කාබනිකව කෝමාරිකා වගා කිරීමට දැනුම

🍀🍀🍀හැදින්වීම🍀🍀🍀

💚කෝමාරිකා වගාව ලාභදායී , අඩු අවදානමක් දැක්විය යුතු , දරුනු රෝග හට නොගන්නා වගාවකි.

💚කාර්ය බහුල අයට වූවද නිවසේ වගා කර හොද ලාභයක් ඉපැයීමට හැකි වගාවකි.

 

💚කෝමාරිකා Liliaceae කුලයට අයත් වේ.

💚Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාකය කුමාරි, ගෘහ කන්යා, සෘතු කුමාරි, කුමාරිකා යන නම්වලින් ද හඳුන්වයි.

💚කෝමාරිකා කාන්තාරික ශාකයකි.

💚කෝමාරිකා ශාකය ඇමරිකාව, අප්රිකාව, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්රී ලංකාව වැනි ඌෂ්ණ කලාපීය ප්රදේශ ආශ්රිතව ඉතා සරුවට වැඩෙන ශාකයකි.

💚කටු සහිත දික් හැඩැති ඝනකම් පත්ර ඇති මෙම ශාකය පඳුරු වශයෙන් දක්නට හැකිය

💚කෝමාරිකා සාමාන්යයෙන් හඳුන්වන්නේ Aloe vera ලෙස ය.

 

💚බහුවාර්ෂික (Lilliacae) පඳුරු ස්‌වභාවයේ ශාකයක්‌ වන එය කෙටි, ඝන, සිලින්ඩරාකාර සහ සරල කාෂ්ඨීය කඳකින් යුක්‌ත වන අතර ධාවකවලින් හටගන්නා තන්තුමය මුලකින් සමන්විත වේ.

💚මේ කෙටි කඳ මත පැනනැඟුණු මාංසල, නිර්වෘන්තීය, පුළුල් මූලයකින් සහ සෙන්ටිමීටර් 35-45 දක්‌වා දිගින් යුක්‌ත තියුණු ව කෙළවර වන කෝමාරිකා පත්ර අපට ඉතා හුරුපුරුදු ය.

💚වියළි කාලයේ දී මල් හටගන්නා මේ ශාකයේ නිජබිම උතුරු අප්රිකාව ලෙස සලකන අතර අරාබියේ කාන්තාර ප්රදේශවල ද ව්යාප්ත වී ඇත.

💚ශ්රී ලංකාවේ අර්ධ ශුෂ්ක දේශගුණයක්‌ පවත්නා මන්නාරම, කල්පිටිය, යාපනය සහ කන්කසන්තුරේ ප්රදේශයේ බහුලව දක්‌නට ලැබුණ ද කෝමාරිකා පඳුරක්‌ වවා හෝ වැවී හෝ නොමැති නිවසක්‌ ශ්රී ලංකාවේ දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

💚 අත් බෙහෙතක්‌ ලෙස කෝමාරිකාවල වැදගත්කම ඒ සඳහා ප්රධානතම හේතුව වන අතර රූපලාවන්ය කටයු

 

තුවල දී ද රසවත් ආහාරයක්‌ ලෙස ද කෝමාරිකා යොදාගැනෙයි.

💚ආයුර්වේදයේ කෝමාරිකා හඳුන්වන්නේ තුන් දොස්‌ සමනය කිරීමේ හැකියාවක්‌ සහිත අධික ශීත ගුණයෙන් යුත් ශාකයක්‌ ලෙස ය.

💚ශරීරයේ බාහිර ව සිදු වන කැපුම් සහ පිළිස්‌සුම්වල දී කෝමාරිකා භාවිතය සාමාන්යයෙන් ඕ

 

නෑම අයෙක් දන්නා කරුනකි.

💚ඉතා වටිනාකමක් සහිත මෙම ඖෂධය සෑම ගෙවත්තකම තිබිය යුතු මෙන්ම ඉතා පහසුවෙන් වැවිය හැකි ශාකයක් ලෙස හඳුනාගෙන තිබේ.

💚සාමාන්ය පාංශු තත්ත්වයන් මත වුව ද වැවිය හැකි මේ ශාකයට වැඩිපුර සාත්තුවක් අවශ්ය නොවුණත්, කොම්පෝස්ට් පොහොර යෙදීමෙන් වඩාත් සාරවත් කර ගත හැකිය.

💚අලංකාරයට පෝච්චියක වුවත් වගා කිරිමේ හැකියාව ඇත.

💚කෝමාරිකා ශාකය වර්තමානය වන විට බොහෝ නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන අතර ආර්ථිකමය වශයෙන්ද ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයකි.

💚බොහොමයක් ඖෂධවල, ෂැම්පු වර්ගවල, සබන් වර්ගවලද කෝමාරිකා බීම , කෝමාරිකා පල්ප

 

ආශ්රිත කෑම වර්ග වල කෝමාරිකා අඩංගු වීම මෙයට හේතුවයි

🍀🍀🍀 කෝමාරිකා වගා කරන අයුරු🍀🍀🍀

🔹කෝමාරිකා පැල නිපදවා ගත හැක්කේ;
*බීජමගින්
*පටක රෝපන පැල මගින්
*මොටෙයියන් මගින් (අක්කරයට පැල 5000)
*පත්ර මගින් ; බෝ කර ගත හැක.
( ඉතා සුලු මුදලකට පැල ලබා ගත හැක.)

🔹කෝමාරිකා වගා කිරීමට වඩාත් සුදුසු වන්නේ විශේෂයෙන් හොදින් ජලය බැ

 

ස යන (ජල වහනය හොදින් සිදු වන) වැලි පසයි.
මැටි නොවන සාමාන්ය පසක වූවද කුඩා පාත්ති සකසා වගා කල හැක. පසේ ජලය අධික වූ විට පැල කුනු වීමට එය බලපායි.

 

🔹පැය 8 – 10 පමන හිරුඑලිය යටතේ මනා වර්ධනයක් පෙන්වයි. අවම දිනකට පැය 6ක් වත් හොදින් හිරු එලිය ලැබිය යුතුය.

🔹බිම් සකස් කිරීම නිරිත දිග මෝසම් ආරම්භයත් සමග කල යුතුයි.

🔹දිගු කෙටි පාත්ති සකස් කර ගත යුතුයි.

🔹පැල අතර පරතරය 30-45cm ක් පමන විය යුතුයි.

🔹පේලි අතර පරතරය 60cm පමන විය යුතුයි.

🔹වලවල් අඩි 1.5× 1.5× 1.5 විය යුතුයි.

 

🔹වලවල් පිරවීමට කුකුල් පොහොර , ගොම , කොම්පෝස්ට් , පිලිස්සූ දහයියා යොදා ගත හැක. (පිලිස්සූ දහයියා එක් කරන විට කුකුල් පොහොර ගොම පොහොර වලට වඩා අඩුවෙන් එක් කල යුතුයි.)

🔹පැල සිටුවා දින 1 1/2 කින් පසුව ජල සම්පාදනය කරන්න.

🔹කෝමාරිකා පිත්ත ලොකු කර ගැනීමට ; පැලය වටා එන පැල කුරුල්ලන් ඉවත් කර ගත යුතුයි.පැල කුරුල්ලන් 5 – 6ක් පමන බොහෝ විට පැමිනේ. පැල කරුල්ලන් ඉවත් කරන ලෙස කියනුයේ පැල කුරුල්ලන් නොගලවා සිටියහොත් ඒවා ද පොහොර උරා ගෙන මව් ශාකය සමග තරග කරයි එවිට මව් ශාකයේ පිත්තේ වර්ධනයට එය බලපායි.

🔹වර්ෂා ජලය බොහෝ විට ප්රමානවත් වේ.

🔹 නමුත් වියලි කාල වලදී දින 2- 3කට වරක් වූවද ජල සම්පාදනය ප්රමානවත්

 

වේ.

🔹වර්ෂා කාල වලට පාත්ති හොදින් සුද්ද කර පාත්ති පාදා වල් පැල ගලවා හොදින් පිරිසිදුව තබා ගැනීමෙන් රෝග වල ගොදුරු නොවේ. නැතහොත් දිලීර හා බැක්ටීරියා වර්ධනය වී පැල කුනු වීමකට ලක් වේ.

🔹වල් මර්ධනය
*පැල සිටුවීමට පෙර ;
*පැල සිටුවා මාස 1 1/2 න්
*මාස 3න්
*වර්ෂා කාල වලදී කල යුතුයි.

🔹අක්කරයකට කාබනික පොහොර 8000Kg පමන යොදා ගැනීමෙන් හොද කෝමාරිකා අස්වැන්නක් ලබා ගත හැක.

🔹සිටුවා මාස 5-6 කින් පමන අස්වැන්න ලෙස හොදින් වර්ධනය වූ පිති ලබා ගත හැක.

🔹සාමානයෙන් පිත්තක බර (150- 200-250-300)g අතර අගයක් ගනී. හොදින් කාබනික පොහොර එක් කල විට ගුනාත්මයෙන් ඉහල පිති ලබා ගත හැක.

🔹බදුන් වලද වගා කල හැක.

*අගල් 6 උස, අගල් 10-12 විෂ්කම්භය පමන වන පොලිතීන් කවර වල වගා කල හැක.
*බදුන් මිශ්රනය –
කුකුල් පොහොර , මතුපිට පස් , වැලි
1/2 : 1: 2

🍀🍀🍀කෝමාරිකා වල වැදගත්කම 🍀🍀🍀

👉මිනිස් සිරුරට අවශ්ය ඇමැයිනෝ අම්ල 22න් 20ක්ම කෝමාරිකා ශාකයේ අඩංගු වීම විශේෂත්වයකි.

👉ශරීරයට අවශ්ය නමුත් ශරීරය තුළ නිපදවිය නොහැකි ඇමැයිනෝ අම්ල වර්ග 7ක් කෝමාරිකා තුළ අඩංගුය.

👉තවද අධික වශයෙන් ප්රෝටීන් බහුල ශාකයන් මෙන්ම පිළිකා නාශකයක් ලෙස ද හඳුනාගෙන තිබේ.

👉අතීතයේ මිනිසුන් විටමින් ඌනතාව නිසා ඇති වන රාත්රී අන්ධභාවයට ඖ

ෂධයක් ලෙස ද කෝමාරිකා භාවිතාකොට තිබේ.

👉කෝමාරිකා තුළ විටමින් A, C, D, සහ E හා Folic හා Nicin අම්ල කොපර් මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක් හා යකඩ අඩංගුය.

👉සමහර පිළිකා, රුධිරයේ ප්රෝටීන් ඌනතා වැළැක්වීමට මෙය කදිම ඖෂධයක්.

👉අක්ෂි රෝග පෝෂණ ඌනතා, රක්තහීනතාව, දුර්වල ප්රතිශක්තිය ශක්තිමත් කිරීමට ,ආමාශයේ ඇතිවන තුවාල වලට ප්රතිකර්මයක් ලෙස, අන්ත්රගත තුවාල වලට ප්රතිකර්මයත් ලෙස, අර්ශස් අමාරුවට, දියවැඩියාවට, ආර්තව හරණයෙන් ඇතිවන රෝග සඳහා ද ඖෂධයක් ලෙස කෝමාරිකා යොදා යොදා ගනී

🔺කෝමාරිකාවලට පවතින ඉහළ ඉල්ලුම නිසා විශාල වශයෙන් කෝමාරිකා වගා කිරීමේ නැඹුරුතාවක්‌ ශ්රී ලංකාවේ ද දක්‌නට ලැබෙන අතර විශේෂයෙන් ව්යාපෘති ලෙස කෝමාරිකා වගා කිරීම දක්‌නට ලැබේ. අමුද්රව්යයක්‌ ලෙස අපනයනයෙන් ඔබ්බට ගොස්‌ නිෂ්පාදන සිදු කිරීම මගින් කෝමාරිකා සාරයට අගය එකතු කිරීමේ හැකියාවක්‌ තිබේ නම් එය ලාංකේය අපනයන ආදායමට නැවුම් වටිනාකමක්‌ එක්‌ කරනු ඇත.

Facebook

නළල් බටු / මොට්ටු ශාකය – wild gooseberry plant

Leave a Reply

Your email address will not be published. Required fields are marked *