලබාගත් අස්වැන්න සකසා ගබඩා කිරීම සුදුසු පරිදි නොකරන නිසා එම බීජවල පැළවීමේ ශක්තිය හීන වී යයි. නිවර්තන කලාපීය රටක් වන ශී‍්‍ර ලංකාවේ පවතින බීජ ගබඩා කිරීමට කිසිසේත් සුදුසු නොවන අධික පරිසර උෂ්ණත්ව හා ආර්ද්‍රතා තත්ත්වය නිසා ගබඩා කරන ලද බීජවල ජීව්‍යතාවය සංරක්ෂණය කිරීම තවදුරටත් අසීරු වී ඇත.

අස්වනු නෙළන අවස්ථාවේ සිට නැවත වගා කිරීමට යොදා ගන්නා අවස්ථාව දක්වා ගුණාත්මක බව ආරක්ෂා වන පරිදි බීජ ගබඩා කර තබා ගැනීම අතිශයින්ම වැදගත්ය.

බීජ ගබඩා කිරීමට පෙර බීජ හොඳින් ශුද්ධ කරන්න. සුළං කිරීම මගින් හා සල්ලඹ යොදා ගෙන වල්ඇට අපද්‍රව්‍ය ගල්වැලි බීජ කැබැලි හා පොතු ආදිය ඉවත් කරන්න. ශුද්ධ කරගත් බීජ ඉතා හොඳින් වියළා පිරිසුදු මලුවලට දමන්න.

වරක් භාවිතා කළ ඇසුරුම් (ගෝනි ආදිය) නැවත යොදා ගන්නේ නම් ඒවා හොඳින් පිරිසුදු කරගන්න. ගබඩා අවට පරිසරය හොඳින් පිරිසුදුව තිබිය යුතුය.

ගබඩාව අවට ඇති තණකොළ ආදිය ද කපා දමන්න. ගොඩනැගිල්ල ආසන්නයේ ඇති ගස්වල අතු ද කපා ඉවත් කරන්න.

ගබඩාව ඇතුළත ඇති අපද්‍රව්‍ය දූවිලි ධාන්‍ය කැබලි ආදිය ඉවත් කර පුළුස්සා දමන්න. වර්ෂාවෙන් බීජ ආරක්ෂා කරගැනීම සඳහා ගබඩාවේ වහලය හොඳින් සෙවිලි කරන්න. සිමෙන්ති මැටි හෝ හුණු බදාම යොදාගෙන ගබඩාවේ බිත්තිවල හා පොළොවේ ඇති සියලුම සිදුරු වසා දමන්න. ගබඩාව ඇතුළත හා පිටත සුදු පාට හුණු හෝ තීන්ත ආලේප කිරීම වඩා සුදුසුය. සුදු වර්ණය මගින් තාපය උරා නොගනී. ඒ නිසා ගබඩාව තුළ අනවශ්‍ය පරිදි උෂ්ණත්වය ඉහළ යාම වළකි.

ගබඩාවට සුළං ඒමට ඇති කවුළු සියල්ල කම්බි දැල්වලින් වසන්න. බීජ මලු තැබීමට යොදා ගන්න ලී රාමු හා ලී දඬු ආදිය ද පිරිසුදු ඒවා විය යුතුය. ගබඩා කර ඇති බීජ ශ්වසනය කිරීම නිසා නිපදවන තාපය මගින් ද වායු සංසරණය දුර්වල වීම ම`ගින් ද ගබඩාව තුළ උෂ්ණත්වය ඉහළ යයි. වායුගෝලයේ ඇති ජලවාෂ්ප උරා ගැනීමෙන් හෝ බීජ මලු පොළොව මත තැන්පත් කළහොත් පොළොවෙන් ජලය උරා ගැනීමෙන් හෝ බීජවල තෙතමන ප‍්‍රමාණය වැඩි වේ. එවිට බීජවල ජීව්‍යතාවය ආරක්ෂා වන පරිදි ගබඩා කර තබාගත හැකි කාලය ද අඩුවේ.

දිලිර වැනි ක්ෂුද්‍ර ජීවි ආසාදන නිසා බීජවල ගුණාත්මක බව බාලවේ. විශේෂයෙන් තෙතමනය වැඩි අවස්ථාවන්හිදී දිලීර ආසාදනය වැඩිවේ.

මීයන් හා කුරුල්ලන් විසින් බීජ ආහාරයට ගනී. මෙයට අමතරව ඔවුන්ගේ අපද්‍රව්‍ය බීජ සම`ග කළවම් වීමෙන් ගුණාත්මක බව බාල වේ.

බීජවලට හොඳින් වාතාශ‍්‍රය ලැඛෙන පරිදි කාලගුණය යහපත් සෑම විටකදීම ගබඩාවේ සුළං කවුළු විවෘත කර තබන්න. වැසි දිනවලදී ගබඩාව තුළ ජලවාෂ්ප ඇතුළු වීම වැළැක්වීම සඳහා සුළං කවුළු වසා තබන්න. කෘමින්ගෙන් හානි සිදුවී තිබේ ද යන්න දැන ගැනීම සඳහා දිනපතාම පාහේ ගබඩාව පරීක්ෂා කරන්න. ගබඩාව තුළ වැටී ඇති බීජ ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ඉවත්කර ගබඩාවේ පොළොව ඉතා පිරිසුදුව තබන්න. සෑම විටම ගබඩාව තුළ මනා වාතාශ‍්‍රයක් පවතින පරිදි සිසිල්ව තබා ගැනීමට උත්සාහ කරන්න. සෑම විටම ලී කොට හෝ ලී රාමු මත පමණක් බීජ මළු තබන්න.

වරින්වර බීජ තොග පරීක්ෂා කර බලා කෘමි හානි දක්නට ලැඛෙන තොග තිබේනම් ඒවා පිටතට ගෙන නැවත ශුද්ධ කර වියළා ගබඩා කරන්න. ගබඩාව තුළ පියාඹන කෘමින් සිටි ද යන්න පිළිබඳව හැමවිටම පරීක්ෂාවෙන් සිටින්න. කෘමි හානි පාලනය කරගැනීම අපහසු අවස්ථාවලදී පමණක් නිර්දේශිත කෘමිනාශක වර්ගයක් භාවිතා කරන්න.

ජලය නැතිව මීයන්ට ජීවත්විය නොහැකිය. ජලය සොයා මීයන්ට ගබඩාවෙන් පිටතට ගමන් කිරීමට සිදුවේ. ගබඩාවට මීයන් ඇතුළුවන ස්ථාන අවහිර කිරීමෙන් ඔවුන් සාර්ථකව මර්දනය කළ හැකිය. ගබඩාව අවට ඇති ගස්වල අතු කපා දමන්න. මීගුල් ආදිය තිබේදැයි පරීක්ෂා කර බලා වසා දමන්න.

මහත් වෙහෙසක් දරා නිපදවා ගන්නා ලද බීජ ඊළ`ග කන්නය තෙක් හොඳින් ගබඩා කර ගැනීම සඳහා සෑමවිටම බීජ වියළා තබන්න. බීජ ගබඩාව සිසිල්ව තබාගන්න. කෘමින් මීයන් මෙන්ම කුරුල්ලන්ගෙන් ද බීජ ආරක්ෂා කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *