ඉවතලන_ලීක්ස්_මුලෙන්_ගෙවත්තේ_ලීක්ස්_වගාවක්_අරඹමු.

🌱ලීක්ස් වල විද්යාත්මක නාමය – ඇලියමි ඇම්පෙලෝප්රසම් කල්ටිවාර් පෝරම්
Allium ampeloprasum cv porrum
කුලය – ඇලියේසි

🌱ලීක්ස් අයත් වන්නේ ළූණු අයත්වන ඇලියේසී කුලයටමය. නමුත් මෙම බෝගයේ ප්රධාන වෙනස වන්නේ එහි බල්බ නොසෑදීමයි

අප රටේ විවිධ ආකාරයට ලීක්ස් ආහාරයට ගන්නා නිසා එය හැමවිටම වෙළදෙපොලෙහි සැලකිය යුතු මිළකට අලෙවි වේ. කෙසේ වුවද ළූණු වර්ග වල මිළ සෑහෙන ඉහල මට්ටමකට පවතින අවස්ථාවලදී ළූණු සදහා ආදේශකයක් ලෙසද ලීක්ස් භාවිතා කිරීම ශ්රි ලාංකීකයන් අතර ජනප්රිය පුරුද්දක් වී තිබේ.

🌱ලීක්ස් වගාව සඳහා වඩා සුදුසු වන්නේ අප රටේ උඩරට තෙත් කලාපීය (මුහුදු මට්ටමේ සිට උස 1000-2000m සහ වර්ෂාපතනය 2500-5000mm) ප්රදේශයයි. සිසිල් කාලගුණික තත්ව යටතේ උඩරට තෙත් කළාපයට හා අතරමැද කළාපයට අයත් නුවරඑළිය හා බදුල්ල දිස්ත්රික්කවලද මහ කන්නයේදී යාපනය අර්ධද්වීපයේදී ද ලීක්ස් බෝගය සාර්ථකව වගා කෙරේ. ලීක්ස් බෝගය සඳහා 18-21 0C ක ප්රශස්ථ උෂ්ණත්වයක් හා පැය 8කට වඩා හිරුඑළිය අවශ්යය.

🌱කාබනික ද්රව්ය බහුලව අඩංගුවන සැහැල්ලු වයනයක් ඇති, ජලවහනය හොඳින් සිදුවන සාරවත් පසක් බෝගය සඳහා වඩා සුදුසුය. මෙම බෝගය සාර්ථකව වගාකිරීම සඳහා පසෙහි තිබිය යුතු යෝග්යතම පී.එච්. අගය 5.6- 7.5 වේ.

🌱ගෙවතු වගාවකදී සාර්ථකව පහසුවෙන් වගා හැකි තවත් එක් බෝගයක් තමයි ලීක්ස්.

🌱වෙලදපොලෙන් මිල දී ගෙනෙන ලීක්ස් ගසේ ඉවතලන මුල කොම්පෝස්ට් මතුපිට පස් සහිත බදුනක සිට වූ පසු නැවත එය වර්ධනය වී මාසයකින් පමණ අස්වැන්න ලෙස පත්ර ලබා ගැනීමට හැකියි.

 

🌱මෙම පැල කරගත් ලීක්ස් ගස මාස 2-3ක් පමණ කල් ගත වූ පසු එහි මල් පිපීම සිදු වේ.

🌱එම පුෂ්පය මේරීමට තබා එයින් බීජ ලබා ගෙන ඔබට ලීක්ස් වගාවක් ගෙවත්තේ

සාර්ථක

ව කල හැකියි.

🌱නැතිනම් වෙලදපොලේ ලීක්ස් බීජ කුඩා පැකට් මිලදී ගැනීමට ද හැකියි.

🌱මෙම බීජ තවාන් කර සිටුවීම කල යුතුයි.

🌱කුඩා බදුන් වල කොම්පෝස්ට් වැලි මතුපිට පස් යොදා බීජ තවාන් කරන්න.

🌱බීජ දැමීමෙන් පසු තුනී පස් තට්ටුවකින් බීජ වසන්න.

🌱තවානට අවශ්යවන පරිදි තෙතමනය ලබා දෙන්න. තවාන් පැළවලට උදේ පාන්දරින් පත්රවල පිණි සේදී යන පරිදි ජලය සපයන්න. තවානේ වල් පැළ හා කෘමි රෝග ආදිය පාලනය කර ගැනීම කෙරෙහිද සැළකිලිමත් වන්න. ලීක්ස් පැළ කුඩා කාලයේදී වැඩි අවධානයකින් යුතුව රැක බලාගත යුතුය. සිටුවීමට සුදුසු තත්ත්වයේ ඇති පැන්සලක් පමණ කඳ මහත්වූ පැළ තවානෙන් ලබා ගැනීම සඳහා මාස 2 1/2 – 3 පමණ කාලයක් ගත වේ.

🌱තවානෙන් ගලවා ගන්නා පැල බදුන් වල හෝ කුඩා පාත්ති වල සිටුවා ගැනීම කල

හැකියි.

🌱බිම් සකස් කිරීම
සෙන්ටිමීටර් 30-40ක් ගැඹුරට උදලු මඟින් පස පෙරලා දමන්න. ඉන් දින කිහිපයකට පසු දිරාපත් වූ කාබනික ද්රව්ය පසට යොදා කලවම් කරමින් හොඳින් පසේ කැට පොඩිකර ගන්න. පැළ සිටුවීම සඳහා මීටර් 1.2 ක් පමණ පළල මීටර් 3ක් පමණ දිග පාත්ති සකසා ගන්න.

🌱පරතරය
පේලි අතර සෙන්ටිමීටර් 15 ක් සහ පේලියක පැළ අතර සෙන්ටිමීටර් 10 ක් වන සේ එක් ස්ථානයක එක පැළය බැගින් සිටුවන්න.

🌱ජල කළමණාකරණය
පැළ සිටුවා දින 4 පමණ තෙක් දිනපතා වගාවට ජලය සපයන්න. ඉන් පසු අවශ්යතාවය මත දින 3-4 වරක් බැගින් ජලය සැපයීම ප්රමාණවත් වේ.

🌱පොහොර යෙදීම
මාසයකට වරක් කාබනික පොහොර වගාවට එක් කරන්න.

🌱වල් මර්දනය
හැකි සෑම විටම වල් පැල ගලවා ඉවත් කරන්න. වගාව වල් පැල වලින් තොරව පවත්වා ගන්න. සෑම පොහොර යෙදීමකට පෙර වල් පැළ ඉවත් කරන්න. පොහොර යෙදීමෙන් පසු සෑම අවස්ථාවකදීම ගස් අසලට පස් එකතු කරන්න. මෙමඟින් ලීක්ස් ශාකයේ දණ්ඩ සෘජුව සහ සුදු පැහැතිව තබා ගැනීමට හැකිවේ.

🌱අස්වනු නෙලීම
පැළ සිටුවා සති 16-18 දී පමණ අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.

🌱ගෙවතු වගාවක් නිසා රෝග පලිබෝධ හානි මර්ධනය සදහා ස්වභාවික පලිබෝධවිකර්ෂක යොදා ගන්න.

🌱මෙලෙසම නීරා ලීක්ස් ද ගෙවත්තේ වගා හැකියි.

🌱ඔබත් ගෙවත්තේම ලීක්ස් වගා කරන්න උත්සාහ කරන්න.

ස්තූතිය සහ උපුටා ගැනීම – https://www.facebook.com/

 

ගෙදරට ගෙන ආ බඩු මල්ලෙන් වගාව පටන් ගමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *