රෝග හා පළිබෝධ පාලනය

රෝග හා පළිබෝධ පාලනය

රෝග

  • ශාක කුරුවීම, පත්‍ර හැකිලී යාම, පත්‍ර ලප සෑදී හෝ සිදුරු වී තිබීම, ශාකයේ කොටසක් හෝ මුළු ශාකයම මැලවී යාම, මල්වල හැඩය, පැහැය වෙනස් වීම වැනි ඕනෑම තත්ත්වයක්ඇති විට එම ශාක රෝගී ශාක ලෙස හැඳින්වෙනවා.
  • මෙම රෝගී තත්ත්ව ප්‍රධාන වශයෙන්ම දිලීර, බැක්ටීරියා, වෛරස්, මයිටාවන්, කෘමීන්, වටපණුවන් ආදී සතුන් නිසා මෙන්ම ජල සැපයුම අහිතකර වීම, බෝග වල පෝෂක ඌනතා හා පසේ අහිතකර තත්ත්ව නිසා ඇතිවිය හැකියි.

දිලීර


  • පත්‍ර වල පුස් සෑදීම, පත්‍ර ලප, කුණුවීම්, මැලවීම් සහ මලකඩ රෝග දක්නට ලැබේ නම් දිලීර රෝගයක් වැළඳී ඇති බව අපට අනුමානය කළ හැකියි.

බැක්ටීරියා

  • පත්‍ර ලප, ශාක කොටස් වල දුර්ගන්ධයෙන් යුතු කුණුවීම් ඇතිවිට බැක්ටීරියා රෝග ලෙස අනුමාන කළ හැකියි. සමහරවිට ශාක මැලවෙනවා.
  • හානි වූ කඳ කොටසක් කපා පිරිසිදු වතුර වීදුරුවකට දාන්න.
  • බැක්ටීරියා සහිත තරලය ජලය තුළට ගලා කිරි සුදු පැහැයක් දැකගත හැකියි.
  • මෙමඟින් බැක්ටීරියා හිටුමැරීම දිලීර හිටුමැරීමෙන් වෙන්කර ගැනීමට හැකි වෙනවා.

වෛරස්

  • පත්‍ර රැලි වැටීම, විකෘති වීම, පැල්ලම් ඇතිවීම, පත්‍ර නාරටි පැහැදිලි වීම, කහ කොළ පාට විචිත්‍ර ඇතිවීම දක්නට ලැබේ නම් වෛරස් රෝගයන් බව අනුමාන කළ හැකියි.

පළිබෝධ

  • වගා කරන බෝග වලට, ඇති කරන සතුන්ට හෝ මිනිසාගේ අනෙකුත් සම්පත් වලට හානි පමුණුවන ඕනෑම ජීවියෙක් පළිබෝධකයෙකු ලෙස හැඳින්වෙනවා.
  • පළිබෝධකයින් සිදුකරන හානිය අනුව බෙදා දක්වන්න පුළුවන්.

සපා කෑම



– දළඹුවන්

– ගොළුඛෙල්ලන්

– හංගොල්ලන්

– පලාපෙත්තන්

– පතංගයන්

විදීම හා යුෂ උරාබීම

– කූඩිත්තන්

– සුදු මැස්සන්

– පිටි මකුණන්

– කොරපොතු කෘමීන්

– මකුණන්

– කීඩෑවන්

– මයිටාවන්

  • ගෙවත්තක රෝග හා පළිබෝධ හානි එතරම් ප්‍රබලව දකින්න ලැබෙන්නෙ නැහැ
  • ඊට හේතුව ගෙවත්ත බෝග වර්ග රාශියකින් සමන්විත පුළුල් ජෛව විවිධත්වයකින් යුතු සමතුලිත පරිසර පද්ධතියක් වීමයි.
  • මෙවැනි පරිසර පද්ධතියක කෘමි හා රෝග උවදුරු හානිදායක මට්ටමට පැතිරයාමේ හැකියාව ඉතා අඩුයි.

මෙහි දක්වා ඇති ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ ගෙවත්තට ඇතිවිය හැකි රෝග හා පළිබෝධ ගැටළු අවම කර ගැනීමට උත්සාහ කරන්න.

 

හිතකර වගා ක්රබම මඟින් ගැටළු මඟහැරීම

. ප්‍රදේශයට හා කන්නයට සුදුසු බෝග තෝරන්න.

  • තමන් ජීවත්වන ප්‍රදේශයේ දේශගුණික තත්ත්ව වලට හා පාංශු තත්ත්ව වලටත්නියමිත කන්නය අනුවත් සුදුසුවන බෝග තෝරා වගා කිරීම කළ යුතුයි.
  • සුදුසු තත්ත්ව යටතේ බෝග හොඳින් වර්ධනය වී වැඩි අස්වැන්නක් ලබාදෙන අතරම රෝග හා පළිබෝධ තත්ත්ව වලට ඔරොත්තුදීමේ හැකියාව ද වැඩියි.
  1. ගැටළු අවම බෝග තෝරන්න.
  • සමහර බෝග වලට ස්වභාවයෙන්ම රෝග හා පළිබෝධ ගැටළු ඇතිවෙන්නෙ ඉතා අඩුවෙන්.
  • එවැනි බෝග ගෙවත්තට තෝරා ගැනීමෙන් ඔබ මුහුණ දෙන රෝග හා පළිබෝධ ගැටළු අවම කරගත හැක.

උදා :-දඹල, නීරාලීක්ස්, කන්කුන්, නිවිති, කිරිඅල

  1. පස, තෙතමනය, හිරුඑළිය අනුව තැනට සුදුසු බෝග වවන්න.
  • එක් එක් බෝග වර්ගයට අනුව අවශ්‍ය පාංශු තත්ත්ව තෙතමනය හා හිරුඑළිය ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ අනුව සුදුසු බෝග තෝරා වගා කිරීමෙන් රෝග හා පළිබෝධ වලට ඔරොත්තු දෙන දිරිමත් ශාක ලබාගත හැකියි.
  1. සුදුසු පැළ ගහණයක පිහිටුවන්න.
  • ගෙවත්තේ බෝග පිහිටුවීමේදී පැළ අතර හා පේළි අතර සුදුසු පරතර සිටින සේ බෝග පිහිටුවිය යුතුයි.
  • පැළ ඉතා සමීපව පිහිටුවීමෙන් වල් ගැලවීම, පොහොර යෙදීම, පස බුරුල් කිරීම වැනි කේෂ්ත්‍ර කටයුතු සිදු කිරීම අපහසු විය හැකි අතරම ශාක මුල්, කඳ කොටස් තුවාල වී රෝග කාරක හා පළිබෝධකයින් ඒ තුළින් අතුල්විය හැකියි.
  • අන්‍යෝන්‍ය සෙවන ඇතිවීමනිසා ලැබෙන හිරුඑළිය ප්‍රමාණය අඩුවී රෝග හා පළිබෝධකයින්ට සුදුසු පරිසර තත්ත්ව වර්ධනය විය හැකියි. මීට අමතරව පැළ ඉතා ළඟින් පිහිටුවීම රෝග හා පළිබෝධකයින් එක් ශාකයක සිට තවත් ශාකයකට ඉතා ඉක්මනින් පැතිරී යනවා.
  1. අවශ්‍යතාවයට පමණක් ජලය, පොහොර යොදන්න.
  • ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලා කතාවක් අපේ ජනවහරේ තියෙනවනේ.
  • ඒ වගේම තමයි බෝගයකටවුනත් ‍ජලය හා පොහොර අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබාදීමෙන් දිරිමත්, රෝග හා පළිබෝධ වලට ඔරොත්තු දෙන ශක්තිමත් පැළයක් ලබාගත හැකියි.
  1. කාබනික පොහොර හා ලිප අළු යොදා පැළෑටි ශක්තිමත් කරන්න.
  1. සුදුසු කප්පාදු ක්‍රම හා පඳුරු පාලනය ඇති කරගන්න.
  2. බෝග විවිධත්වයක් ඇති කරන්න.
  • විවිධ බෝග වර්ග ඇතිවිට රෝග මෙන්ම පළිබෝධ හානි අඩුවන නිසා මිශ්‍ර බෝග, අතුරු බෝග හා බහු ස්ථර වගා ක්‍රම මඟින් බෝග විවිධත්වයක් ඇති කරන්න.
  • හිතකර බෝග සංකලන තෝරන්න.

ස්වභාවික ක්‍රම මඟින් ගැටළු අවම කිරීම .

මුල්ම අවස්ථාවේදී රෝග හා පළිබෝධ හඳුනා ගැනීමෙන් පැතිරී යාමට පෙර පාලනය කරගත හැකියි.

ගෙවත්ත පිරිසිදුව තබාගන්න.

මැරුණු රෝග හා කෘමි හානි ඇතිවුන ඉදුණු හා තැලූන ශාක කොටස් ඉවත් කරන්න.

වල් පැළෑටි ගලවා දමන්න. ගෙවත්තේ පිරිසිදුකම රැකගත්තොත් රෝග හා පළිබෝධ හානි අඩු වෙනවා.

 

ගෙදරදීම දිලීර නාශකයක් හදමුද?

පළිබෝධ මර්ධනයට වස විෂ නැති කොහොඹ ඇට නිස්සාරකයක් නිවසේදීම සාදා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *