කරදරකාරී පිටි මකුණා මර්ධනය

කරදරකාරී පිටි මකුණා මර්ධනයට ස්වභාවික ක්රමයක්…

🔹ඉඟුරු, සුදුලූනු, අමු හෝ ඉදුණු මිරිස්‌ මේ සදහා යොදා ගනී.

🔹2:2:1 ට අනුපාතය ලෙස ගෙන, එනම් ඉඟුරු හා සුදුලූනු ග්රෑම් 100 බැගින් ගන්නේ නම්, ඊට අමු හෝ ඉදුණු මිරිස්‌ ග්රෑම් 50ක්‌ ද කළවම් කර හොඳින් අඹරා පෙරාගත් දියරය මිලිමීටර් 300 ක්‌ ජලය ලීටර් 10 කට මිශ්ර කර ඉසීමයි.

🔹 මෙම දියර මිශ්රණය පිටි මකුණන් යහමින් ගැවසෙන බෝගවල පත්ර යටි පැත්තට දැවටෙන සේ දින පහෙන් පහට ස්‌ප්රේ කිරීමෙන් පහසුවෙන් පිටි මකුණා මර්දනය වන බව සොයා ගෙන ඇත.

(මෙම ක්රමය මැලේසියාවේ පිනෑන් පළාතේ කාබනික ගොවිතැන පිළිබඳ විශේෂ වැඩමුළුවකදී ඉදිරිපත් කල සාර්ථක ක්රමයකි. මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ “කැප්” CAP – Consumer Association of Penang නම් සංවිධානය මගිනි. )

👉පිටි මකුණා ගැන වැඩි යමක්,

✳️කෘමියා හඳුනා ගැනීම.

▪️මූලිකවම දැනගත හැකි වන්නේ පතරවල පිටිපස හා නටුවේ මුල් කොටසේත්, ගෙඩිවල මතුපිට පෘෂ්ඨයේත් සුදු පැහැයෙන් යුත් පවුඩර් (පුයර) විසිරී ඇති ආකාරයෙන් දිස්වීම මගිනුයි.

▪️ගැහැනු සතා බිත්තරයක (Oval Shape) හැඩය ගන්නා අතර, ශරීරය ළා කහ පැහැතිය, දිග මි. මී. 2 – 3 පමණ වේ.

▪️ශරීරයේ මතුපිට පෘෂ්ඨයේ හරස් අතට වැටුණු ඉරි මෙන් පිහිටි ඉටි ස්ථර පිටි මෙන් දක්නට ලැබේ. ශරීරය වටා ඉටිවලින් සෑදුණු කෙටි කෙඳි දක්නට ලැබේ.

▪️වැඩුනු ගැහැනු සතුන්ගේ පමණක් උදරය පරදේශයේ ශරීර පරමාණය මෙන් දෙතුන් ගුණයක් විශාල කහ පැහැති පුළුන් රොදක් වැනි බිත්තර පැසක් දක්නට ලැබේ.

▪️එහි බිත්තර 100 – 600 ත් අතර පරමාණයක් තැන්පත් වී තිබේ.

▪️බිත්තරවලින් පිටවන කුඩා පැටවුන් (ශිෂූවන්) ආහාර ගැනීමට සුදුසු ස්ථාන සොයා එහා මෙහා ඇවිදින අතර, ආහාර ගැනීම ආරම්භ කළ පසුව බොහෝ දුරට නිශ්චලව එක තැන රැදී සිටී.

▪️මසක් වැනි කාලයක් ඇතුළත මෙම කුඩාම ශිෂුවන් කරමයෙන් වැඩුනු සතුන් බවට පත්වේ.

▪️වර්ධනය වීමත් සමඟ ශරීර පරමාණය මිස වෙනත් වෙනසක් දක්නට නොලැබෙන නමුත්, ශරීරය මත ඉටි වැනි ද්රවයක් ශරාවය කර ගනී. පිරිමි සතුන්ගේ පමණක් අවසාන අවස්ථාවේ පිහාටු වැඩෙන අතර පියඹා යා හැකි වේ.

✳️හානි සිදුකරන ශාක වර්ග හා හානියේ ස්වභාවය

▪️පිටි මකුණාගෙන් විශාල ලෙස හානි සිදුවන ශාක ලෙස මඤ්ඤොක්කා, පැපොල්, අරලිය යනා දී ශාක වර්ග ද ඊට අමතරව තක්කාලි, වම්බටු, බණ්ඩක්කා යන කෘෂි භෝග ද මල් වර්ගවලට ද අඹ, කෙසෙල්, තවත් පැළෑටි රාශියකට ද මෙම කෘමියාගෙන් තර්ජන එල්ලවී තිබේ.

▪️පිටිමකුණා ශාකයේ යුෂ උරා බොන අතර, මෙහිදී යම් විෂක් ශාකයට ද ඇතුල් වේ. මේ නිසා පතර කහ පැහැ ගැන්වේ , ළපටි පතර විකෘති වේ.

▪️පැළෑටි කුරු වන අතර, ශාක පතර හා ඵල මත කළු පුස් ඇතිවී අවසානයේ ශාකය මිය යයි.

▪️ඊට අමතරව මෙම කෘමියා පිට කරන බහිසරාවිය ද්රාවණය මත කළු පුස් වර්ධනයක් ද දැකිය හැකිය. පිටි මකුණා විසින් ශරාවය කරනු ලබන පිටි වැනි ඉටි විශේෂය තැන්පත් වීම නිසාත් කෘමියා ඇලී සිටීම නිසාත්, ගුණාත්මක බව අඩුවීම නිසාත් බොහෝ ආහාර ද්රව්ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ.

✳️කෘමියා පැතිරී යන ආකාරය

▪️සුළඟ මගින් – මූලික වශයෙන් සුළඟ මගින් පැතිරීම සිදු වෙයි. කෘමීන් ආසාදිත පතර සුළඟට ගසාගෙන යාම මගින් විශාල පරදේශයක් පුරා ශීඝරයෙන් කෘමියා පැතිර යාමේ ඉහළ අවධානමක් පවතී.

▪️පක්ෂීන් මගින් – ආසාදිත ශාක මත ලැගුම් ගන්නා පක්ෂීන් මත සුහුඹුලන් හා බිත්තර තැවරීමෙන් බෝ වීම පහසුවෙන් සිදුවෙයි.

▪️කූඹින් මගින් – පිටි මකුණා අපද්රව්ය ලෙස බැහැර කරන සීනි අඩංගු ද්රාවණය වෙත ඇදෙන කුහුඹූවන් මගින් ද පැතිරීම සිදුවේ.

▪️මිනිස් කිරයාකාරකම් මගින් – කෘමීන් සහිත ශාක කොටස් තැන තැන දැමීමෙන් ද පිටි මකුණාගේ ව්යාප්තිය වර්ධනය වීමට හේතුවේ.

✳️කෘමියා පාලනය කරන්නේ කෙසේද?

▪️පිටිමකුණු උවදුර පැතිරී ඇත්නම් වැඩි අවධානය යොමු විය යුත්තේ කෘමියා පාලනය කිරීම සඳහායි.

▪️රධාන වශයෙන් කෘමීන් ඇති ශාක කපා ගිනි තබා පුළුස්සා දැමීම වඩාත් පරතිඵලදායකය.

▪️කැපූ ශාක කොටස් තැන තැන දැමීම හෝ කසළ ඉවත් කරන ටරැක්ටර්වලින් පරවාහනය හෝ සිදු නොකළ යුතුය.

▪️එමෙන්ම සාමාන්ය වශයෙන් ආසාදිත ශාක සබන් මිශර ජලය වේගයෙන් විදීමෙන් වරින් වර සෝදා හරින්න.
ඒ සඳහා හෝස් බටයක් හෝ අත් ඉසිනයක් (hand spray) භාවිත කළ හැකිය.

▪️වාණිජ වටිනාකමක් නොමැති හෝ ආහාරයට නොගන්නා ශාක වර්ග, මල් හා විසිතුරු පතිරකා සහිත ශාක සඳහා සබන් කුඩු තේ හැඳි 2 ක් භූමිතෙල් තේ හැන්දක් සමඟ ජලය ලීටරයක් දියකර අත් ඉසිනයකින්
(hand spray) ආසාදිත ශාක කොටස් තෙමෙන සේ වරින් වර ඉසීමෙන් උවදුර පාලනය කරගත හැකිය.

▪️ වළක්වාගත නොහැකි මට්ටමේ දී ශාකය ඉවත් කර පුළුස්සා දැමීමෙන් ද කෘමියා පැතිරීම පාලනය කළ හැකිය.

▪️ඊට අමතරව ශාක කඳ වටේ ගම් ටේප්, ගීරස් තැවරූ පොලිතින් පටි වැනි දෙයක් එතීමෙන් කඳ දිගේ ඉහලට ගමන් කරන කුඩා පිටි මකුණන් පාලනය කළ හැකිය. මේ කරමය ඇතැම් ගොවීන් දැනටමත් සිදු කර සාර්ථක පරතිඵල ලබා ඇත.

▪️වෙනත් රටවල මෙවැනි කෘමීන් පාලනය සඳහා ස්වභාවික උපකරම යොදා ගනී. එනම් ඔවුන්ගේ ස්වභාවික සතුරන් වන පරපෝෂිත හෝ විලෝපිත කෘමීන් ඔවුන්ගේ ස්වභාවික නිජ බිම වන රටවලින් ගෙන්වා පර්යේෂණාගාරවල බෝ කර පරිසරයට මුදා හැරීමයි.

▪️ශීර ලංකාවේ ද පිටි මකුණාගේ ව්යාප්තිය ඉතා ශීඝර වශයෙන් සිදු වෙමින් පවතින නිසා එය ජෛව විද්යාත්මකව පාලනය කිරීමට පියවර ගෙන ඇත. මන්ද කෘමිනාශක භාවිතය තුළින් වන අතුරු බලපෑම් මේ මගින් පාලනය කළ හැකි නිසාවෙනි.

▪️ඇසිරෝපේගස් පැපායා (Acerophagus papaya) නම් මෙම විලෝපිතයා මීට පෙර ද පිටි මකුණු උවදුර උත්සන්න වූ රටවල පතුරුවා සාර්ථක පරතිඵල ලබාගෙන ඇති බව වාර්තාවේ.

මේ පණිවුඩය පිටි මකුණු උවදුරෙන් පීඩා විඳි හැමදෙනාම අස්වැසිල්ලක් වනු ඇත.

ස්තූතිය සහ උපුටා ගැනීම – Facebook

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *