වම්බටු වගාව

වම්බටු
උද්භිද විද්‍යාත්මක නාම – සොලනම් මෙලොන්ජිනා (Solanummelongena L.)
කුලය – සොලනේසියේ (Solanaceae)

හැදින්වීම
එළවළු වර්ග උඩරට හා පහතරට යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන්කළ හැකි. තක්කාලි, ගෝව, කැරට්, බීට්, ලීක්ස්, රාබු වැනි එළවළු වර්ග උඩරට එළවළු ලෙස ගැනෙන අතර වම්බටු, කරවිල, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා වැනි එළවළු වර්ග පහතරට වළවළු ලෙස සැලකේ.

 

වම්බටු දේශීය හා විදේශීය වෙළඳපලේ ජනප්‍රිය එළවළුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වම්බටු වගා කරන අතර අනුරාධපුර, බදුල්ල, මොණරාගල, රත්නපුර, මාතලේ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල බහුවල වගා කරනු ලැබේ. වගා බිම් ප්‍රමාණය සැලකූවිට එළවළු බෝග අතුරින් 2වන ස්ථානය හිමිවන්නේ වම්බටු වලටය.

වම්බටු ශාකය ප්‍රථමයෙන් සම්භවය වූ ස්ථානය ලෙස ඉන්දියාව සැලකෙන අතර, චීනය දෙවන ස්ථානය ලෙස සැලකේ. පසුව ස්පාඤ්ඤය, පර්සියාව හා අප්‍රිකාව වැනි රටවලට ව්‍යාප්ත වූ බව පෙනේ.

වම්බටු ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන්

පෝෂණය  ප්‍රමාණය
තෙතමනය ග්‍රෑම් 92.7
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 4.0
ප්‍රෝටීන් ග්‍රෑම් 1.4
තන්තු ග්‍රෑම් 1.3
ඛණිජලවණ ග්‍රෑම් .3
මේදය ග්‍රෑම් 0.3
කැල්සියම් මිලි ග්‍රෑම් 18
මැග්නීසියම් මිලි ග්‍රෑම් 16.0
යකඩ මිලිග්‍රෑම් 0.9
විටමින් ඒ (අන්තර් ජාතික ඒකක) 124.0
විටමින් සී මිලි ග්‍රෑම් 12.0
තයමීන් මිලි ග්‍රෑම් 0.04
පොස්පරස් මිලි ග්‍රෑම් 47
රයිබෝප්ලේවින් මිලි ග්‍රෑම් 0.11

මූලාශ්‍රය – vegetable crops (1986) T.K. Bose, M.G. Some, J. Kabir

නිර්දේශිත ප්‍රභේද

එස්. එම්. 164
  • තෙත් හා වියළි කලාප සඳහා යෝග්‍ය‍ වේ
  • මෙම ප්‍රභේදය බැක්ටීරියා හිටුමැරීමට මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
  • ලා දම් වර්ණයෙන් යුතු ඵල ලබා දෙන ප්‍රභේදයකි
  • ඵල මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තවන අතර හැඩයෙන් සිලින්ඩරාකාරය
  • පුෂ්පය ලා දම් වර්ණයෙන් යුක්තය
  • කොළපාට මණියකින් යුක්තය
  • ජල සම්පාදනය සහිතව වගා කිරීමෙන් හෙක්ටයාරයකට ටොන් 15-18 දක්වා අස්වැන්නක් ලබාගත හැකිය
තින්නවේලි දම් (යාපන දම්)
 
  • මෙම ප්‍රභේදයේ ශාක කදේ ඇන්තොසයිනින් වර්ණක තදින් තැම්පත් වී ඇත
  • පත්‍ර තලය දම් මිශ්‍ර කොළ පාටය
  • පුෂ්ප තද දම් පැහැතිය (දිලිසෙන සුළු තදදම්)
  • දම් කොළ පැහැති මනියකින් යුක්තයි
  • පත්‍ර නාරටි ද දම්පාටය.
  • ඵල තද දම් පැහැති දිලිසෙන ස්වභාවයකින් හා දිගටි හැඩයකින් යුක්තය
  • තෙත් කලාපයේදී බහුලව හිටුමැරීමේ රෝගයට පාත්‍ර වේ
  • වැඩි වශයෙන් වියලි කලාපයට යෝග්‍ය වේ
පාදාගොඩ
 
  • මෙම ප්‍රභේදයේ ශාක කදේ ඇන්තොසයිනින් වර්ණකය මධ්‍යස්ථව තැම්පත් වී ඇත
  • පුෂ්ප ලා දම්පැහැතිය
  • පලාවරණය දම් පසුබිමක සුදු පැහැ ඉරි සහිත වන අතර ලා කොළ පාට මනියකින් යුක්ත වේ
  • ඵලය තරමක් පිම්බුණු සිලිණ්ඩලාකාර හැඩයක් ගනී
  • කඳ හා පත්‍ර නාරටිද කොළ පැහැතිය
  • බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට වැඩි ප්‍රතිරෝධයක් දක්වයි
  • මෙම ප්‍රභේදය තෙත් හා අතරමැදි කලාපවලට යෝග්‍යය වේ

 

දෙමුහුම් ප්‍රභේද

අමන්දා
 
  • කරල් දම් පැහැතිය
  • පාරිභෝගික රුචිකත්වය ඉහළය
  • බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ප්‍රතිරෝධී – මධ්‍යස්ථ ප්‍රතිරෝධි
  • අස්වනු විභවය හෙක්ටයාරයකට ටොන් 40-50 ක් වේ
අංජලී
 
  • කරල් දම් පැහැතිය
  • පාරිභෝගික රුචිකත්වය ඉහළය
  • බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ප්‍රතිරෝධී – මධ්‍යස්ථ ප්‍රතිරෝධි
  • අස්වනු විභවය හෙක්ටයාරයකට ටොන් 40-50 ක් වේ

 

දේශගුණික හා පාංශු අවශ්‍යතාව
මුහුදු මට්ටමේ සිට මීටර් 1300 දක්වා උච්චත්වයක වසර පුරාම වම්බටු වගා කළ හැක. උඩරට වියළි කලාපයේ වම්බටු වගාව සඳහා යෝග්‍ය වන්නේ මැයි සිට අගෝස්තු දක්වා කාලයයි. උඩරට තෙත් කළාපය වම්බටු වගාව සඳහා යෝග්‍ය නොවේ. වම්බටු වැඩි උෂ්ණත්වය යටතේ ශුෂ්ක ප්‍රදේශවලද වගා කළ හැකිය. දිවා සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 27 – 32 පමණද, රාත්‍රී සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 21 – 27 යෝග්‍ය වේ. ශීත දේශගුණ තත්ත්වවලදී අසාමාන්‍ය ලෙස වර්ධනය වූ පැල ඇති වේ.

වම්බටු ඕනෑම පසක වගා කළ හැකි බෝගයක් වුවද සාමාන්‍යයෙන් සාර්ථක වම්බටු වගාවක් සඳහා පාංශු පී.එච්. අගය 5.5 – 6.8 පරාසයක තිබිය යුතුය. සැහැල්ලු සිට මධ්‍යම වයනයක් ඇති හොඳින් ජල වහනය වන පසක් යෝග්‍ය වේ. මෙම බෝගයේ මුල් පද්ධතිය ගැඹුරට නොවිහිදෙන බැවින් නිතරම ජල සම්පාදනය කිරීම අවශ්‍ය වේ. ක්ෂුද්‍ර පෝෂකවල අවශ්‍යතාව ඉතා පහළ මට්ටමක පවතී. එම නිසා ඌනතාවයන් ඇති වන්නේ කලාතුරකිනි.

තවාන් පාලනය
වම්බටු, බීජ ඉතා කුඩා වීම හේතුවෙන් බීජ කෙළින්ම වගා ක්ෂේත්‍රයේ සිටුවීම සුදුසු නොවේ. බීජ තවාන්කර ලබාගන්නා බීජ පැල ක්ෂේත්‍රයේ සිටුවිය යුතුය.

තවාන් මඟින් පැල ලබාගැනීමේ වාසි

  • බීජවල ප්‍රරෝහණය සඳහා යහපත් පාංශු තත්ත්වයන් තවානේදී ලැබෙන නිසා ශක්තිමත් හා නිරෝගී පැල වැඩි සංඛයාවක් ලබාගත හැකවේ
  • ඒකාකාරීව සහ හොඳන් බීජ ප්‍රරෝහණය සිදුවන නිසා බීජ සඳහා වන වියදම අවම කරගත හැක. නාස්තිය අවමවේ
  • අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් හා ජෛවීය සාධකවලින් ඇතිකරන බලපෑම් අවමකර ගැනීමට හැකිවේ

තවානට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම

  • දවස පුරා හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයක් විය යුතුය
  • ජලය හොඳින් බැසයන ස්ථානයක් විය යුතුයි
  • තවාන් දැමීමට බලාපොරොත්තු වන බීජ වර්ගයට අයත් බෝගය හෝ එම කුලයට අයත් වෙනත් බෝගයක් හෝ එම ස්ථානයේ මෑත කාලයේදී වගාකර නොතිබිය යුතුයි
  • තවානේ නඩත්තු කටයුතු සිදුකිරීමටත් රැකබලා ගැනීමටත් පහසු ස්ථානයක් වීම අවශ්‍යයි

පාංශු ජීවානුහරණය
මෙහිදී සිදු කරන්නේ බීජ පැලවලට හානි සිදු කරන පසේ ජීවත්වන්නාවූ පාංශු දිලීර සහ බැක්ටීරියා මෙන්ම බීජ පැලවලට හානි කරන කෘමීන් හා නෙමටෝඩාවන් වැනි කුඩා ජීවීන් හා වල් පැලෑටි බීජ විනාශ කිරීමයි.

ජීවානුහරණ ක්‍රම
ජීවානුහරණය සඳහා විවිධ ක්‍රම භාවිතා කරණු ලැබේ

  • භෞතික ක්‍රම
  • රසායනික ක්‍රම

භෞතික ක්‍රම

  1. පිලිස්සීම මඟින් ජීවානුහරණය
  2. සූර්යතාපය මඟින් ජීවානුහරණය
  3. පාංශු දිලීරනාශක භාවිතයෙන් ජීවානුහරණය

පිලිස්සීම මඟින් ජීවානුහරණය
පළමුව සාදාගත් පාත්තිය ජලය දමා තෙත් කරන්න. පසුව සෙන්ටිමීටර් 12ක් පමණ ඝනකමට පිදුරු තට්ටුවක්ද, ඒ මත සෙන්ටිමීටර් 7-12 ක් පමණ ඝනකමට දහයියා තට්ටුවක්ද නැවත සෙන්ටිමීටර් 7 – 12ක් පමණ ඝනකමට පිදුරු තට්ටුවක්ද අතුරා සුළං හමන දිශාවට විරුද්ධ අතට පාත්තියේ කෙළවරකින් ගිනි තබනු ලැබේ. ගින්න නිවුන පසු අළු ඉවත්කර බීජ දැමීමට පෙර දින 4ක් පමණ තවාන නිවෙන්න හරින්න.

සූර්ය තාපය මඟින් ජීවානුහරණය
තවාන් පාත්තිය හොඳින් සකස්කර ගන්න. වතුර මලක් සවිකළ බාල්දියකින් පාත්තිය හොදින් තෙමා හතර කොන ගඩොල් කැට 4ක් තබාගත යුතුයි. තවානේ මතුපිටත් පොලිතීන් ආවරණයත් අතර සෙන්ටිමීටර් 2-4ත් අතර උස ප්‍රමාණයක් තබාගැනීම පිණිස මේ ගඩොල් කැට තබණු ලැබේ. ඉන් පසු පොලිතීන් ආවරණයෙන් තවාන සම්පූර්ණයෙන්ම ආවරණයකර වටේට පස් දමා හොඳින් තද කළ යුතුයි. මෙය දින 14ක් හොඳින් සූර්යාලෝකයට නිරාවරණය කළ යුතුය.

තද හිරුඑළිය ඇති දිවා කාලවලදී පසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේ‍ට් අංශක 55ට වඩා ඉහළයාම නිසා පොලිතීනයත් තවානත් අතර ඇති වාතය සහ පසේ ජලය රත්වීම මඟින් පසේ ක්ෂ්‍රද්‍ර ජීවීන් විනාශ වේ.

බීජ ප්‍රතිකාර කිරීම
තවානේ බීජ තැම්පත් කිරීමට ප්‍රථම නිර්දේශිත දිලීරනාශකයක් යොදා බීජ ප්‍රතිකාර කළ යුතුය. මෙහි ප්‍රධාන අරමුණ බීජ සමඟ මිශ්‍රව නොයෙකුත් රෝග කාරක තවානට ඇතුල්වීම වැලැක්වීමටයි. මේ නිසා ජීවාණුහරණය කරන ලද පසක සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම අනිවාර්ය වේ.

බීජ ප්‍රතිකාර කිරීම

තවානේ බීජ තැම්පත් කිරීමට ප්‍රථම නිර්දේශිත දිලීරනාශකයක් යොදා බීජ ප්‍රතිකාර කළ යුතුය. මෙහි ප්‍රධාන අරමුණ බීජ සමඟ මිශ්‍රව නොයෙකුත් රෝග කාරක තවානට ඇතුල්වීම වැලැක්වීමටයි. මේ නිසා ජීවාණුහරණය කරන ලද පසක සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම අනිවාර්ය වේ.
තවාන් පිළියෙල කිරීම

  • වම්බටු සඳහා හොඳින් හිරුඑළිය ලැබෙන ස්ථානයක සැකසු උස් තවාන් සුදුසුවන අතර, බීජ සිටුවීමට පෙර තවාන් පාත්ති ජීවානුහරණය කල යුතුය
  • පාත්ති මතුපිට යොදන ලද පස්, ගොම 1 : 1 තුනී තට්ටුව මතුපිට අගල් 6 පරතරය ඇතිව පේලි දිගේ බීජ දමා සියුම් පස්වලින් වසා, පිදුරු තට්ටුවකින් තවාන් ආවරණය කරන්න
  • මීටර් 1 පළල, මීටර් 3 දිග තවාන් පාත්තියක් බටු බීජ ග්‍රෑම් 30ක් සඳහා සෑහේ
  • දින 25-30 ගතවු පසු පැල ‍ක්ෂේත්‍රයේ සිටුවීමට යෝග්‍ය තත්වයට පත් වේ
  • යල කන්නයේදී වර්ෂාව ලැබීමත් සමඟ හා මහ කන්නයේ අධික වර්ෂාවෙන් පසු පැල සිටුවන්න

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට බීජ ග්‍රෑම් 350ත් 375ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් බටු බීජ ග්‍රෑම් එකක බීජ 200ක් පමණ අඩංගුය.

පැල සිටුවීම
රෝපණ ද්‍රව්‍ය

  • තවානෙන් ලබාගත් සති 3 – 4 පමණ වයස් ගතවූ බීජ පැල ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගතයුතු වේ
  • බඳුන් ගතකළ පැල පාවිච්චි කලහොත් ක්ෂේත්‍රයේදී පැල මැරීයාම බොහෝ දුරට අඩුකල හැකිය


බිම් සැකසීම

  • බැක්ටීරියා හිටුමැරීමේ රෝගය අවම කර ගැනීම සඳහා මීට ඉහතදී සොලනේසියේ කුලයට අයත් වෙනත් බෝගයක් වගා නොකරන ලද භූමියක් තෝරා ගැනීම ඉතා යෝග්‍ය වේ
  • තෙත් කලාපයේදී නම් වම්බටු වගාව සඳහා උස් පාත්ති සාදා එම පාත්ති මත සිටුවීම සඳහා වලවල් සාදා ගත යුතුය
  • වියළි කලාපයේදී නම් මූල වර්ධනය සාර්ථක කරනු පිණිස ගැඹුරු සී සෑම සිදුකොට එක් වරක් හෝ දෙවරක් කැට පොඩි කොට භූමිය මට්ටම් කරගෙන, ජල වහනය දියුණු කිරීම සඳහා බෑවුමේ හරහට කාණු සකස් කරගෙන, නියමිත පරතරයක් අනුව වලවල් සකස් කරගත යුතුය


සිටුවීම සඳහා යෝග්‍ය කාලය

  • වෙළඳපොල දත්ත අනුව ලංකාවේ වම්බටු නිෂ්පාදනය පෙබරවාරි හා මාර්තු යන මාසවල අතිරික්තයක් පෙන්වයි,
  • ඉහල තොග මිල ගණන් වාර්තා කරනුයේ සැප්තැම්බර් හා ඔක්තෝම්බර් යන මාසවලදී මේ නිසා සැත්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී අස්වනු නෙලාගැනීමට හැකිවන සේ බෝගය ස්ථාපනය කිරීමෙන් ඉහල මිල ගණන්වලට නිෂ්පාදනය අලෙවි කරගත හැකිවනු ඇත.
  • කෙසේවුවද වර්ෂාපෝෂිත වගාවකදී වර්ෂාව ආරම්භයත් සමඟම බීජ පැල සිටුවීම කළයුතු වේ
  • නමුත් තද වර්ෂාව පවතින විට සිටුවීම නොකළ යුතුයි


පරතරය
සෙන්ටිමීටර් 90 x 60 පරතරය ඇතිව සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයට පිළියෙල කරගත් වලවල්වලට කාබනික පොහොර යොදා දින 25 හෝ 30 වූ බීජ පැල එක් වලක එක බැඟින් හෝ දෙක බැඟින් සිටුවන්න.

ඉන්පසු ජල සම්පාදනය කොට, හිරු රශ්මිය අධිකව ඇත්නම් කොළ අතුවලින් ආවරණය කරන්න. සවස් වරුවේ පැල සිටුවීම වඩා යෝග්‍යය.

පැළ සිටුවීම

  • සාමාන්‍යයෙන් වම්බටු වගා කරන්නේ තනි වගාවක් වශයෙනි
  • ජලවහන තත්ත්වය අනුව සමතලා බිමේ හෝ වැටිවල පැල සිටුවීම කළයුතු වේ
  • වම්බටු වගා කරන පරතරය පැල අතර සෙන්ටිමීටර් 60ක් හා පේලි 2ක් අතර සෙන්ටිමීටර් 90ක් වේ
  • පැල සිටුවීමට දින 2-3කට පමණ පෙර එක වලකට කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 2-3 ක පමණ ප්‍රමාණයක් යොදා මතුපිට පස සමඟ මිශ්‍ර කරමින් වල පුරවා මුදුන් කිරීම කළ යුතුය
  • සති තුන හතරක් පමණ වයස් නීරෝගී බිජ පැල පමණක් සිටුවීම සඳහා යොදාගත යුතුවේ
  • බීජ පැල සිටුවූ පසු සෙවන සපයා ජල සම්පාදනය කළ යුතුය
  • අධික හිරු එළියෙන් ආරක්ෂා කිරීම සඳහා දින තුනක්වත් සෙවන ලබාදීමට අවශ්‍ය වේ
  • ‍එක වලක පැල එකක් හෝ දෙකක් සිටුවීම කළ යුතුවේ


වල් පැලෑටි පාලනය
වම්බටු පැල සිටුවා සති 2. 4. 7. 9 . 12 යන අවස්ඨාවලදී වල් පැල ඉවත් කිරීම කළ යුතුය

පොහොර යෙදීම
වම්බටු වගාවේදී බීජ පැල සිටුවීම සඳහා පිළියෙලකල වලවල්වලට කාබනික පොහොර අවම වශයෙන් දොතක් (ග්‍රෑම් 250 – 300) පමණවත් යෙදීමකල යුතුය. පැල සිටුවීමට දින 2කට පෙර මූලික පොහොර ලෙස යෙදියයුතු රසායනික පොහොර ප්‍රමාණයද වලවල්වලට යොදා පස් සමග කලවම් කරන්න

ජල සම්පාදනය
වියලි කලාපයේ වර්ෂා‍ ජලයෙන්ද වම්බටු වගාකල හැකිය. සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හා ලාභදායි වගාවක් ලෙස පවත්වා ගැනීම සඳහා ජල සම්පාදනයකල යුතුය. වියළි කාලගුණයක් ඇතිවිට අවම වශයෙන් දින 5කට වරක් ජල සම්පාදනය කරන්න.

වම්බටු වගාවේ පළිබෝධ පාලනය
ඵල හා කරටි විදින පණුවා (Leucinoidesorbonalis)


වම්බටු ශාකයේ කරටි මැලවීයාම හා කැඩී එල්ලා වැටීමහානියේ ලක්ෂණ

  • ඵල මත ආහාර ලබාගැනීම සඳහා ඇතිකල සිදුරු දැකගත හැකිවීම
  • මෙම සිදුරුවල බහිශ්‍රාවිය ද්‍රව්‍ය පිරීතිබෙනු දැකිය හැක
  • හානිකල ඵල හා කරටි කපා බැලූවිට කීටයන් දක්නට ලැබේ
  • වම්බටු ඵල හා කරටි විදින පණුවාගේ හානිය නිසා ක්ෂේත්‍රයේ දී 75% දක්වා අස්වැන්න හානි විය හැක

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • නිර්දේශිත පරතරයට පැල සිටුවීම
  • ක්ෂේත්‍රය වටා මීටර් දෙකක් පමණ උසට පොල් අතු වැනි දෙයකින් ආවරණය කිරිම
  • හානියට ලක් වී ඇති ඵල හා කරටි කඩා වලලා දැමීම හෝ පුළුස්සා දැමීම
  • අස්වනු නෙලීමෙන් පසු ක්ෂේත්‍රයේ ඉතිරිවන කොටස් විනාශ කර දැමීම
  • නිර්දේශිත ආකාරයට රසායනික පොහොර භාවිතය

 

මයිටාවන් (Tetranychusspp, Hemitrasonamuslatus)


මයිටාවන් මෑතකදී වම්බටු වගාවේ ප්‍රධාන පළිබෝධකයකු බවට පත්වී ඇතහානියේ ලක්ෂණ

  • උණුසුම් කාලගු ණ තත්ත්ව යටතේ දී පැතිරීම වැඩිය
  • මයිටාවන් විසින් යුෂ උරාබීම නිසා ශාක පත්‍ර යටි අතට රෝල් වීම සිදුවන අතර පසුව ශාක පත්‍ර මලානික වී රතු දුඹුරු පැහැති වී වියළී මැරී යයි
  • හානිය පළමුව ශාක පත්‍රවල යටි ප්‍රදේශයේ දැකිය හැකි අතර, පසුව ඉහළ ප්‍රදේශයටද පැතිර යයි
  • ඵල කුඩාකාලයේදී මයිටාවන්ගේ හානියට ලක්වීම නිසා ඵලාවරණයේ පැහැය රහිත ප්‍රදේශ සහිත ඵල ඇති වේ

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • ක්ෂේත්‍රයේ වල් මර්ධනය කර පිරිසිදුව පවත්වා ගෙන යාම
  • නිසියාකාරව ජල සම්පාදනය කිරීම මඟින් ශාකයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම
  • රසායනික ද්‍රව්‍යය අඩුවෙන් යෙදීමෙන් ස්වභාවික විලෝපිකයන් හා පෝෂිතයින් ආරක්ෂා කිරීම

පත්‍ර කීඩෑවා (Amrascadevastans)
හානියේ ලක්ෂණ

  • පත්‍ර රැලි වැටී, වකුටු වී, පත්‍ර දාර කහපාටවී, පිළිස්සුණු ස්වභාවයක් ගනී
  • පත්‍ර දාරයෙන් උඩු අතට රෝල් වීම සිදු වේ
  • පත්‍ර කුඩා වීම සිදුවන අතර, ශාකයේ වර්ධනය දුර්වල වේ
  • ජීවන චක්‍රයේ සුහුඹුල් හා ශිෂු යන අවස්ථා දෙකම ශාකයට හානි කරයි, සුහුඹුලන් ලා කොල පැහැතිය
  • වියළි දේශගුණයක් සහිත කාලවලදී මෙම හානිය වඩාත් බහුල වෙයි.

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • නියමිත පරතරයට පැළ සියුවීම
  • ක්ෂේත්‍රය වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම
  • අස්වනු නෙලීමෙන් පසු ක්ෂේත්‍රයේ ඉතිරිවන කොටස් විනාශ කර දැමීම
  • නිර්දේශිත පොහොර භාවිතය, විශේෂයෙන්ම නයිට්‍රජන් අඩංගු පොහොර වැඩිපුර භාවිතා නොකිරීම

පැල මැක්කා (Scirtothripsdorsalis)
හානියේ ලක්ෂණ

  • උණුසුම් වියළි කාලගුණ තත්ව යටතේදී හානිය වැඩි වශයෙන් පැතිර යයි
  • සුහුඹුලන් හා ශිෂුවන් ශාක පත්‍රමත යුෂ උරාබීම සිදු කරයි, මේ නිසා හානිවූ පත්‍ර අක්‍රමවත් හැඩයක් ගනී
  • පුෂ්පවලින් යුෂ උරාබීම නිසා පුෂ්ප හැලීයයි
  • සමහර අවස්ථාවලදී ඵලවලටද හානි කරයි. මේ නිසා ඵල මත සීරීම් වැනි ලක්ෂණ දැකගත හැකිවේ

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • නිර්දේශිත පරතරයට පැළ සියුවීම
  • නිර්දේශිත පොහොර භාවිතය
  • අස්වනු නෙලීමෙන් පසු ක්ෂේත්‍රයේ ඉතිරිවන කොටස් විනාශ කර දැමීම

සුදු මැස්සා (Bemisiatabaci)
හානියේ ලක්ෂණ

  • සුහුඹුලන් හා ශිෂුවන් පත්‍රවලින් යුෂු උරාබීම නිසා පත්‍ර හැකිලීම, කුඩාවීම, හරිතප්‍රද අඩු වී පත්‍ර කහපාට වීම හා වර්ධනය බාල වීම සිදු වේ
  • මොවුන් විසින් ස්‍රාවය කරනු ලබන මධු පිනිමත දැලිපුස් වර්ධනය වීම නිසා එම ස්ථාන කළු පැහැයට දිස්වේ
  • වියළි උණුසුම් කාලගුණ තත්ත්ව යටතේ දී පැතිරීම වැඩියි

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • ක්ෂේත්‍රය හා අවට වල් පැලවලින් තොරව පවත්වාගෙන යාම
  • නියමිත කන්නයේදී පමණක් බෝග වගා කිරීම
  • නිර්දේශිත ආකාරයට රසායනික පොහොර භාවිතය
  • විසිරුම් ජල සම්පාදන ක්‍රම යොදාගැනීමෙන් පත්‍රවල සිටින පළිබෝධ ගහනය අඩු කිරීම

වම්බටු කොළ හකුලන දළඹුවා / බටු පත්‍ර ගොටු ගසන්නා (Psarabipunctalis)

‍හානියේ ලක්ෂණ

  • වම්බටු ශාකයේ කරටි මැලවීයාම හා කැඩී එල්ලා වැටීම
  • ඵල මත ආහාර ලබාගැනීම සඳහා ඇතිකල සිදුරු දැකගත හැකිවීම
  • මෙම සිදුරුවල බහිශ්‍රාවිය ද්‍රව්‍ය පිරීතිබෙනු දැකිය හැක
  • හානිකල ඵල හා කරටි කපා බැලූවිට කීටයන් දක්නට ලැබේ
  • වම්බටු ඵල හා කරටි විදින පණුවාගේ හානිය නිසා ක්ෂේත්‍රයේ දී 75% දක්වා අස්වැන්න හානි විය හැක

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • නිර්දේශිත පරතරයට පැල සිටුවීම
  • ක්ෂේත්‍රය වටා මීටර් දෙකක් පමණ උසට පොල් අතු වැනි දෙයකින් ආවරණය කිරිම
  • හානියට ලක් වී ඇති ඵල හා කරටි කඩා වලලා දැමීම හෝ පුළුස්සා දැමීම
  • අස්වනු නෙලීමෙන් පසු ක්ෂේත්‍රයේ ඉතිරිවන කොටස් විනාශ කර දැමීම
  • නිර්දේශිත ආකාරයට රසායනික පොහොර භාවිතය

මයිටාවන් (Tetranychusspp, Hemitrasonamuslatus)


මයිටාවන් මෑතකදී වම්බටු වගාවේ ප්‍රධාන පළිබෝධකයකු බවට පත්වී ඇතහානියේ ලක්ෂණ

  • උණුසුම් කාලගු ණ තත්ත්ව යටතේ දී පැතිරීම වැඩිය
  • මයිටාවන් විසින් යුෂ උරාබීම නිසා ශාක පත්‍ර යටි අතට රෝල් වීම සිදුවන අතර පසුව ශාක පත්‍ර මලානික වී රතු දුඹුරු පැහැති වී වියළී මැරී යයි
  • හානිය පළමුව ශාක පත්‍රවල යටි ප්‍රදේශයේ දැකිය හැකි අතර, පසුව ඉහළ ප්‍රදේශයටද පැතිර යයි
  • ඵල කුඩාකාලයේදී මයිටාවන්ගේ හානියට ලක්වීම නිසා ඵලාවරණයේ පැහැය රහිත ප්‍රදේශ සහිත ඵල ඇති වේ

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • ක්ෂේත්‍රයේ වල් මර්ධනය කර පිරිසිදුව පවත්වා ගෙන යාම
  • නිසියාකාරව ජල සම්පාදනය කිරීම මඟින් ශාකයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම
  • රසායනික ද්‍රව්‍යය අඩුවෙන් යෙදීමෙන් ස්වභාවික විලෝපිකයන් හා පෝෂිතයින් ආරක්ෂා කිරීම

පත්‍ර කීඩෑවා (Amrascadevastans)
හානියේ ලක්ෂණ

  • පත්‍ර රැලි වැටී, වකුටු වී, පත්‍ර දාර කහපාටවී, පිළිස්සුණු ස්වභාවයක් ගනී
  • පත්‍ර දාරයෙන් උඩු අතට රෝල් වීම සිදු වේ
  • පත්‍ර කුඩා වීම සිදුවන අතර, ශාකයේ වර්ධනය දුර්වල වේ
  • ජීවන චක්‍රයේ සුහුඹුල් හා ශිෂු යන අවස්ථා දෙකම ශාකයට හානි කරයි, සුහුඹුලන් ලා කොල පැහැතිය
  • වියළි දේශගුණයක් සහිත කාලවලදී මෙම හානිය වඩාත් බහුල වෙයි.

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • නියමිත පරතරයට පැළ සියුවීම
  • ක්ෂේත්‍රය වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම
  • අස්වනු නෙලීමෙන් පසු ක්ෂේත්‍රයේ ඉතිරිවන කොටස් විනාශ කර දැමීම
  • නිර්දේශිත පොහොර භාවිතය, විශේෂයෙන්ම නයිට්‍රජන් අඩංගු පොහොර වැඩිපුර භාවිතා නොකිරීම

පැල මැක්කා (Scirtothripsdorsalis)
හානියේ ලක්ෂණ

  • උණුසුම් වියළි කාලගුණ තත්ව යටතේදී හානිය වැඩි වශයෙන් පැතිර යයි
  • සුහුඹුලන් හා ශිෂුවන් ශාක පත්‍රමත යුෂ උරාබීම සිදු කරයි, මේ නිසා හානිවූ පත්‍ර අක්‍රමවත් හැඩයක් ගනී
  • පුෂ්පවලින් යුෂ උරාබීම නිසා පුෂ්ප හැලීයයි
  • සමහර අවස්ථාවලදී ඵලවලටද හානි කරයි. මේ නිසා ඵල මත සීරීම් වැනි ලක්ෂණ දැකගත හැකිවේ

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • නිර්දේශිත පරතරයට පැළ සියුවීම
  • නිර්දේශිත පොහොර භාවිතය
  • අස්වනු නෙලීමෙන් පසු ක්ෂේත්‍රයේ ඉතිරිවන කොටස් විනාශ කර දැමීම

 

සුදු මැස්සා (Bemisiatabaci)
හානියේ ලක්ෂණ

  • සුහුඹුලන් හා ශිෂුවන් පත්‍රවලින් යුෂු උරාබීම නිසා පත්‍ර හැකිලීම, කුඩාවීම, හරිතප්‍රද අඩු වී පත්‍ර කහපාට වීම හා වර්ධනය බාල වීම සිදු වේ
  • මොවුන් විසින් ස්‍රාවය කරනු ලබන මධු පිනිමත දැලිපුස් වර්ධනය වීම නිසා එම ස්ථාන කළු පැහැයට දිස්වේ
  • වියළි උණුසුම් කාලගුණ තත්ත්ව යටතේ දී පැතිරීම වැඩියි

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • ක්ෂේත්‍රය හා අවට වල් පැලවලින් තොරව පවත්වාගෙන යාම
  • නියමිත කන්නයේදී පමණක් බෝග වගා කිරීම
  • නිර්දේශිත ආකාරයට රසායනික පොහොර භාවිතය
  • විසිරුම් ජල සම්පාදන ක්‍රම යොදාගැනීමෙන් පත්‍රවල සිටින පළිබෝධ ගහනය අඩු කිරීම

වම්බටු කොළ හකුලන දළඹුවා / බටු පත්‍ර ගොටු ගසන්නා (Psarabipunctalis)

පත්‍ර කීපයක් ගොටු ගසා ඒ තුල කීටයින් පෝෂණය වේහානියේ ලක්ෂණ

  • මෙහිදී කීටයින් ගොටු ගැසූ පත්‍රවල පත්‍ර නාරටි හැර ඉතිරි කොටස් කා දමයි
  • ශාකයේ අග්‍රස්ථ පත්‍රවල හානිය වැඩිපුර දැකගත හැක
  • ශාකයේ ආහාර නිෂ්පාදනය අඩුවීම නිසා වර්ධනය බාල වේ

පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • තදින් ගොටු ගසා ඇති පත්‍ර කඩා විනාශ කිරීම

 

දියමලන්කෑම
රෝග කාරකයින්

  1. පියුසාරියම් විශේෂ (Fusariumspp)
  2. පීතියම් විශේෂ (Pythiumspp)
  3. පයිටොප්තොරා විශේෂ (Phytopthoraspp)
  4. රයිසොක්ටෝනියා විශේෂ (Rhizoctoniaspp)

රෝග ලක්ෂණ
තවානේ පැල පාමුලින් කුණුවී යන අතර, පසුව පැල මැරී යයි.
රෝග පාලන ක්‍රම

  • බීජ ප්‍රතිකාර කිරිම තුළින් මෙම රෝගය බොහෝ දුරට පාලනය කරගත හැක
  • බීජ ප්‍රතිකාර සදහා වම්බටු බීජ කිලෝ ග්‍රැම් 1කට කැප්ටාන් 50% තෙ.කු. ග්‍රෑම් 600ක් හෝ කැප්ටාන් 80% තෙ.කු. ග්‍රෑම් 375ක් හෝ තිරාම් 80% තෙ.කු. යොදාගන්නේ නම් ග්‍රෑම් 450ක් ද වන පරිදි මිශ්‍ර කළ යුතුය
  • මිට අමතරව පාංශු ප්‍රතිකාර කිරිම තුළින් ද මෙම රෝගය පාලනය කල හැක
  • මේ සදහා කැප්ටාන් 50% තෙ.කු. නම් ග්‍රෑම් 12ක්ද, කැප්ටාන් 80% තෙ.කු. නම් ග්‍රෑම් 8ක්ද, තිරාම් 80% තෙ.කු. යොදාගන්නේ නම් ග්‍රෑම් 14ක්ද, ක්ලෝරොතැලොනිල් 75% තෙ.කු. යොදාගන්නේ නම් ග්‍රෑම් 12ක්ද වනසේ ජලය ලීටර 10ක දියකර යෙදීම සිදුකල හැක

ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • ජල වහනය දියුණු කිරිම
  • රෝගි ශාක ගලවා විනාශ කිරිම
  • නිසි ලෙස තවාන් පාලනය කිරිම
  • තවාන් මාධ්‍ය ජීවාණුහරනය කිරිම

බැක්ටීරියා හිටුමැරිමේ රෝගය
රෝග කාරකය – රැල්ස්ටෝනියා සොලනාසෙයාරුමි (Ralstoniasolanasearum)

පළමුව ශාකයේ අග්‍රස්ථ කොටස් මැලවී යන අතර, පසුව මුළු ශාකයම මැලවී මැරී යයිරෝග ලක්ෂණ

  • ශාකයේ විවිධ වර්ධන අවස්ථාවල අසාදනය විය හැක
  • ශාක ක‍දේ පහළ කොටසින් ආගන්තුක මුල් ඇතිවේ.ශාකයේ පහළ කොටසේ සනාල කලාප දුර්වර්ණ වේ
  • මෙම බැක්ටීරියා පසේ ජීවත් වන අතර, ජලය මඟින් පැතිරේ, තෙත් කලාපයේ මෙම රෝගය බහුලව දක්නට ඇත
  • ශාකයේ කඳ පස් මට්යමට තරමක් උඩින් මුවහත් පිහියකින් කපා, කැපු අත්ත පිරිසිදු ජල භාජනයක බහාලු විට කඳින් දුමාරයක් ලෙස බැක්ටීරියා සහිත සුදු පැහැති දියරයක් වෑස්සිමට පටන් ගනි. මෙමගින් වෙනත් හේතු නිසා ඇතිවන මැලවීමක් වෙන් කොට හඳුනාගත හැක

පාලන ක්‍රම

  • සොලනේසියේ කුලයට අයත් නොවන වෙනත් බෝග සමග බෝග මාරු කරමින් වගා කරන්න
  • නිරෝගි බීජ සහ රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • වල් පැලෑටි මර්දනය කර ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
  • කාණු පද්ධතිය මනා ලෙස සකස්කර ක්ෂේත්‍රයේ ජල වහනය දියුණු කිරීම
  • ආසාදිත ශාක කොටස් පස් සමඟ ගලවා විනාශ කිරීම
  • ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම, උදාහරණ:- පාදාගොඩ වර්ගය

පාදස්ථ කුණුවීම හා මුල් කුණුවීම
රෝග කාරකය
– පියුසාරියම් විශේෂ (Fusarium SPP)
– රයිසොක්ටෝනියා සොලනයි (Rhizoctoniasolani)
– ස්ක්ලෙරොටියම් රොල්ෆ්සි (Sclerotiumroltsii)
රෝග ලක්ෂණ

  • ශාක කදේ පසට ඉතාමත් ආසන්න ප්‍රදේශයේ මෘදුකුණුවීමක් දක්නට ලැබේ
  • මෙම ස්ථානවල සුදුපාට පුළුන් ආකාර පුස්වලින් ආවරණය වී පවතී
  • මුල් දුර්වර්ණ වීම, ශාක වායව කොටස් මැලවී මැරීයාම සිදු වේ
  • ඉහළ උෂ්ණත්වයක් හා ආර්ද්‍රතාවක් ඇතිවිට පැතිරීයාම සීඝ්‍රයෙන් සිදු වේ

රෝග පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • සොලනේසි කුලයට අයත් නොවන වෙනත් බෝග සමඟ බෝග මාරුව සිදු කරන්න
  • ආසාදිත ශාක ගලවා විනාශ කරන්න
  • ක්ෂේත්‍රයේ ජලවහනය දියුණු කරන්න

ඇන්ත්‍රැක්නොස් ඵල කුණුවීම
රෝග කාරකය – කොලෙට්‍රොටිකම් විශේෂ (Colletotrichum SPP)


මේරූ ඵල මත විවිධ ප්‍රමාණයේ ගිලී පවතින පුල්ලි දක්නට ලැබේ. පසුව මේ ඵල හැලී යයිරෝග ලක්ෂණ

  • මල් හා ළපටි දළුද තෙත් සහිත කාලගුණ තත්ත්වවලදී ආසාදනය වී, දුඹුරු පැහැයට හැරී හැලී යා හැක

රෝග පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • නිර්දේශිත රසායනික පොහොර භාවිතය
  • නිර්දේශිත පරතරයට බෝග වගා කිරීම
  • බෝග මාරුව
  • ආසාදිත ශාක කොටස් විනාශ කිරීම
  • අස්වනු නෙලීමේදී හා ප්‍රවාහණයේදී යාන්ත්‍රික හානි අවම වන ආකාරයට කටයුතු කිරීමෙන් රෝග ආසාදනය වීම වළක්වා ගැනීම

 

ෆෝමොප්සිස් අංගමාරය
රෝග කාරකය – ෆෝමොප්සිස් වෙක්සාන්ස් (Phomopsisvexans)
රෝග ලක්ෂණ

  • ශාකයේ වායව කොටස්වලට ඕනෑම වර්ධන අවධියකදී ආසාදනය විය හැක
  • මුලින්ම කඳ වටා පටියක් ආකාරයට පැල්ලම් දැකගත හැක. පසුව මෙම ලප ඇති ස්ථානයට ඉහළින් ඇති වායව කොටස් මැරී යයි
  • පත්‍රවලට රෝග ආසාදනය වූ විට පත්‍රවල රවුම් ආකාර පුල්ලි ඇතිවේ. මෙම පුල්ලි තද දුඹුරු හෝ අළු පාට වන අතර, වටේට තද දුඹුරු පාට දාරයක් ඇත
  • පසුව මෙම පුල්ලිවල මැද කලු පාටට හැරේ. පත්‍ර කහපාට වී මැරී යයි
  • ඵල මත ඇතිවන පුල්ලි පත්‍ර පුල්ලිවලට සමාන ආකාරයක් ගන්නා අතර, තරමක් විශාල වෙයි
  • ආසාදිත ඵල මෘදු හා දියරමය ස්වභාවයක් පෙන්වයි

රෝග පාලන ක්‍රම
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • ආසාදිත ශාක කොටස් විනාශකර දැමීම
  • බෝග මාරුව


පත්‍ර කුඩාවීමේ රෝගය

රෝග ලක්ෂණ
ශාක පත්‍ර කුඩාවේ. ශාක පත්‍ර කඳට ඇලී ඇත් ස්වභාවයක් ගන්නා අතර, ඒවා විශාල සංඛ්‍යාවක් එකට ගොනුවී පවතී. ශාකය කුරු වන අතර, පදුරුමය ස්වභාවයක් පෙන්වයි. බොහෝවිට මල් හට ගැනීමක් සිදු නොවේ. මයිකොප්ලාස්මා නැමති ජීවියෙකු මෙම රෝගයේ රෝගකාරකයා ලෙස ක්‍රියාකරණු ලබන බව පැවසේ.
රෝග පාලන ක්‍රම
ආසාදිත ශාක ක්ෂේත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීම. රෝග ලක්ෂණ දුටු අවස්ථාවේදීම රෝගයට පාත්‍ර වූ ශාක හා ඒ අවට ඇති ශාකවල මූල මණ්ඩල ප්‍රදේශය හොඳින් තෙමී යන ලෙස දිලීර නාශක මිශ්‍රණය මල් බාල්දියකින් යොදන්න.

අස්වැන්න නෙලීම
වගාකර ඇති ප්‍රභේදය හා පාරිසරික තත්ව අනුව පැල සිටුවා සති 10 – 12 අතර දී පළමු අස්වැන්න නෙලා ගත හැකිය. මින්පසුව දින 7කට වරක් බැගින් නැවත අස්වැන්න නෙලිය හැකිය. පිහියකින් නටුව කපා කරල් වෙන්කර ගන්න.
අස්වැන්න
බටු වගාවක අස්වැන්න ප්‍රභේදය හා වගා පාලනය මත වෙනස් වේ. ජල සම්පාදනය කොට නිර්දේශිත ප්‍රභේදයක් වගා කිරීමේන හෙක්ටයාර් එකකට ටොන් 15 – 18 දක්වා අස්වැන්න ලබ‍ාගත හැකිය. මෙම අස්වැන්න නෙලීම වාර 8 – 10 මගින් ලබාගත හැකිය.
පසු අස්වනු කටයුතු
නරක්වු හා කෘමි හානිවලට ලක්වු ගෙඩි ඉවත් කරන්න

ස්තූතිය සහ උපුටා ගැනීම – https://www.doa.gov.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *