ගෙවතු වගාවට කෘමිනාශක ගහන්න එපා

ඔබේ ගෙවත්තේ ඔබ අතින් පැළ වුණු ගසක පල නෙළා ගන්න හැකි නම් එය සිතට ගෙන දෙන්නේ මහත් සුවයක්. නමුත් වගාවට හානි කරන කෘමීන්ගෙන් ඔබේ වගාව රැක ගැනීමට ඔබ වෙහෙසෙන බව නම් සැබෑවක්. මේ නිසා විස ද්‍රව්‍යයන්ගෙන් තොර කෘමි විකර්ෂණ දියර භාවිත කරමින් රසවත් පල නෙළා ගන්න කැමැති ඔබට මෙය කදිම අවස්ථාවක් වේ.

අපි වගා සඳහා හානි කරන කෘමි සතුන් ඉවත් කිරීමට විවිධ පළිබෝධ වර්ග භාවිත කරන්නෙමු. කෘත්‍රිම පළිබෝධ පිළිබඳ නම් අප කොතෙකුත් අසා ඇත. නමුත් මෙහිදී අප කතා කරන්නේ ස්වාභාවික ද්‍රව්‍යන්ගෙන් නිපදවන අපට සිරුරට අහිතකර නොවන පළිබෝධ ද්‍රව්‍යයන් පිළිබ¼දයි.

කෙසේ වෙතත් මෙම පළිබෝධ මඟින් සිදු වන්නේ කෘමි සතුන් විකර්ෂණය කිරීමකි. එනම් එම ශාකයේ එම සත්ත්වයාට සිටීමට නොහැකි වන තත්ත්වයක් නිර්මාණය කිරීමය. එලෙස සාදන කාබනික සංයෝග මඟින් එම සත්ත්වයාට එය අප්‍රිය කරවයි.

වගාවන්ට හානි කරන කෘමීන්ගෙන් එය ආරක්ෂා කර ගැනීමට අප කෘමිනාශක බහුලව භාවිත කරන බව නම් සැබෑවකි. නමුත් ගෙවත්තේ වවන වගාවලට මෙලෙස අනිසි ලෙස කෘත්‍රිම පළිබෝධ භාවිත කිරීමට අවශ්‍ය නැත. ඒ සඳහා සරල පළිබෝධ විකර්ෂණ කිහිපයක් තිබීම පමණක් සෑහේ. මුලින්ම ඔබේ නිවෙසේ සිටින අයගේ පරිභෝජනයට සරිලන ප්‍රමාණයට පමණක් එහි පලදාව බලාපොරොත්තුවන්න.

කෘත්‍රිම රසායන භාවිතය

උඩරට ප්‍රදේශවල වවන බෝංචිවලට වගා බිමේදී පමණක් නොව ගෝනිවලට අසුරන විටදී පවා කෘමි නාශකය භාවිත කරයි. මෙය ප්‍රබලම කෘමි නාශකයක් වන අතර බෝංචි කරල් අතර මෙය රැඳී පවතියි. මෙවැනි විස ද්‍රව්‍ය ශරීර ගත වීම නිසා පිළිකා රෝගයේ අවදානමද අද සුලබව දැක ගත හැකිය. එපමණක්ද නොව අප ආහාරයට ගන්නා පලා වර්ගවල මෙම විස ද්‍රව්‍ය තැන්පත්ව ඇත. මෙනිසා ඔබ නිවෙසට ගෙනෙන එළවළුවක පණුවකු සිටීනම් හෝ ඔවුන් කා දැමූ බවට සලකුණක් තිබේ නම් එය සතුටට කාරණයකි. මන්ද එයින් කියැවෙන්නේ එම එළවළු විස ද්‍රව්‍යයන්ගෙන් තොර බැවිනි.

එලෙස ඔබේ වගාවට භාවිත කළ හැකි ස්වාභාවික කෘමි විකර්ෂණ දියර කිහිපයක්ම ඔබට ඔබේ නිවෙසේදීම මේ ආකාරයට සාදා ගත හැකිය.

කොහොඹ ඇට දියරය

කොහොඹ ඇට 100ක් 200ක් පමණ ගෙන එයට ජලය දමාගන්න. මෙම මිශ්‍රනය දිනක් පමණ තබා පෙරා ගනිමින් දියරයක් (ඉනපචර) ආකාරයෙන් ඔබේ වගාවට ඉසීමට පුළුවන. මෙම මිශ්‍රණයට වතුර ගැලූ‍ම් ලීටර් 4කට කොහොඹ ඇට 100 – 200ක ප්‍රමාණයක් ගෙන මෙම දියර සදාගත හැක. මෙය ප්‍රබලම පළිබෝධ නාශක දියරයකි.

• අද වන විට මෙම දියර වෙළඳපෙලෙන් වුවද මිලදී ගැනීමට හැකියාව ඇත.

සුදු ලුනු දියරය

සුදු ලුනු ග්‍රෑම් 200කට වතුර කෝප්ප 2ක් පමණ මිශ්‍ර කර ගනිමින් මෙම දියරය සාදා ගන්න. සුදු ලුනු හොඳින් කොටා ගනිමින් ජලය සමඟ මුසු කර ගත් මෙම මිශ්‍රනයට ඔබට අවශ්‍ය නම් ගම්මිරිස් වුවද එක් කර ගැනීමට පුළුවන.

මෙහි සැර ගන්ධයක් පවතින නිසා කෘමින් එයට ළං නොවේ. මෙලෙස සාදා ගත් දියරද ඔබේ වගාවට ඉස ගත හැකිය.

කොච්චි මඟින් සාදාගත් දියරය

කොච්චි කරල් කිහිපයක් ගෙන ග්‍රයින්ඩරයේ හොඳින් කොටා ගනිමින් එය පෙරා ගන්න. එම මිශ්‍රණයේ අ~ු කෝප්ප 1/2කට තවත් වතුර කෝප්ප 4ක් පමණ මිශ්‍ර කර මෙම දියරය සාදා ගන්න.

මෙම දියර භාවිතය

මේ ආකාරයට සාදාගත් දියරය පල දැරීමට පෙර මෙන්ම පල දැරූ පසුවත් ඉසීමට පුළුවන. මෙම දියරය සාදා ඔබට මාසයක පමණ කාලයක් තබා ගැනීමට වුවද හැකියි. නමුත් මෙහි සැර ගතිය කල් යෑමේදී තරමක් අඩු වන්නේ නම් ඔබට අවශ්‍ය පමණට තරමක් සාදා ගෙන ඉසීමට වුවද හැකිය.

හානි කරන කෘමීන්

එළවළු හා පලතුරුවලට හානි කරන කෘමින් අතර පලතුරු මැස්සා, ඉල්මැස්සා හා එපිලැක්කා ප්‍රධාන වේ. ඉල් මැස්සා සාමාන්‍යයෙන් පියඹා යන්නේ පොළොවට සමාන්තරව කෙළින්ය. එම නිසා එවන් කෘමි උවදුරු වළක්වා ගැනීමට වැටකොළු හා පතෝල ඉටි කවරයකින් ආවරණය කර තිබීමත් සෑහේ. එම නිසා මෙම වගාවට පළිබෝධ භාවිතය අවශ්‍යම නැත. එකල ගැමියන් තම වගාව ආවරණයට පොල් අතු යොදා ගත්තේද මේ අයුරින් කෘමි උවදුරු වළක්වා ගැනීමටය. එපිලැක්කා යන කෘමියා නම් අතින් අල්ලා වුවද ඉවත් කළ හැකිය. මෙලෙස සාම්ප්‍රදායික සරල ක්‍රම භාවිත කරමින්ම ඔබේ ගෙවත්තේ පලදාව නැවුම් පෝෂŒය අයුරින් ලබා ගැනීමට හැකියාව ඇත.

 

දෙහි අස්වනු නාස්තියට සාර්ථක පිළියම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *