දියමලන්කෑම( තවාන් රෝග)

පසේ ජීවත් වන ෆියුසේරියම් (Fusarium spp.)පිතියම් (Pythium spp.) රයිසොක්ටෝනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටියම් (Sclerotium spp. )ආදී දිලීර නිසා හට ගන්නා රෝගයකි

✍️. මේ නිසා බීජ ප්රරෝහණය දුර්වල වේ. බීජ පැළවල පාදස්ථ කොටස කළු පැහැ වී, කුණු වී කඩා වැටේ. සමහර අවස්ථාවල දී පාමුල හා මුල් කළු පැහැ වී, මුල් වියළි කුණුවීමක් ඇති වේ.

✍️ තවාන්වල නොයෙක් හේතු නිසා රෝග ඇතිවේ. පරපෝෂිත ජීවීන් එක හේතුවකි. එම රෝග එක් ශාකයකින් තවත් ශාකයන්ට පැතිරීම සිදුවේ. දිලීර, බැක්ටීරියා, වෛරස්, මයික්රොප්ලාස්මා පරපෝෂිත ජීවීහු වෙති.
පරපෝෂිත ජීවීන් නොවන හේතුද වේ. ඒවා කායික රෝග ලෙස ද හැඳින්වේ. යාන්තිරත හානි පරිසර තත්ත්ව, පාංශු තත්ත්ව නිසා එවැනි රෝග ඇතිවන අතර ගසකින් ගසකට පැතිර නොයයි.
✍️රෝගයක් තවත් ශාකයකට පැතිරීමට ආසාදනය සඳහා ධාරක ශාකයක් මෙන් ම ඒ සඳහා සුදුසු පරිසර තත්ත්වයක් තිබිය යුතුය. රෝග කාරකයෙක් පරිසරයේ සිටි පමණින්ම රෝගයක් ඇති නොවේ.
මේ නිසා රෝගයක් බෝවීමට බලපාන පරිසර සාධක ඉවත් කිරීමෙන් රෝග පැතිරීම බොහෝදුරට පාලනය කරගත හැකිය.

✍️ තවාන් රෝග බොහොමයක් ඇති කරනුයේ පාංශුජනක ව්යාධිකාරකයින් මඟිනි. පිතියම් විශේෂ, රයිසොක්ටෝනියා සොලනයි, පියුසාරියම් විශේෂ ඕල්ටනේරියා විශේෂ මැයිරෝටියම් රොප්ෆ්සි ඒ අතරින් පරධාන වෙයි.
ඔවුන් ඇති කරන රෝගී තත්ත්වය දියමලන් කෑම ලෙස හඳුන්වයි. එම රෝග කාරකයන් මඟින් තවාන් පැළ ආසාදනය වීම හා පැතිරයාම පරධාන වශයෙන් පරිසර තත්ත්ව මත රඳ්ර පවතී.

🍁🍁🍁දියමලන්කෑම🍁🍁🍁🍁🍁

🔴 දියමලන්කෑම අවස්ථා දෙකකදී තවානට ඇති විය හැකිය. පූර්ව දියමලන්කෑම බීජය පරරෝහණය වන අවස්ථාවේ සිදුවේ. එවිට බීජ කුණු වී යයි. ඒ නිසා බීජ පැළවීමක් සිදුනොවේ.

🔴පශ්චාත් දියමලන්කෑම සිදුවන්නේ බීජ පරරෝහණය වී පැළ වර්ධනය ආරම්භ වන විටය. තවානේ තෙතමනය තිබුණ ද ඉක්මනින් මැළවී කඳ පාමුලින් කඩා වැටීම මෙහිදී සිදුවේ.

🔴දියමලන්කෑම පැතිරීමට බලපාන හේතු කිහිපයකි. උෂ්ණත්වය පරධාන වශයෙන් බලපාන හේතුවකි
බීජ පරරෝහණයේ දී නිකුත් කරන ශරාවයන්වල සීනි සහ ඇමයිනෝ අම්ල අඩංගු බැවින්, ඒවා පිතියම් විශේෂ ආකර්ෂණය වීම සඳහා බෙහෙවින් උපකාරී වේ

🍁🍁රෝග ලක්ෂණ🍁🍁🍁🍁🍁🍁

ℹ️බීජ ප්රරෝහණය දුර්වල වේ.

ℹ️බීජ පැළවල පාදස්ථ කොටස කළු පැහැ වී, කුණු වී කඩා වැටේ

ℹ️සමහර අවස්ථාවල දී පාමුල හා මුල් කළු පැහැ වී, මුල් වියළි කුණුවීමක් ඇති වේ.

ℹ️පැළය හොඳින් පරීක්ෂා කළ විට කඳ පාමුල කොටසේ දුඹුරු ලප තිබීම, පාමුල කුණුවී තිබීම, පාමුල වියළි ලෙස කුණුවීම හෝ පැළෑටිය ඇඹරී කඳ කඩා වැටීම දැකිය හැකිය.

ℹ️හිටු මැරීමේ රෝගයට තවාන භාජනය විය හැකිය. එහිදී තැනින් තැන පැළ මැලවී මැරී යනු දැකිය හැකිය

🍁🍁දියමලන්කෑම පාලනය 🍁🍁🍁🍁

🔷තවාන් බිමක් තෝරා ගැනීමේදී හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් වීම අත්යවශ්ය ය.සෙවණ තත්ත්ව යටතේ පවතින ඉහළ ආර්ද්රතාව රෝග කාරකයන් වර්ධනය සඳහා හිතකර වේ.

🔷සෙවණ සහිත වීමෙන් සූර්යාලෝකය සොයා පැළ ඒ දිසාවට වර්ධනය වන බැවින් සිහින් දිගැටි දුර්වල පැළ ඇතිවන අතර එවැනි පැළ රෝගවලට පහසුවෙන් ගොදුරු වේ.

🔷වගා නොකළ පසක් සහිත ස්ථානයන් තවාන් දැමීමට තෝරා ගැනීමෙන් සහ තවාන් දැමීමට බලාපොරොත්තු වන බෝගය පෙර කන්නයේදී එම ස්ථානයේ වගා නොකල එකක් වීම සුදුසුවේ.

🔷රෝගී සුන්බුන් කොටස් ක්ෂේතරයේ පැවැතීම හේතුවෙන් නව තවානට පහසුවෙන් රෝග කාරක ඇතුළු වෙයි එම නිසා ඒවා නොතිබිය යුතුයි

🔷හොඳ ජලවහනයක් සහිත බිමක් වීම වැදගත් වේ. ජලවහනය දුර්වල නම් පසේ තෙතමනය හා පරිසරයේ ආර්ද්රවතාව වැඩිවී රෝග කාරකයන්් සඳහා සුදුසු පාරිසරික තත්ත්ව ඇති කරයි. මේ නිසා තෝරාගන්නා භූමිය පහසුවෙන් ජලය බැස යන පරිදි ජල වහන කරම සැලැසුම් කළ යුතුය.

🔷තවාන හොඳින් ජලවහනය වන ලෙස සහ මුල්වලට වායු සංසරණය හොඳින් සිදුවන ලෙස සකසා තිබීම රෝග බෝවීම මඟහරවා ගත හැකිය.

🔷තවාන් භූමිය, පිරිසුදු ජලය ලබාගත හැකි තැනක් විය යුතුය. රෝගී ක්ෂේතර හරහා එන ජලය තවාන් බිමට සැපයීමෙන් හෝ තවාන් බිම හරහා ගලා යාමට සැලැස්වීම රෝගකාරකයන් තවාන් බිමට ඇතුළු වීමට ඉඩ සලසන පහසු කරමයක් වේ.

🔷අධික සුළං මඟින් තවාන් පැළවලට යාන්තිරක හානි සිදුවන අතර මේ නිසා ද්විතියිකව වෙනත් රෝගී තත්ත්වයන්ද ඇති විය හැකිය. ඒ නිසා එවැනි තත්ත්ව වලට භාජනය වන තැන් තෝරා නොගත යුතුය. නැතිනම් සුළං බාධක සැපයිය යුතුය.

🔷එදිනෙදා පහසුවෙන් පරීක්ෂා කර බැලිය හැකි තැනක තවාන පිහිටුවීමෙන් රෝග ඉක්මනින් හඳුනාගැනීමට අවස්ථාව ලැබේ.

🔷තවාන් පස නිවැරැදි ලෙස ජීවානුහරණය කළද, තවාන් පාලනය නිසි ලෙස ඉටු නොකළහොත් තවාන අසාර්ථක වීමට ඉඩ ඇත. තවාන් කරන බීජ නිරෝගී බවට සහතික කර ගැනීම ඉතා වැදගත් වේ.

🔷තමන් විසින් ම නිෂ්පාදනය කරගත් බීජ, අනිවාර්යයෙන්ම බීජ පරතිකාර කර සිටුවිය යුතුය.

🔷බීජ පේළිවලට යෙදීම මඟින් පැළ අතර ගහන ඝනත්වය අඩුවන බැවින් ඒකාකාරී වර්ධනයක් සහිත පැළ ඇතිවේ. රෝගයක් ඇතිවුවත් පාලනය කිරීම පහසු වේ.

🔷එළවළු බීජ බොහොමයක් කුඩා නිසා තවාන මතුපිට සිට සෙ.මී. 1-2 අතර ගැඹුරකින් සිටුවීම උචිත වේ. වඩා ගැඹුරින් සිටවූ විට බීජ තුළ මතුපිටට ඒමට තරමක් වැඩි පීඩනයක් දිය යුතුය. මේ නිසා බීජ පැළයට හානි සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය.

🔷එමෙන්ම වඩා නොගැඹුරින් සිටුවීමද නුසුදුසුය. ජලසම්පාදනයත් සමඟ බීජ පස මතුපිටට පැමිණීමට ඉඩ ඇත.

🔷තවාන් පාත්තියේ බීජ තැම්පත් කළ පසු ජීවානුහරණය කළ පසෙන්ම බීජ වැසීම ඉතා වැදගත් වේ.

🔷බීජ පරරෝහණය සඳහා අවශ්ය කරන උෂ්ණත්වය තෙතමනය හා ආරක්ෂාව ලබාදීම සඳහා වසුන් භාවිත කළ යුතු වේ.

🔷වල්පැළෑටි රෝගකාරක ධාරක ශාක ලෙස කිරයාකරන බැවින් තවාන් හා අවට වල් මර්දනය රෝග පැතිරීම වැළැක්වීම සඳහා උපකාරී වේ.

🔷අධික ජලසම්පාදනයත්, තවාන දැඩි වියළි හා තෙත් තත්ත්වයන්ට වරින්වර භාජනය වීමත් රෝග පැතිරීම පහසුවීමට හේතු වේ.

🔷ඒකාකාරී ලෙස පැළ වර්ධනයට අවශ්ය පමණට ජලය යෙදීම වඩාත් වැදගත්වේ. අධික තෙතමනය හා වැඩි උෂ්ණත්වය පිතියම් විශේෂ වර්ධනය සඳහා හිතකර වේ.

🔷තවාන්වලට ජලසම්පාදනය උදය හෝ සවස් වරුවේ කිරීම උචිතය. පැළවලට නොව පස තෙත්වන ලෙස ජලය යෙදීම අවශ්යය.

🔷තවාන් පැළ ගැලවීමේදී මුල්වලට හා කඳට වන හානි අවම වනසේ ගැළවීමෙන් ක්ෂේතරයේ සිටු වූ පසු වන ආසාදන අවම කර ගත හැකිය

🍁🍁ප්රතිකාර 🍁🍁🍁🍁🍁🍁🍁

☢️ෆියුසේරීයම්, ස්ක්ලෙරෝටියම් හා රයිසොක්ටෝනියා වැනි දිලීර මඟින් ඇති කරන දියමලන්කෑම සඳහා තයෝෆීනේට් මීතයිල් 50% සහ තිරාම් 30% වඩාත් සුදුසුය.
පීතියම් සහ පයිටොප්තෙරා දිලීර සඳහා මෙම දිලීර නාශක සුදුසු නැත.

☢️දියමලන්කෑමේ රෝග කාරකය හඳුනාගෙන නොමැති අවස්ථාවක කැප්ටාන්, තිරාම්, ක්ලෝරොතැලොනිල් 75% ක තෙත් කුඩු වැනි දිලීරනාශක භාවිත කිරීම සුදුසුයි.

🛡️රෝගී ස්ථානවල පැළ පසත් සමඟ ඉවත්කර, පාංශු පරතිකාර සඳහා භාවිතා කරන දිලීර නාශක ජලයේ දියකර පැළ හා පස් හොඳින් තෙමෙන සේ වත්කරන්න

🛡️තවානේ ජලය හොඳින් බැසයාම සඳහා කාණු ගැඹුරු කිරීම අවශ්ය වේ.

ගෙදරදීම දිලීර නාශකයක් හදමුද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *