මිරිස් වගාවට එන රෝග උවදුරු(02 – කොටස)

කුඩිත්තා ගේ හානියේ දී පත්‍ර කෝප්පයක හැඩයට හැරෙන අතර පත්‍ර කහ පැහැයට හැරෙයි. කුඩිත්තා කළු පැහැයෙන් හා කහ පැහැයෙන් විශේෂ 2ක්‌ දැකගත හැකි ය. කළු පැහැති විශේෂය මි.මී.1-2ක්‌ පමණ දිග ය. කහ පැහැති විශේෂය මි.මී. 1.25-2.5ක්‌ පමණ දිග ය. පත්‍ර හා ශාකයේ ළපටි කොටස්‌වලින් යුෂ උරා බීම නිසා ඒවා කෝප්පාකාර හැඩයට හැරෙයි.

සුදු මැස්‌සා ගේ හානියේ දී ශාක පත්‍රවල යුෂ උරා බීමෙන් පමණක්‌ නො ව ඒ ආශ්‍රිතව ඇතුළු වන වයිරසයක්‌ මඟින් කොළ කොඩ වීම ඇති වේ. සුදු මැස්‌සා මි.මී. 1-2ක්‌ පමණ දිගින් යුක්‌ත ය. හානි වූ පත්‍ර කහ පැහැයක්‌ ගන්නා අතර ම බෝට්‌ටුවක හැඩය ද ගනී. පත්‍ර නාරටි පැහැදිලිව දිස්‌ වීමත්a ශාකයේ වර්ධනය අඩු වී පර්ව කෙටි වී කුරු වීමත් ඇති වේ.

ඉහත පළිබෝධ හානියට අමතරව කරල් විදින දළඹුවා ගේ හානිය ද සිදු වේ. කරල් විදින දළඹුවා ගේ සුහුඹුල් සතා මි.මී.40-50ක දිගකින් යුක්‌ත ය. මේ බිත්තරවලින් පිට වන කීටයන් ළා අළු හෝ කළු පැහැයට හුරු කොළ පාටින් යුක්‌ත ය. ඔවුහු පත්‍ර, අංකුර, මල්, ළපටි කරල් ආදිය ආහාරයට ගනිමින් පැළෑටි විනාශ කර දමති. හානිය පාලනය කිරීමට කෘමි නාශකයක්‌ භාවිත කිරීමට සිදු වේ.

රෝග වශයෙන් දිලීර, බැක්‌ටීරියා හා වයිරස්‌ රෝග මිරිස්‌ වගාවේ දැකගත හැකි ය. පැළ තවාන්වල දී දියමලන් කෑමේ දිලීර රෝගය ඇති වේ. පසේ ජීවත් වන රෝග කාරක දිලීර මේ හානියට හේතු වේ. තැනින් තැන පැළ මැළවී කඩා වැටීම සිදු වේ.

පැළ මැක්‌කා, කුඩිත්තා, සුදුමැස්‌සා වැනි කෘමීන් පත්‍රවලින් යුෂ උරාබීමෙන්, ස්‌පර්ශ වීමෙන් හා උපකරණ මZඟින් රෝග පැතිරී යා හැකි ය. රෝගී ශාකවල පත්‍ර කහ පැහැයට හැරේ. පොකුරක්‌ ලෙසට පත්‍ර හැඩ ගැසෙයි. පත්‍ර බොකුටු හැඩයක්‌ ගන්නා අතර පත්‍ර නාරටි බේරේ. පත්‍ර අතර ඇති දුර කෙටි වීම නිසාත් පත්‍ර කුඩා වීම නිසාත් ශාකය කුරු වීමේ ලක්‍ෂණ පෙන්වයි. රෝගී ශාක පස්‌ ද සමග ගලවා වගාවෙන් ඉවත් කර විනාශ කළ යුතු ය. රෝග වාහකයන් ගෙන් වගාව ආරක්‍ෂා කළ යුතු ය. ධාරක ශාක ලෙස කටයුතු කරන වල්පැළෑටි විනාශ කිරීම ඉතා වැදගත්ය.

 

ස්වභාවික ක්‍රම මගින් කුඩිත්තා පාලනය කරන ආකාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *