කුඩා ගෙවත්තක වගාවේදී හිරු එළිය ගැන සැලකිලිමත් වෙන්න

පවතින ස්වභාවික පරිසරයේ ම ගෙවත්තක් නිර්මාණය කිරීමේදී ඉඩමේ ප‍්‍රමාණය බලපායි. ලොකු ගස් තිඛෙන ඉඩමකදී නම් අව්ව වැටෙන සහ නොවැටෙන තැන් අනුව බෝග වගා කිරීමට තෝරාගත යුතුයි. ඒ අනුව විශාල ගස් තිඛෙන තැන්වල සෙවන පි‍්‍රය ශාක වගා කළ හැකියි.

අඹ වැනි පලතුරු ගස් කප්පාදු කළ හැකියි. එසේ නොවුණ කල ගස් විශාල ලෙස වැසීමෙන් පොළොවට වැටෙන හිරු එළිය ආවරණය වීමට අමතරව ඵලදාව ද අඩුවෙයි. පොල් වැනි ගස්වලට එතරම් ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍ය නොවන නිසා එවැනි ගස් යට ගොටුකොළ, ඉඟ=‍රු කහ වැනි සෙවණ පි‍්‍රය වගාවන් කළ හැකියි. වතුර ලැඛෙන ස්ථාන වල මුගුණුවැන්න කංකුං කොහිළ වගා කළ හැකියි.

වැඩි අව්වක් ලැඛෙන ස්ථානවල මිරිස්, බටු, තක්කාලි වැනි එළවළු වර්ග වගා කළ හැකියි.

කුඩා මිදුලක් ඇති ගෙවත්තක එළවළු වර්ග පෝච්චිවල වගා කළ හැකියි. බැරලයක් ආධාරයෙන් පලා වර්ග එළවළු වැනි බෝග දෙකක් තුනක් එකට සිටුවිය හැකියි.

පොල්, කොස්, අඹ වැනි ගස්වලට පොහොර ලෙස නිවසේ අපතේ යන ද්‍රව්‍ය දැමිය හැකියි. කුඩා ඉඩකඩක් සහිත නිවසක කුස්සියේ ඉවතලන අපද්‍රව්‍ය වලින් බැරලයක ආධාරයෙන් කොම්පොස්ට් සදා ගත හැකියි. යටින් සිදුරක් තබා මාස තුනකින් පසු වරින්වර කොම්පොස් ලබාගත හැකියි.

කොම්පොස්වලින් ශාකවලට විශාල ප‍්‍රමාණයකින් පෝෂණය ලැබේ. ඊට අමතරව පසේ ක්ෂුද්‍ර ජීවින් වර්ධනය, පසේ තෙතමනය හොඳින් පවත්වා ගෙන යාමට හැකිවීම වැනි ප‍්‍රයෝජන ලැබේ. අංශ=මාත‍්‍ර මූලද්‍රව්‍ය ද ලැබේ.

සියලූ‍ පෝෂ්‍ය පදාර්ථ ලබාදීමට කොම්පොස්ට් විශාල ප‍්‍රමාණයක් යෙදිය යුතුය. කෙටි කාලීන ඵලදාව ලැඛෙන බෝගවලට විශේෂයෙන් වා‚ජ වගාවේදී රසායනික පොහොර ද අවශ්‍ය වේ.

රසායනික පොහොර නිර්දේශිත ප‍්‍රමාණයට වඩා යෙදීමෙන් ශාකයට අහිතකර තත්ත්වයක් උදා වෙයි. එහිදී ශාකය මිය යා හැකියි. නමුත් මිනිස් සිරුරට අහිතකර ලෙස බලපාන්නේ නැත.

නමුත් මෙම රසායනික ද්‍රව්‍ය වාතයට, ජලයට එකතු විය හැකියි. භූගත ජලයට එකතු විය හැකියි. ඒ නිසා රසායනික පොහොර යෙදීමෙන් ද ටිකෙන් ටික ශාකයට අවශ්‍ය ප‍්‍රමාණයට යෙදිය යුතුයි. යූරියා නයිටෙ‍්‍රට් ලෙස භූගත ජලයට, වාතයට එකතු වේ. වඩා වැඩි ප‍්‍රමාණයන් ජලයට එකතු වීමෙන් විෂ විය හැකියි. එහෙත් ඵලදාවට විෂක් වන්නේ නැහැ.

 

පසු අස්වනු තාක්ෂණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *