ඇන්ත්‍රැස්ක්නෝස් පළවා හරින්න වගාබිම පිරිසුදුව තබන්න

දියුණු ජලවහන රටාවක් පවත්වා ගැනීම, බෝග මාරුවෙන් මාරුවට සිටුවීම, පසට හොඳින් හිරු එළිය සැලැස්වීම, රෝගී ශාක ක්ෂේත්‍රයෙන් ඉක්මනින් ඉවත් කිරීම ම`ගින් වගාව අරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

අමුමිරිස්වල මිල ගණන් විටින් විට ඉහළ යෑම අද ගෘහිණියට විශාල ප්‍රශ්නයක්. එහෙත් මේ ගැන මැසිවිලි න`ගමින් නොසිට, තමන්ගේ ගෙවත්තේම අමුමිරිස් පාත්තියක් සකස් කරගන්නට ඔබට හැකි නම් එය ආර්ථිකවාසියක් මෙන්ම ආත්මතෘප්තියක්ද ඔබට අත් කර දෙනවාට සැකයක් නැහැ.

අද අපි මිරිස් වගාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු කිහිපයකට අවධානය යොමු කරමු. ජලය හොඳින් බැස යන ලොම් සහිත පස අමුමිරිස් වගාවට සුදුසුයි. පසේ කැට තිබීම වගාවට අවහිරයකි. මේ නිසා හොඳින් පස් කැට පොඩි වූ බිමක් අමුමිරිස් වගාවට සුදුසුය. එකවර අමුමිරිස් පැළ පාත්තිවල නොසිටුවයි. මේ නිසා සිටුවීමට පෙර පැළ තවාන් දැමීම කළ යුතුය. තවාන් දැමීම කළ යුත්තේ ජීවාණුහරණය කළ පසුවය.

මීළ`ගට ඇති වන ප්‍රශ්නය නම් ජීවාණුහරණය කරන්නේ කෙසේ ද යන්නයි.

තවාන් කිරීමට පෙර පස මත පිඳුරු හා දහයියා දමා ගිනි තැබීමෙන් පසේ ඇති දිලීර විනාශ වේ. සතියක් ගත වීමෙන් පසු නිවෙසේදී සාදාගත් කාබනික පොහොර ස්වල්පයක් යෙදිය හැකිය. පස ස්වාභාවිකව ජීවාණුහරණය කිරීමට නම් හිරු එළියට හොඳින් නිරාවරණය කර තැබිය යුතුයි.

තවානෙන් උදුරාගත් පැළ ක්ෂේත්‍රයට යෙදීමේදී සෙ.මී. 10-15 අතර පරතරයක් ඇතිව ගැඹුර සෙ.මී. 1ක් පැළ අතර පරතරය සෙ.මී. 1 යොදමින් පැළ සිටුවන්න. හොඳින් බීජ ප්‍රරෝහණය සඳහා දිනපතා ජලය යොදන්න. බීජ පැළවීමට දින 8ක් 10 අතර ප්‍රමාණයක් ගත වේ.

අමු මිරිස් වගාවට සෑදෙන රෝග ගණනාවකි. මින් දියමලක්කෑම ප්‍රධානය. මේ රෝගය අමුමිරිස් වගාවට වැලඳුණු විට දක්නට ලැඛෙන රෝග ලක්ෂණ කීපයකි. පළමුවැන්න බීජ ප්‍රරෝහණය දුර්වල වීමයි. පාදවල පාදස්ථ කොටස් කළු පැහැ ගැන්වී කුණු වී කඩාවැටීම සිදු වේ. පාලනය කිරීම සඳහා අමුමිරිස් පාත්ති ජීවාණුහරණය කළ යුතුය.

ඇන්ත්‍රැක්නෝස් රෝගයද අමුමිරිස් වගාවට බහුලව වැල‍ඬෙන්නකි . පළමුව පැළයේ අග්‍රස්ථානයේ සිට රිකිලි දුර්වල වීමට පටන් ගනියි. මෙය ශාකය පුරා ව්‍යාප්ත වේ. කරල් අළු පාට හෝ දුඹුරු පාට වී, කරල් මත ලප ඇති වේ. පසුව මේවා විශාල වී ගිලී යයි. නිරෝගී බීජ සිටුවීම ම මීට විසඳුමයි.

වගාබිම පිරිසුදුව තබාගැනීමට අසමත් වුව හොත් ඇති වන තත්ත්වයකි කොළ පුල්ලි රෝගය. මේ නිසා පත්‍රවල රවුම් දුඹුරු පුල්ලි ඇති වේ. පසුව කහ පාට වී අකාලයේ කොළ හැලී යයි.

පාමුල කුණු වීමේ රෝගයද බහුලරෝගයකි. පස මට්ටමේ සිට ගස කුණු වීමට පටන් ගනියි. අවසානයේදී පත්‍ර කහපාට වී ගස මැරී යයි. අමුමිරිස් වගාවට බැක්ටීරියා නිසා බෝ වන රෝගයකි හිටුමැරීම. මේ නිසා ක්ෂණිකව ගස් මැලවීම සිදු වේ. මෙහිදී මුල් හා පාදස්ථ කොටස් කුණු වීම දැකිය හැකිය. දියුණු ජලවහන රටාවක් පවත්වා ගැනීම, බෝග මාරුවෙන් මාරුවට සිටුවීම, පසට හොඳින් හිරු එළිය සැලැස්වීම, රෝගී ශාක ක්ෂේත්‍රයෙන් ඉක්මනින් ඉවත් කිරීම ම`ගින් වගාව අරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

පැළ මැක්කා, කූඩිත්තා වැනි පළිබෝධයන් පත්‍රවල යුෂ උරා බීම නිසා කොළකොඩ වීම සිදුවේ. මෙවැනි ශාක පහත ලක්ෂණ අනුව හඳුනාගැනීමට හැකියාව ලැබේ• පත්‍ර උඩු අතට සහ යටි අතට හැකිළීම නිසා පත්‍ර රැලි වැටේ. පත්‍ර ඝනකමින් වැඩි වීම සහ කුඩා වීමත්, නාරටි පැහැදිලිව පෙනීමත් සෙසු කොටස් ළා පැහැ ගැන්වීමත් නිසා අමුමිරිස් පැළ කොළකොඩ වීමට ගොදුරු වී ඇති බව හඳුනාගත හැකිය. කියත් පණුවා, කරල් විදින පණුවා ම`ගින්ද අමුමිරිස් වගාවට හානි ඇති වේ. වගා බිම පිරිසුදුව තබාගැනීම ම`ගින් මේ සියලු අහිතකර ප්‍රතිඵල වගාවට පැමි”ම වළක්වාගත හැකිය.

මේ කරුණු කෙ‍රෙහි නිසි ලෙස අවධානය යොමු කරමින් ගෙවත්තේම සාර්ථක අමුමිරිස් වගාවක් සකස් කරගන්නට ඔබට හැකි වුවොත් ‍වෙළෙඳපළ මිල ගණන් ගැන සිතමින් නොතැවී නිවෙසේ අවශ්‍යතාවක් තමන්ම සපුරාගැනීමේ සතුට භුක්ති විඳින්නට ඔබටත් පුළුවන්`

ඇන්ත්‍රැක්නෝස් රෝගය සහ පාලනය (Anthracnose)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *