වැටකොලු

උද්භිත විද්‍
යාත්මක නාමය
ලුප්ෆාඇකියුටැන්ගියුලා (Luffaacutangula)
කුලය   කුකර්බිටේසි
නිර්දේශිත ප්‍රභේද ·        LA 33

  •  අඳුරු තද කොළ පැහැති දිගටි කරල් හටගන්නා ප්‍රභේදයකි.
  • පළමු අස්වැන්න දින 60-70 කදී ලබාගත හැක. අස්වැන්න හෙක්ටයාරයට ටොන් 20 කි.

·        ආසිරි

  •  සෙන්ටිමීටර් 30 පමණ දිගකින් යුත් කොළ පැහැති කරල් හටගනී.
  •  පළමු අස්වැන්න දින 60 – 70 දී ලබාගත හැක.
  •  හෙක්ටයාරයකට ටොන් 8 පමණ සාමාන්‍ය අස්වැන්නක් ලබාගත හැකිය.

·        ගන්නොරුව ආරි

  •   සිටුවා දින 30 කින් පමණ මල් පිපීම ආරම්භ වේ.
  •   පළමු අස්වැන්න දින 45 කදී නෙලාගත හැක.
  •   දිගටි, ලාකොළ පැහැති කරල් හටගනී. දින 90 ක් පමණ අස්වැන්න ලබාගත හැක.
  •   අස්වැන්න හෙක්ටයාරයට ටොන් 30 කි.
දේශගුණික අවශ්‍යතා ·        උෂ්ණ දේශගුණික තත්ත්ව ප්‍රියකරන බෝගයකි. 

·         මුහුදු මට්ටමේ සිට මීටර් 500ක් පමණ උස් වූ ප්‍රදේශ දක්වා සාර්ථකව වැටකොළු වගාකළ හැකිය.

·        තද වර්ෂාව සහිත කාලගුණික තත්ත්ව වගාවට හිතකර නොවේ.

වගා කාලය ·        තෙත් කලාපයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේදී ද ප්‍රධාන වශයෙන් වැටකොළු වගාකෙරේ.

·        යල් කන්නයේ ජල සම්පාදනය යටතේ වියළි කලාපීය ප්‍රදේශවල මෙම බෝගය සාර්ථකව වගාකළ හැකිය.

·        කෙසේ වුවද තද වර්ෂාව සහිත කාලගුණික තත්ත්ව පවතින කාල සීමාවන් මඟහරවා වගාකළ යුතුය.

 

පස ·        ඉතා හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි ලෝම් පසක් වගාවට වඩා සුදුසුය.

·        පසෙහි පී.එච්. අගය 5.5 – 7.5 පමණ වීම යෝග්‍ය වේ.

බිම් සැකසීම ·        සෙන්ටිමීටර් 30 ක් පමණ ගැඹුරට බිම පෙරළා කැට පොඩි කර ගන්න.

·        වළවල් නියමිත පරතරයට සකසා ගන්න. 

·        වගාව තුළ අනවශ්‍ය පරිදි ජලය රඳා සිටීම වළකා ගැනීම සඳහා ගැඹුරු කානු කිහිපයක්ද සකස් කර ගන්න.

බීජ අවශ්‍යතාවය ·        හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 3
රෝග හා පළිබෝධ හානි ·        කෘමි පාලනය

  •   ඉල් මැස්සා
    ඉල් මැස්සාගේ කීටයින් විසින් වැටකොළු කරල තුළ සිදුකරන හානිය නිසා කරල් කුණුවී යයි. මෙම හානිය වලකා ගැනීමට කෘමිනාශක යෙදීම අත්‍යාවශ්‍ය නොවේ. සෙන්ටිමීටර් 15 පළල හා සෙන්ටිමීටර් 40 පමණ දිග දෙපැත්තෙන්ම විවෘත වූ පොලිතීන් කැබලිවලින් ලපටි කරල් ආවරණය කරන්න. මෙම පොලිතීන් කැබලි ගෝනි ලණු වලින් නටුවට හෝ වැලට ගැටගසන්න. එමඟින් ඵල ආරක්ෂා වේ.
  •   අවුලකපෝරා කෘමිය

භෝගයේ පත්‍ර වලට හා මුල් වලට හානි කරයි. හොඳින් බිම් සැකසීම, පස හිරුඑළියට නිරාවරණය කිරීම මඟින් කෘමි ගහණය අඩු කර ගත හැකිය. හානිය මුල් අවස්ථාවේදීම පාලනය කළ යුතුයි. මේ සඳහා නිර්දේශිත කෘමිනාශකයක් යොදන්න.

.

 

·        රෝග පාලනය

  •   පසෙහි දිගු කාලයක් ජලය රදා පැවතුනහොත් පාමුල ප්‍රදේශය දිලීර වර්ග නිසා කුණු වීමකට භාජනය විය හැකිය.
  •   පසෙහි ජලවහනය දියුණු කිරීම මඟින් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකිය. 
ඖෂධීය ගුණ ·        අස්ථී ශක්තිමත් කරයි

උපුටා ගැනීම – https://doa.gov.lk

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *