පොල් මයිටා හානිය සහ එහි පාලනය

✍️✍️පොල් මයිටා හානිය 1997 වර්ෂයේදී පමණ පුත්තලම දිස්ත්රික්කයේ කල්පිටිය ප්රදේශයෙන් මුලින්ම වාර්තා වී ඇති මෙම පියවි ඇසට නොපෙනෙන කෘමි හානිය ලංකාවේ පොල් වගාවට දැවැන්ත හානියක් සිදු කර ඇති කෘමි හානියකි.

රධාන වශයෙන් සුළගින් වියාප්ත වන මෙය පාලනය කිරීමට සාර්ථක ක්රම ඇතත් පොල් වගා කරුවන්ගේ නොදැනුවත්කම හා අඩු උනන්දුව නිසා මෙම හනියෙහි අඩුවීමක් නොපෙන්වයි. විශේෂයෙන්ම මෙම හානිය වියලි සහ අතරමැදි කලාපවල දැක ගැනීමට හැක.

✍️✍️ඇසේරියා ගුරෙරෝනිස් (aceria guerreronis) නමැති විද්යාත්මක නමින් හදුන්වන පියවි ඇසට නොපෙනෙන මෙමෙ මයිටවා කුඩා පොල් බැට්ට වල තැරියේ ජීවත් වෙමින් ගෙඩිය ලොකු වන තෙක්ම එහි යුෂ උරාබීම සිදු කරයි. මෙම නිසා ගෙඩි කුඩාවීම හා පලුදු වීම සිදුවේ

✍️✍️වියළි තත්ත්වය නිසා පොල් ගසේ රසායනික සංයුතියේ ඇති වන වෙනස්කම් මේ සඳහා ඍජුවම බලපායි. වියළි කලාපය මේ තත්ත්වයට උග්ර ලෙස මුහුණ දී ඇති බවත්, ඒ අනුව මේ කලාපයේ පොල් වගාවෙන් සියයට අසූවක් මේ ව්යසනයට ගොදුරු වී ඇති අතර තෙත් කලාපයේ හානිය සියයට විස්සක් බවත් පැවැසීය.මෙවැනි කාලගුණ තත්ත්වයකදී පොල් වගාව රැක ගැනීමට නම් අනිවාර්යෙන් පොල් වගාකරුවන් තෙතමන සංරක්ෂණ ක්රම අනුගමනය කළ යුතුයි, වියළි කාලගුණය පොල් මයිටා රෝගය පමණක් නොව සෙසු රෝග ව්යාප්ත කිරීිමට ද හේතුවක් වේ.

💥🌴පොල් වගාවේ පොල් මයිටා හානිය ඇති බව හදුනාගතහොත් පහත සදහන් පාලන ක්රම නිර්දේශ කෙරේ.

01🔴 ගස් කිහිපයක ආසාදනය තිබේනම් අලුතින් විවෘත වූ මල හැර ඉතිරි ගෙඩි සියල්ල කපා පුලුස්සා දැමීම.

02🔴 පාම් තෙල් හෝ එළවළු තෙල් සහ ගෙන්දගම් මිශ්රණය ඉසීම.

මෙම මිශ්රණය නැප්සැක් හෝ යාන්ත්රික ඉසිනයක් මගින් මයිටා හානිය ඇති ගස්වලට ඉසීමෙන් හානිය 90% කින් පමණ අඩුකර ගත හැක.
මිශ්රණය එක් ලීටරයක් සාදාගන්නා ආකාරය..

🔸අවශ්ය ද්රව්

▪️පාම් තෙල් හෝ එළවළු තෙල් – මිලිලීටර් 200 (අඩු කෝප්ප 1)
▪️වතුර – මිලිලීටර් 800 (අඩු කෝප්ප 4)
▪️සබන් කුඩු – ග්රෑම් 12 (මේස හැදි 2)
▪️ගෙන්දගම් කුඩු – ග්රෑම් 5 (මේස හැදි 1)

🔸සාදාගන්නා ආකාරය
▪️– මුලින්ම වතුරට සබන් කුඩු හා ගෙන්දගම් දියකර ගන්න.
▪️– ඉන්පසු එම මිශ්රණයට පාම් තෙල් හෝ එළවළු තෙල් එක්කර හොදින් කලවම් කරගන්න.

වියළි කාලය ආරම්භ වන විට ගසකට ලීටරය බැගින් වසරකට දෙවතාවක් මෙම මිශ්රණය ඉසීමට නිර්දේශ කෙරේ. නැප්සැක් දියර ඉසිනයේ කරාමය හා විහිදුම් නලය (Lance) අතරට දිගු ප්ලාස්ටික් බටයක් සවි කිරීමෙන් අඩි 40 ක් පමණ උස ගස්වලටද ටැංකිය බිම තබා දියර ඉසිය හැක.විශේෂයෙන් මාස 3-6 වයස පොල් වලු හොදින් තෙමෙන සේ මිශ්රණය ඉසිය යුතුය.

03🔴 විලෝපිත මයිටාවන්

Neoseiulus Barak නමින් හදුන්වන මෙම විලෝපිත මයිටාවන් දේශීය මයිටවන් වර්ගයකි. මොවුන්ගේ ආහාර සහ ප්රජනන කටුයුතු පොල් මයිටවන් මත විලෝපිත වන අතර මොවුන් 5000 පමණ ප්රමාණයක් එක ගසකට මුදා හරිය යුතුය. මුළු පොල් වගාවේ 1/4 ප්රමාණයකට මාස 3-4 වරක් බැගින් අවරුදු 2 යනතුරු මුදාහැරීම මගින් සම්පුර්ණයෙන්ම මෙම හානිය මර්දනය කල හැක. මෙම විලෝපිත මයිටාවන් පොල් සංවර්ධන නිළදාරීන් මගින් හෝ පොල් පරේෂණ ආයතනයෙන් ලබාගත හැක.

04☢️ වසංගත මට්ටමට පළිබෝධ උවදුර උස්සන්න වී ඇත්නම්☢️ මොනොක්රොටෝෆෝස් 60% (monocrotophos 60%) කඳට විදීම නිර්දේශ කරනු ලැබේ.

ස්තූතිය –  Isuru Weerasinghe

ලංකාවේ ආර්ථිකය සවිමත් කරන පොල් වගාව

පොල් ආශ්‍රිත කර්මාන්ත

පොල් වගාව ආශ්‍රිත ගැටළු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *