ගෙවත්තේ ස්ට්‍රෝබෙරි වවමු

🍓ඉතා ප්රනීත රසයෙන් යුත් ස්ට්රෝබෙරි , කෙටි කලකින් අස්වැන්නක් ලබා ගත හැකි පළතුරු බෝගයකි.

🍓ස්ට්රෝබෙරි යනු ඵලයක් ලෙසින් සැලකුවද සැබැවින්ම එය ඵලයක් නොව ස්ට්රෝබෙරි පුෂ්පයේම කොටසකි.

🍓ස්ට්රෝබෙරි යනු Fragaria ගණයේ ස්වාභාවිකව දෙමුහුන් වූ ශාකයකි .

🍓උතුරු හා උතුරු මැද ඇමරිකාව ස්ට්රෝබෙරි වල නිජබිම වේ.

🍓ගෙවතු වගාවන් වලදී ස්ට්රෝබෙරි පෝච්චිවල,බදුන්වල වගාකිරීම සිදුකරයි.

අවශ්ය දේශගුණය.
🍓🍓🍓🍓🍓🍓🍓

🍓සීතල ප්රදේශවල ඉතා සාර්ථකව ස්ට්රෝබෙරි වගා කල හැකිය.
🍓මල් පිපීම සඳහා පැය 8 ට අඩු සූර්යාලෝකය ලැබෙන දින 10 ක් පමණ අවශ්යයි.
🍓උෂ්ණත්වය සෙල්සියස් අංශක 15-35 ක් දක්වා වගා කල හැකිය.
🍓සෙල්සියස් අංශක 14-15 උෂ්ණත්වය දී හොඳින් මල් පිපීම සිදු වේ.
🍓සෙල්සියස් අංශක 28 ට වැඩි වූ විට මල් පිපීම සිදු නොවේ.
🍓ඕනෑම ප්රදේශයක ගෙවතු වගාවකදී ස්ට්රෝබෙරි වගා කරන විට සරලව අවශ්ය සිසිලස ලබා දීමට ශීත ජලය ස්ප්රේ කිරීම මගින් එම තත්වය ලබා දිය හැකියි.

ස්ට්රෝබෙරි වල පැල නිපදවා ගන්නා අයුරු.
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

🍓ධාවක වලින් හා මුලෙන් හටගන්නා පැල මගින්
🍓 පටක රෝපණ මගින් නිපදවන පැල
🍓බීජ පැල

🍓ඇතැම් පැල තවාන් මගින් ස්ට්රෝබෙරි පැල ලබා ගත හැක.

🍓පැල සොයා ගැනීමට නොහැකි නම් ස්ට්රෝබෙරි ඵල මගින් බීජ පැල සාදා ගත හැකිය.

ස්ට්රෝබෙරි බීජ මඟින් පැල සාදා ගැනීම.
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

🍓හොඳින් රතු පැහැ වු ස්ට්රෝබෙරි ගෙඩි වෙළඳපොළෙන් මිළ දී ගෙන පැන්සල් තුඩක් යොදා ගෙන ගෙඩියේ බාහිරෙන් පිහිටා ඇති ඉතා කුඩා බීජ වෙන් කර ගන්න.
🍓මෙම බීජ හොඳින් සෝදා පවනේ වියළීමට තබන්න.
🍓ඉන් පසු බීජ කඩදාසියක ඔතා බෝතලයකට හෝ පොලිතීන් මල්ලකට දමා සීල් කර ශීතකරණයේ අධි ශීත කොටසේ සති දෙකක් තබන්න.
🍓ඉන් පසු ටිෂූ කඩදාසියක් මත බීජ තබා ආලෝකය වැටෙන සේ අවර්ණ වීදුරු හෝ ප්ලාස්ටික් කුඩා බෝතලයකට හෝ භජනයක දමා වතුරෙන් ටිෂූ කඩදාසිය තෙත් කරන්න. 🍓ඉන්පසු මෙම බෝතලය ආලෝකය වැටෙන තැනකින් හෝ ජනේලයන් ලඟ තබන්න.
🍓මාසයක් පමණ වන විට බීජ පැලවේ.
🍓මෙම කුඩා බීජ පැල කොහුබත් හා වැලි සමාන කොටස් වලින් ගෙන එකට මිශ්ර කර සාදාගත් මිශ්රණයක් පුරවාගත් කුඩා පොලිතීන් මළුවල හෝ බදුන්වල සිටුවන්න.
🍓පැල මැලවීමෙන් වළකා ගැනීම සඳහා සති දෙකක් පමණ අවර්ණ පොලිතීන් කවරයකින් පැල සිටවූ බදුන් වසා තබන්න.
🍓මෙම පැලවලින් හට ගන්නා ධාවක වල සෑදෙන අංකුර පැල, මව් ශාකයෙන් වෙන් නොකර වෙනත් වගා බදුනක සිටුවන්න.

වගා බදුන් සකසා ගැනීම.
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

🍓මේ සඳහා අඟල් 8 ප්රමාණයේ උස අඟල් 6 ක් වන පොලීතීන් මළු වල යටින් අඟලක් පමණ උඩින් සහ අඟල් දෙකක් උඩින් සිදුරු පේලි දෙකක් විදින්න.
🍓කොහුබත් සහ වැලි සමාන ප්රමාණවලින් ගෙන, වගා බදුන පුරවා ගන්න.
🍓මෙම බඳුන්වල ධාවක වලින් වෙන් කරගත් පැල සිටු වන්න.
🍓පැල සිටුවීමේ දී පැලයේ රිකිල්ල යට නොවන ලෙසත් මුල් ඇති කොටස හොඳින් වගා මාධ්යයට යට වන ලෙසටත් පැල සිටුවන්න.
🍓පැල සිටුවා දින 20න් පසු කාබනික දියර පොහොර (කොම්පෝස්ට් ටී දියර පොහොර) මිශ්ර කල ජලය යොදන්න.
🍓කාබනික පොහොර ලෙස යොදා ගත හැකි පොහොර වර්ග – https://ceylonseeds.com/category/organic-farming/organic-fertilizers/
🍓🍓🍓🍓🍓🍓🍓🍓

🍓පැල සිටවු පසු දිනකට ජලය මිලි ලීටර 200-400 ක් පමණ එක් බදුනකට අවශ්යයි.
🍓තවද ශීත කල ජලය අත් ස්ප්රේයරයක් මගින් ස්ප්රේ කරගන්න.එමගින් මල් පිපීම උත්තේජනය කර ගැනීමට හැකි වේ.

පැල නඩත්තු කිරීම.
🍓🍓🍓🍓🍓🍓🍓

🍓පැල සිටුවා මාසයක් පමන වන තෙක් මල් ඉති හා ධාවක කඩා ඉවත් කරන්න.
🍓ඉන් පසුව හට ගන්නා ධාවක ඉවත් කරන්න. පරණ පත්ර හා රෝගී පත්ර ඉවත් කරන්න.
🍓විශාල මල් ඉතිරි කර කුඩා මල් ද ඉවත් කරන්න.
🍓මල් පරාගණය කිරීම සඳහා මී මැස්සන් පැමිණීම ඉතාමත් අවශ්යයි.
🍓එසේ නොමැති නම් කුඩා බ්ලෝවරයක් යොදා ගෙන මල් පරාගනය කරන්න.
🍓ස්ට්රෝබෙරි, කෙටි දහවල්, දිගු දහවල්, සාමාන්ය දහවල් ලෙස මල් හටගන්නා රටා තුනක් දක්නට ලැබේ.
මෙය ශාකයේ වර්ධනය වන ප්රදේශයේ දේශගුණික සාධක අනුව තීරණය වේ.
නමුත් මේවා වගා කරුවන් මෙය කොටස් දෙකකට අර්ථදක්වයි. එනම් ජූනී මාසයේ මල් හටගන්නා හා වසරේ සාමාන්ය පරිදි මල් හටගන්නා ආකාරයටයි.

අස්වනු නෙළීම.
🍓🍓🍓🍓🍓

🍓ගෙඩියෙන් තුනෙන් දෙකක් පමණ රතු පැහැ වූ විට අස්වනු නෙලා ගත හැකිය.
🍓එක් පැලයකින් එක් කන්නයක දී ග්රෑම් 500 ක් පමණ අස්වැන්නක් ලැබේ.
🍓ස්ට්රෝබෙරි ගෙඩි නටුවෙන් වෙන් වූ පසු ඉඳීම නතරවන බැවින්, අස්වැන්න නෙලා ගැනීමේදී නටුවෙන් සුලු කොටසකුත් සමග ගෙඩිය සමග තිබෙන කොලපාට පත්ර කොටස් ද සහිතව නෙලීමට සැලකිලිමත් විය යුතුය.

🍓 ගොලුබෙල්ලන් ,හංගොල්ලන්, සමනලයින්, සලඹයින්, යුෂ උරාබොන කෘමීන්, පලතුරු මැස්සන්, මුල් විඳින ගුල්ලන්, කුරුමිණියන් ආදී පලිබෝධකයින් ස්ට්රෝබෙරි වලට හානි කිරීම සිදුකරයි.

🍓රෝග පලිබෝධ පාලනයට – https://ceylonseeds.com/category/organic-farming/organic-pest-control/

(🍓ස්ට්රෝබෙරි වාණිජව වගා කරන ප්රධාන ක්රම 2ක් ඇත.
බිම ඇතිරූ පොලිතීන් තීරුවල plasticulture ක්රමයට වාර්ෂික වගාව ලෙස හා නියරවල් දිගේ වවන බහුවාර්ශික ක්රමයටයි.
මීට අමතරව පෝච්චි වල, හයිඩ්රොපොනික්ස් ආදී තව ක්රම රාශියකට ග්රීන් හවුස් තුල හා පිටත වගා කිරීම සිදුකරයි. )

 

ගෙවත්තට පලතුරු

 

 

One thought on “ගෙවත්තේ ස්ට්‍රෝබෙරි වවමු

  1. Pingback: රස ගුණ පිරි අන්නාසි වගාව – Ceylon Seeds

Leave a Reply

Your email address will not be published. Required fields are marked *