නිවසට අවශ්‍ය ඉගුරු පහසුවෙන් නිවසේම වගා කර ගනිමු

ginger

ගෘහස්ථව වගාකල හැකි හොදම ඖෂධීය ශාකය වන්නේ ඉගුරුයි. ඉගුරු වල වර්ධනයට ඉතා අඩු හිරු එළියක් අවශ්‍ය වන අතර ඉතා අඩු නඩත්තුවක් පමණයි අවශ්‍ය වන්නේ. මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කරන්නේ ගෘහස්ත ඉගුරු වගාවක් ඇතිකරගන්නා ආකාරයයි. ඉගුරු ගෘහස්ත වගාවට එරෙහිව බලපාන කිසිම හේතුවක් ඔබට සොයාගත නොහැකි වේවි.

ඉගුරු ගැන බිදක්
ඉගුරු ශාකය පරිණත වීමට මාස දහයක් පමණ ගතවේ. ඔබට ඉගුරු බඳුනක් තුල වගාකර ගෘහස්තව තබා ගැනීමට හැකියාව තිබේ. ඉගුරු යනු සම්පුර්ණ වශයෙන්ම සෙවනේදී වර්ධනය වන පුදුමාකාර ශාකයකි. ඉගුරු මුල වර්ධනය වන සමයේදීත් එම ඉගුරු මුලෙන් කුඩා කැබැල්ලක් වෙන්කරගත්තද එහි වර්ධනයට කිසිදු බලපෑමක් ඇති නොවේ. එම ආකාරයට වර්ධනය වෙමින් පවතින ඉගුරු මුලෙන් කුඩා කැබැල්ලක් ගෙන ඖෂධීය සත්කාර සිදුකරගැනීමේ හැකියාව තිබේ.

ගෘහස්ත ඉගුරු වගාවකට ප්‍රයෝජනවත් උපදෙස්
ඔබ වගා කිරීමට භාවිතා කරන ඉගුරු අල කැබැල්ල පරණ වී හෝ හැකිලී නොතිබිය යුතුයි. එය හොදින් පෘෂ්ඨිමත් වියයුතුයි. එම ඉගුරු අලය මත ඇස් අංකුර කිහිපයක් තිබිය යුතුවේ. එම අංකුර කොළ පැහැයට හැරී ඇත්නම් ඉතාමත් වටී. ඔබ සපයාගත් ඉගුරු අලය මත ඇස් අංකුර තිබේනම් ඒවා කපා වෙන්කරගෙන වෙනත් බදුනක සිටුවා වැඩියෙන් වගා කර ගැනීමේ හැකියාව ඔබට ඇත..

නියම බඳුන තෝරාගන්න
ඉගුරු වල මුල් ගමන් කරන්නේ තිරස් අතට නිසා එයට සරිලන ප්‍රමාණයෙන් විශාල බඳුනක් සපයාගන්න.

ගෘහස්තව ඉගුරු වගාකරන ආකාරය පියවරෙන් පියවරට

• පළමුවම රැයක් පහන් වනතුරු ඉගුරු අලය උණු ජලයේ පෙගීමට ඉඩ හරින්න (අධික උණු ජලයේ නොවෙයි)
• නැවුම් පස් වලින් බඳුන පුරවා ගන්න.
• ඇස් අංකුර තිඛෙන පැත්ත උඩට සිටින සේ පස් මත ඉගුරු අලය සිරකොට අගල් දෙකක් පමණ ප්‍රමාණයක් පස් වලින් වසා ගෙන හොදින් ජලය දමන්න.
• ඉන් පසුව එම බඳුන සාමාන්‍ය උණුසුමක් ඇති හිරු එළිය අඩුවෙන් ලැඛෙන ස්ථානයක තබන්න.
• ස්ප්‍රේ බෝතලයක් ආධාරයෙන් ජලය විද පසෙහි තෙතමනය රදවා ගන්න.
• ඉගුරු ඉතා සෙමින් වර්ධනය වන බැවින් ඔබට සති දෙකක පමණ කාලයකින් පසුව පස් මතින් කුඩා රිකිලි මතු වී ඇති ආකාරය දැක ගැනීමට හැකි වේවි. ඔබ එම බඳුනට ස්ප්‍රේ බෝතලය ආධාරයෙන් දිනපතා ජලය ස්ප්‍රේ කරගන්න.

ඉගුරු අස්වැන්න නෙලා ගැනීම.

මෙම ඉගුරු වර්ධනය වී මාස තුනත් හතරත් අතර කාලයක් ගිය පසු කුඩා ප්‍රමාණයේ ඉගුරු කැබැල්ලක් අස්වැන්න වශයෙන් ගත හැකි වේ. ඔබ එම බඳුනේ කෙලවරකින් පස් ස්වල්පයක් ඉවත් කරන්න. ඉන් පසුව ඔබට ඉගුරු අල දිස් වෙනු ඇත. ඔබට අවශ්‍ය කරන ප්‍රමාණයට ඉගුරු අල කැබැල්ලක් කපා ඉවත් කරගෙන එම පස් වලින් නැවතත් පෙර තිබු ආකාරයට වසා දමන්න.
ඔබට මෙම ආකාරයට නිමාවකින් තොරව අස්වැන්න නෙලා ගැනීමට හැකි වේවි.

දවස් විස්සෙන් අස්වැන්න නෙළාගත හැකි මුගුණුවැන්න පාත්තියක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *