ගෙවතු වගාව

නිවසට යාබද ව පවුලේ විවිධ වූ සමාජීය,භෞතික, නිෂ්පාදන හා ආර්ථීක කාර්යයන්ට උරදෙන දෛනික ජීවන වටපිටාව ලෙස ගෙවත්ත සමාජ විද්‍යාත්මක ව නිර්වචනය කළ හැකි ය. එසේ ම සොබා දහමේ මූලධර්මයන්ට අනුව පවුලේ සාමාජිකයන්ගේ ජීවන වටපිටාව ලෙස ද ගෙවත්ත හඳුන්වා දිය හැකි ය.

ගෙවත්තක් වඩා සුවිශේෂී ව වැදගත් වනුයේ වසර පුරා ම පවුලේ පෝෂණය හා ආහාර සුරක්ෂිතතාව සපුරාලීමට ඉහළ හැකියාවක් ඇති වගා පරිසරයක් ලෙස ය. මෙයට හේතු වන්නේ, ඉඩකඩ, හිරු එළිය පස හා ජලය නම් වූ ස්වභාවික සම්පත් නො අඩුව එයට ලැඛෙන නිසා ය. මෙම ස්වාභාවික සම්පත්වල සීමාකාරී බව, තරගකාරී බව හා ආන්තික බව නිසා ගෙවතු පරිසරයක දී වා‚ජ වගාවක මෙන් විභව අස්වැන්නක් ලබා නොඳේ එනම් මේ හැම සාධකයක් ම ගෙවතු පරිසරයක දී පුර්ණ ලෙස නොලැඹේ ඒ අනුව බොහෝ විට ගෙවත්තකින් ලැඛෙනුයේ යැපුම් ප්‍රතිලාභ පම‚. එය තිරසාර බවකින් යුක්ත ය. එසේ ම ගෙවත්ත ගෙවතු ආදර්ශයකින් පැහැදලිව ම වෙනස් වේ. පාසල් ගෙවත්ත ගෙවතු ආදර්ශයක් සඳහා නිදසුනකි.
ගෙවත්තකින් ලැඛෙන ප්‍රතිලාභ
• පවුලකට ඍජුව ලැඛෙන ප්‍රතිලාභ
1.පවුලේ ප්‍රධාන නොවන විවිධ වූ පෝෂණ අවශ්‍යතා අඛණ්ඩ ව සැපයීම. උදා: ගෙවත්තකින් බත් හෝ පාන් ලබා නොදෙන මුත් අනෙකුත් විවිධ ආහාර අවශ්‍යතාසපයයි.

2.ප්‍රධාන ආහාර වේල් සඳහා ආදේශකයක් සැපයීම.මේ මගින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කරයි. උදා: කොස්, දෙල්, අල වර්ග.

3.අතිරික්ත නිෂ්පාදන අළෙවිය මගින්, ගෙවත්තෙන් ලබාගත නොහැකි අවශ්‍යතා සපුරාගැනීමට ආදායම් උපදවයි. උදා: සීනි, ලුණු.

4.පවුලේ හා ගෙවත්තේ නඩත්තුව සඳහා ආදායම් උපදවන වෙනත් කුඩා ව්‍යවසායයන් සඳහා සහාය වේ.උදා: මී මැසි පාලනය.

5.සුළු පරිමාණ නිමි ඇඳුම් කර්මාන්ත.

6.ගුණාත්මක බවින් යුතු (වස විෂ තොර) නැවුම්, පිරිසිදු, විශ්වසනීය බව තහවුරු කරන ලද ආහාර ලැබීම.

7.වෙළෙඳපොළ සඳහා ගත කරන කාලය හා වියදම් අවම කරගත හැකි වීම.
• සමාජ ප්‍රතිලාභ
1.ගෙවතු සංවර්ධනය කිරීම මගින් පෝෂŒය මෙන් ම ආර්ථීකව ද සමාජයක් දියුණුව කරා යොමු කිරීම. උදා: ජාතික මට්ටමේ වගා ව්‍යපෘති. ගුණාත්මක ආහාර ලැබීම නිසා නිරෝගී ජනතාවක් බිහි වීම. මෙය ආර්ථීක සංවර්ධනයේ සුභදායී සළකුණකි. —ගෙවත්ත˜ සමාජගත වනාන්තරයකි. ජෛව විවිධත්ව සංරක්ෂණයට දායක වේ. විවේක කාලය හරවත් දෙයක් වෙනුවෙන් යෙදවීමට සමාජය යොමු කරවීම. ගතට ව්‍යායාමත්, මනසට වින්දනයත් ලබාදෙමින් නිරෝගී ජනතාවක් බිහි වීම (උද්‍යාන චිකිත්සාව) . නිවෙස් අවට සිසිල්, අලංකාර, සුවදායී පරිසරයක් නිර්මාණය වීම. ගෙවතු කාර්යයන් හි නියැළීම එක අරමුණක සිත රඳවන බැවින් මානසික සංවර්ධනයෙන් ඉහළ ජනතාවක් බිහි කිරීම. සාර්ථක ගෙවතු, පරපුරෙන් පරපුරට හා අසල්වැසියන්ට කෘෂිකාර්මික දැනුම ලබා දෙයි. සැලසුම් සහගත ගෙවත්තක් කලාත්මක නිර්මාණයකි. බෝග ඇසුරින් භූමි අලංකරණයට පිවිසුමකි. (පාරිභෝජනය සඳහා උද්‍යාන අලංකරණය – ෑාසඉකැ ක්බාිජ්චසබට)

විධිමත් ගෙවත්තක ලක්ෂණ
1. හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක්, අඛණ්ඩ නිෂ්පාදනයක් උදෙසා, ස්වභාවික සම්පත්උපරිම පරිහරණයක් සඳහා සැලසුම් සහගත වූ, පුළුල් පරාසයක ජෛව විවිධත්වයක් පවතින සමතුලිත පරිසර ඒකකයකි. මේ නිසා ම විවිධ අස්වනු අඛණ්ඩ ව ලබා දෙයි. එසේ ම සැලසුම් සහගත ගෙවත්තක් කෘෂි වන වගාවක ආකෘතියක් දරයි.
2. සාර්ථක ගෙවත්තක් සියලූ‍ ගෙවතු උපාංග සමෝධානික ව එකිනෙක සහජීවන පද්ධතියක් ලෙස ක්‍රියා කරයි. උදා: බෝග වගාව, සත්ත්ව පාලනය, මල් වගාව, මී මැසි පාලනය
3. සරල හා අවම තාක්ෂණ යෙදවුම් මගින් වැඩි නිෂ්පාදනයක් ලැබීම. උදා: විවිධ වගා රටාවක් පවතින නිසා (විවිධ ගැබ්ඹුරට විහිදෙන මූල පද්ධතීන්) ඒ මගින් සම්පත් කාර්යක්ෂම ව භාවිතය සිදු වේ.
4. පවුලේ කාලය හා ශ්‍රමය, සමාජීය හා ආර්ථීක කාර්යයන් හා නොගැටෙන ලෙස සැලසුම් වීම.
5. සීමිත නිෂ්පාදන සාධක අඩංගු පරිසරයකට මනාව හැඩ ගැසුණු දේශීය බෝග තහවුරු වී තිබීම.
6. පාරිසරික හා ජෛව විවිධත්වය නිසා රෝග පාලනය ස්වභාවික ව සිදු වීම.

ගෙවත්තක සැලසුම ගෙවත්ත කාලය හා ඉඩකඩ අතර අන්තර්ක්‍රියාවක් නිරන්තරයෙන් සිදුවන පරිසරයකි. එසේ ම පරිසරය, දේශගුණය, සමාජීය පසුබිම (නාගරීකරණය, ජීවන මට්ටම හා රැකියාව) පවතින ඉඩකඩ, වගා රටා වැනි සාධක අනුව ගෙවතු එකින් එක වෙනස් වේ. මේ නිසා ගෙවත්තකට පොදු සැලැස්මක් ඉදිරිපත් කිරිම අපහසු ය.
ගෙවතු
1. ග්‍රාමීය ගෙවත්ත – සම්ප්‍රදායික ගෙවත්ත මෙහි තිරස් වගාව ප්‍රමුඛ ය.
2. නාගරික ගෙවත්ත සිරස් වගාව ප්‍රමුඛ ය.
3. අර්ධ නාගරික ගෙවත්ත
ගෙවතු ආකාරය කුමක් වුවද, භූමිය, ජලය, ඉඩකඩ, පස හා හිරු එළිය වැනි සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වනසේ සරල තාක්ෂණය යොදාගෙන නිර්මාණශීලී ව ගෙවත්තක් සැලසුම් කළ යුතු ය. ගෙවත්ත සඳහා මූලික සැලැස්ම ඕනෑම ගෙවත්තක විවිධ වූ කාර්යයන්ගෙන් යුතු පැහැදිලි වටපිටාවන් තුනකි.
1. සමාජීය වටපිටාව – මිදුල
2. උපයෝගිතා වටපිටාව – මුළුතැන්ගෙය අවට ප්‍රදේශය
3. නිෂ්පාදන වටපිටාව – වගාව පවතින ප්‍රදේශය

මෙම වටපිටාවන් හා ඒවායේ කාර්යයන් සෑම ගෙවත්තක දීම එකිනෙකට අති පිහිත ව පවතී. එනම් අවශ්‍යතාවන් ඉටුකර ගැනීමේ දී සුදුසු පරිදි මෙම වටපිටාවන් ප‍්‍රයෝජනයට ගැනීම සිදු කළ හැකි ය.

දේශීය ගොවිතැන හා කෘෂි රසායන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *