පිපිඤ්ඤා වැලක් කුඩා ඉඩක ලස්සනට වවමු.

තෙත් කලාපයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේදී ද වගාකළ හැකිය. මෙම භෝගය මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වූ ප්රදේශ දක්වා වගාකළ හැකිය. උෂ්ණ පරිසර තත්ත්ව ප්රිය කරන භෝගයකි. භෝගයේ වර්ධනය සාර්ථක වීම සඳහා පැවතිය යුතු ප්රශස්ථ උෂ්ණත්වය සෙන්ටිග්රේඩ් අංශක 30 ක් පමණ වේ.

කාබනික ද්රව්ය මැනවින් අඩංගු හොඳින් ජලවහනය වන පස වගාව සඳහා වඩා සුදුසුය. සුදුසු පී.එච්. අගය 5.5-7.5 වේ.

බිම සිටුවනවානම් වල්පැළ ඉවත්කර සෙන්ටිමීටර් 30x30x30 ප්රමාණයේ වළවල් නියමිත පරතරයට සකසන්න.තනි වගාවක් සඳහා මීටර් 1 x මීටර් 1 පරතරය ප්රමාණවත්ය.

බදුනක සිටුවන විටදී ප්රමාණවත් තරම් විශාල බදුනක් යොදා මෙලෙසම වගා කරන්න. එහිදී තමන්ගේ කැමැත්ත අනුව අලංකාර ආධාරකයක් නිර්මාණය කර ගන්න.ජායාරූප වලින් අදහසක් ලබා ගන්න.

දිරාපත් වූ කාබනික පොහොර කිලෝ ග්රෑම් 3 ක් පමණ, මතුපිට පස් සමඟ කළවම් කර වළවල් පුරවා ගන්න. පොළව මට්ටමේ සිට සෙන්ටිමීටර් 10 ක් පමණ උසට සිටින සේ මෙම මිශ්රණයෙන්ම වළවල් මුදුන්කර ගන්න. බීජ සිටුවන්න.

පැළ තුනී කිරීම
බීජ සිටුවා සති 2 කදී සිදුකරයි. මෙහිදී එක වළක නිරෝගී සරුවට වැඩුනු පැළ 2 ක් පමණක් ඉතිරිවන ලෙස වැඩි පැළ ගලවා දමන්න.

බීජ පැල මතු වී සති 4න් සති 8න් කාබනික පොහොර එක් කරගන්න.

භෝගයට අනවශ්ය පරිදි ජලය සැපයීම සුදුසු නැත. පසෙහි තෙතමනය වැඩි වූ විට වැල් හා ගෙඩි කුණුවී යා හැකිය. වැල පාමුලට අතින් ජලය ලබාදීම ජලය ලබාදී සෙමින් පසට උරාගැනීමට සැලැස්වීම හෝ කරන්න. වගාවේ පිදුරු වැනි වසුනක් යෙදීමෙන් පස වියළීයාම අඩුකර ගත හැකිය.

පරාගනය
මල් පරාගනය වන්නේ ප්රධාන වශයෙන් මී මැස්සන් සහ අනෙකුත් කෘමි සතුන් මඟිනි. ගෙඩි හටගන්නා මල් ඇතිවන්නේ පිරිමි මල් හටගැනීම ආරම්භ වූවාට පසුවය. වැඩි උෂ්ණත්වය සහ දිගු දිවාකාල පැවතීම මඟින් ගෙඩි හටගන්නා මල් ඇතිවීම ප්රමාද කරයි.

වල් පැළ පාලනය
බෝගය විසින් පොළව ආවරණය කර වැඩෙන තෙක් වගාවේ වල් පැළ පාලනය කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න. පිදුරු හෝ වියළි තණකොළ වැනි වසුන් යෙදීමෙන් ද වල් පැළවල වර්ධනය පාලනය කරගත හැකිය.

පලිබෝධ හා රෝග පාලනය සදහා කාබනික පරිසර හිතකාමී ක්රම භාවිතා කරන්න.

https://ceylonseeds.com/organic-liquid-fertilizer/

ගෙඩි කහ පැහැවී ඇතිවිට නෙලාගන්න. පිහියක් වැනි ආයුධයකින් ගෙඩියේ නටුව කපාගන්න. වැල්වල පාර්ශ්වික ශාඛා සියල්ල වැඩීමට ඉඩ හැරියවිට හටගන්නා ගෙඩි, ප්රමාණයෙන් කුඩාවේ. අස්වනු නෙළන වාර ගණන වැඩිකළ විට වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

ගෙවත්තේ ගෝවා වවමු.

ගෙදර පෝච්චියේ බෝංචි වවමු.

One thought on “පිපිඤ්ඤා වැලක් කුඩා ඉඩක ලස්සනට වවමු.

  1. Pingback: එළවලු අස්වැන්න නෙලාගැනීමට සුදුසු අවස්ථාව තෝරා ගැනීම – Ceylon Seeds

Leave a Reply

Your email address will not be published. Required fields are marked *