මිරිස් වගාව

මිරිස් ශාකයකට ප්‍රධානව අවස්ථා දෙකකදී හානි සිදු කරනවා පලිබෝධකයන්.එනම්,

  1. තවාන් පැල අවස්ථාව
  2. මල් හටගන්නා අවස්ථාව

මෙයට අමතරව කඳ හා මුල් පණුවන් විදීම දැක ගන්නත් පුලුවන්.මේ පිලිබඳ පසුව කියන්නම්.

 

දැන් බලමු තවාන් පැල අවස්ථාවේ ශාක විනාශ වෙන්නේ කෙසේද හා එය ස්වභාවිකව පාලනය කරන්නේ කෙසේද කියලා.

මෙහිදී තවාන් දමා දින 4 ක් උපරිම යන විට පැල ඇතිවේ.එහිදී කඳ මැදින් කා දැමීම හා පත්‍ර කා දැමීම හෝ කඩා දැමීම පලිබෝධකයන් විසින් සිදු කරනවා.කවුද මේක කරන්නේ.මේක කරන්නේ රාත්‍රී කාලයේදී ගොළුබෙල්ලන් විසින්.එහිදීද ගොළුබෙලි පැටවුන් විසින් මෙය සිදු කරනු ලැබේ.කිසි විටක වැඩිහිටි ගොළුබෙල්ලන් පැමිණෙන්නේ නැත.ඔවුන් විශාල ගස් වලට වී සිටිති.

 

ඇයි ගොළුබෙලි පැටවුන් දළු කා දමන්නේ?

 

පිලිතුර සරලය.ඔවුන්ට ආහාරයට ගැනීමට දළු සහිත කුඩා පැලෑටි නොමැති වීමය.එනම් තණකොළ නොමැති වීමය.එනම් වල් නෙලීමය.මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ න්‍යායය.නමුත් ප්‍රායෝගිකව එය කිසිසේත්ම සාර්ථක නොමැත.කුඩා තණකොළ දළු කන පැටවුන්ට මෙවැනි දෑ නොමැති නම් වගාවට කෙසේ හෝ රිංගනු ඇත.මිරිස් පැල වල දළු එයට ඉතා හොඳ උදාහරණයකි.මිරිස් පමණක් නොව තක්කාලි,කොච්චි,මාලු මිරිස්,නයි මිරිස් වැනි බොහෝ දෑ වලට මෙය අදාළය.එසේ නම් වල් මර්ධනය යම් සීමාවකට සිදු කල යුතුය.යම් තරමක් ඉතිරි විය යුතුය.පොළව කොන්ක්‍රීට් බිමක් නොකල යුතුය.

 

වත්මන් කෘෂිකර්ම න්‍යාය අනුව වල් මර්ධනය කරන්නේ ඇයි දැයි විමසූ විට පිලිතුර වන්නේ තණකොළ විසින් පොහොර අදින බවය.එසේ නම් මිරිස් ගහ බකන් නිලාගෙන සිටින්නේද යන්න තමයි ඇසිය යුතු වන්නේ ඔවුන්ගෙන්.මක් නිසාද මේ හැම ගසකටම මුල් කියා දෙයක් ඇති නිසාය.

 

📢එසේ නම් තවාන් හා කුඩා පැල බේරා ගන්නේ කෙසේද?

 

සරලව ඔබට නිවසේ ලිපේ අළු මගින් වැටියක් ලෙස වටේට නිර්මාණය කල හැක.

 

👉👉අළු වලින් කෙසේද මේක වන්නේ ??

 

අළු වල පොටෑසියම් නම් රසායනිකය ඉතා විශාල වශයෙන් අඩංගුය.එය ඔබටම සියැසින් බලා ගත හැක.ලී කැබැල්ලක් දහනය කල විට තද කළු පැහැ අඟුරු පෙනේ.ඒ කාබන් ය.ඉනනතුරුව අළු පැහැය මගින් දර කැබැල්ලේ මධ්‍යයේ දහනය වූ කාබන් පෙනේ.එනම් කාබන් ප්‍රතිශතය අඩු නිසා අළු පැහැ වී ඇත.ඉන් අනතුරුව ඔබට රතු පැහැ කුඩු වගේ ද්‍රව්‍ය දැක ගත හැක.අන්න ඒ දෙය පොටෑසියම් වේ.නමුත් අළු වල සියල්ල මිශ්‍ර වී ඇත.මේ පොටෑසියම් සහිත අළු ගොළුබෙල්ලන් හට අප්‍රිය වේ.ශරීරයේ ගෑවුණ විට දැවිල්ලක් වැනි සැරක් ඔවුන්ට ඇති වේ.එම නිසා අළු බාධකය හරහා මෙපිටට පැමිණිය හැකි නොවනු ඇත.

 

මෙයට අමතරව🔊🔊 කෝපි,සුදුළූණු,ඉඟුරු,කොච්චි,කොහොඹ වැනි දෑද නිස්සාරණය මගින් ඔබටම ද්‍රාවණ ලෙස යොදාගත හැක.නමුත් අළු ඊට වඩා සාර්ථක පිලියමකි.නමුත් සබන් යෙදීම අනුමත කල නොහැක.මක් නිසාද යත් පැල ඉතා කුඩා නම් සැර වැඩි වී පැල මැලවී යාමය.

 

ස්වභාවික ලෙස ගොළුබෙල්ලා පාලනය වන්නේ කෙසේද?

 

ඔබ දන්නවා කෝපි ගස.කෝපි මල් සුවඳ හැමීම,පත්‍ර බිම වැටීමෙන් හා ඇට බිම වැටී පොඩි වීමෙන් ඇතිවන කැෆේන් නම් රසායනිකය නිදහස් වීම අනුව මෙම කැෆේන් නිදහස් වේ.ඒ අනුව මෙම ගන්ධය සුලඟ හරහා ගොළුබෙල්ලන් වෙත ගමන් කිරීමෙන් ඔවුන්ට අප්‍රියතාවක් ඇති වේ.මේ හේතුවෙන් ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් වීම සිදුවේ.නැවත ගන්ධය පහව යෑමෙන් පැමිණීමත් නැවත ගන්ධය දැනීමෙන් පිටව යාමත් නිසා එක ස්ථානයක දිගු කාලයක් පදිංචි වී සිටිය නොහැක.

 

එනම් ස්වභාවික බාධකයකි.නමුත් මේ වන විට මෙවැනි ශාක වතු වලින් ඉවත් කිරීමෙන් ස්වභාවික සමතුලිතතාවට මරු පහරක් එල්ලව ඇත.

 

තවත් ස්වභාවික ක්‍රමයකින් මොවුන් පාලනය වේ.ගොළුබෙල්ලා යනු ද මේ වගාවන්ට අත්‍යවශ්‍ය ජීවියෙක් බව කිවහොත් ඔබ සිනාසෙනු ඇත.😂😂නමුත් වක්‍රාකාරයෙන් ඌ විශාල මෙහෙයක් සිදු කරයි.කෙසේද?

 

🐌 මා කලින් සඳහන් කල පරිදි අනෙක් ක්‍රමය තමා මොවුන් පාලනය වන්නේ ඇටි කුකුලා මගින්.ඇටි කූකුලාගේ ප්‍රියතම ආහාරයකි ගොළුබෙල්ලන්.ඇටි කුකුලා වත්තකට පැමිණ කෑ ගසයි.මෙම කෑ ගැසීම ස්වභාවිකව ගොළුබෙල්ලන් ට ආකර්ෂණීය සංගීතයකි.ඒ වෙනුවෙන් ශ්‍රවණය කිරීමට මොවුන් කට්ටෙන් එලියට පැමිණේ.ඒමොහොතේ මොවුන්ව ආහාරයට ගනී.

ඉතින් මේක කොහොමද අපිට වැදහත් වෙන්නේ?

ගොළුබෙල්ලන් ආහාරයට ගන්නා අතරතුර කොල කණ පණුවන් දුටුව හොත් ඔවුන්වද ඒ අතරට ආහාරයට ගැනීම ඇටි කුකුලන් විසින් සිදු කරයි.ඉතින් බුද්ධියෙන් සිතා බලන්න.

 

ගොළුබෙල්ලන් අඩු නම් ඇට් කුකළන් පැමිණීම අඩුය.

ඇටි කුකුළන් අඩු නම් කොළ කන පණුවන් වැඩිය.

 

මෙයයි සමතුලිතතාවය.කලින් පෙන්වූ දාමය සම්පූර්ණ වූ තැන මිරිස් පැල සුරක්ෂිත වනු ඇත.

 

ඉන් අනතුරුව දෙවන වර මිරිස් වගාවට හානි කරන්නේ කොළ කොඩ වීම හරහාය.එයට වග කිව යුතු පාර්ශවයන් පැල මැක්කා,කූඩිත්තා,සුදු මැස්සා හා මයිටාවන්‍ ය.එනම් මල් පැමිණීමට ආසන්න කාලයකය.එවිට ශාකය හොඳින් වැඩී අවසන්‍ ය.එම කාලයේ කොල වල යුෂ උරා බීමෙන් මෙය උද්ගත වේ. එවිට ශාකයේ පොත්ත හරහා ඉහලට අදින පෝෂක ගබඩා වීමට මාධ්‍යක් නොමැති වී යයි.එනම් පත්‍ර නොමැති වීම නිසා.එවිට පොත්ත මහත් වීම සිදුවේ.එනම් කඳ හා අතු ඉක්මනින් දැඩි වේ.ඉන්පසු කරල් පැමිණීමට අවශ්‍ය පෝෂණයද නොලැබී යයි.ප්‍රථිඵලය අස්වැන්න අවම වීම වේ.

 

මොවුන්ගේ පැමිණීම කෙසේද අප දැන ගන්නේ?

 

කොළ කොඩ වීම,ඇඹරීම,වක් ගැසීම හා පත්‍ර වියලි හා ඝනකම් වීමෙන් මෙය හඳුනා ගන්න පුලුවන්.

 

එසේ හෙයින් මයිටා අපේ පියවි ඇසින් දැකිය නොහැක.නමුත් අනෙක් අය දැක ගත හැක.

 

😐ලපටි දළු දාර දිගේ උඩු අතට රෝල් වී පත්‍ර යටි පැත්ත කහ පැහැයක් ගන්නේ නම් එය පැල මැක්කාගෙ වැඩක්‍ ය.මිලිමීටර් ගණනක් තරම් වන දුඹුරු පැහැ සතෙකි.

😐පත්‍ර යටි අතට රෝල් වේ නම් මයිටාවන්ගේ වැඩක්‍ ය.

😐පත්‍ර වක්‍රාකාරව රෝල් වී ඇත්නම් කූඩිත්තාගේ වැඩක් ය.මිලි මීටර් ගණනක් වන වර්ග දෙකක කූඩිත්තන් මෙය සිදු කරයි.

😐සුදු මැස්සා ද යුෂ උරා බීමෙන් වයිරසයක් නිකුත් කරයි.මෙය පත්‍ර වල ඝනකම් අවම වීමට හේතුවේ.

 

ඉහත හේතූන් නිසා පත්‍ර මලකඩ පැහැ වීම හා පත්‍ර වල වර්ධනය හීන වීම හා කරල් කෙටි වීම මල් හැලීම සිදු වේ.

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘමිනාශක නිර්දේශ කලද එය කිසි සේත්ම හිතකර තත්ත්වයක් නොවේ.එහි අතුරු ප්‍රථිඵල වෙනම කතා කල යුතුය.

 

ඔබ දන්නවාද ඉහත සඳහන් කල සතුන් සමස්ත අවුරුද්ද පුරාම නොසිටින බව.ඔවුන් මුලු අවුරුද්දේම වගාවන්ට හානි නොකරයි.එනම් කාලයකට පමණක් එන සතුන්‍ ය.මොවුන්ගේ බෝ වීම ව්‍යාප්ත වීම සිදු වන්නේ වියළි කාලයේය.

 

මොවුන් වියලි කාළගුණයට ඉතා ප්‍රිය කරන සත්තුන් ය.

එසේම මිරිස් ගස යනු ද වියලි කාලගුණයට ඉතාමත් ප්‍රිය හොදින් හැඩගැසෙන ගසකි.

එනම් පලිබෝධකයන් වෙනුවෙන් සුදුසුම කාලය සම්පූර්ණ වී ඇත.

එම කාලය අප රටේ වියලි කාලයයි.

එනම් වියලි කාලගුණයක් ඇති  අගෝස්තු මාසය හා දෙසැම්බර්  මාසය යන කාලය.

මෙම කාලයේ දී මයිටා හා පැල මැක්කන් ව්‍යාප්තිය ඉහල වේ.මොවුන් සුළග හරහා ව්‍යාප්ත වේ.

එතනිනුත් වැඩිම ව්‍යාප්තිය පැල මැක්කන්‍ ය.

උෂ්ණත්වය කොතනද එතනට පැල මැක්කා කැමතිය.

එනම් ලංකාවටම වියලි කාලගුණයක් නම් හම්බන්තොට මිරිස් ගහක පැල මැක්කෝ වැඩි උනත් වැලිමඩ මිරිස් ගහක එය අඩුය.

බස්නාහිර පලාත මයිටාවන් ගහනයට ලක් වේ.

 

එසේ හෙයින් සියලුම සාධක සම්පූර්ණ  හෙයින් මෙම මාස වල හොඳින් වැඩෙමින් පවතින මිරිස් ගස් ඇත්නම් එයට ඉතා ඉක්මනින් මයිටාවන් පැමිණේ.මොකද සුලභව සිදුවන්නේ මයිටාවන්ගේ ප්‍රහාරයන්‍ ය.එය පාලනය අපහසුය.✌✌✌

 

මේ උවදුර අවම කරන්න මොකද කරන්නේ?

 

😊සරලව ඉහත සඳහන් කාලයන් හසු නොවන පරිදි වගාවන් ආරම්භය.එනම් වැසි කාලයන් වන විට ගහක මල් එන්න නියමිත නම් මයිටා වැනි වියලි බවට කැමති ජීවීන්ට පැමිණිය නොහැක.එනම් සියලු වර්ගයේ වියලි බවට කැමති පලිබෝධකයන් පාලනය සරලව සිදු වේ.අගෝස්තු මාසයේ මල් එන්නේ නැතිව එම කාලය සැප්තැම්බර් අග දක්වා දික් වූයේ නම් මයිටාවන්ගෙන් අනතුරක් නැත.

 

😊වියලි කාලයකදී මෙම උවදුර පවතී නම් ගසට හොඳින් වතුර යෙදීම කරන්න පුලුවන්.මොකද එවිට ගස ආශ්‍රිත පරිසරයේ වියලි බව අඩු වී උත්ස්වේදනය හරහා ආර්ද්‍රතාව ඉහල යාම.ඔබ වත්තේ විශාල ගස් පවතී නම් දවසේ යම් වේලාවකදී හිරු එලියට තදින් මිරිස් ගස නිනිරාවරණය වීමත් ඉන් පසු නැවත ගසේ හෙවනට නිරාවරණය වීමත් සමග ස්වභාවික ලෙස ආර්ද්‍රතාව පාලනය වීමක් සිදු වේ.නමුත් අද වන විට වගා සිදු කරනුයේ කාන්තාර ලෙස සෑදූ බිම් වලය.එනම් සමතුලිතතාවය බිද හෙලා ඇත.

 

😊මයිටාවා යනුද මකුලු කුලයේ සතෙකි.මකුලු දැල් කැඩීමට අතීතයේ කැප්පෙටියා අතු යොදා ගැනුනි.එනම් කැප්පෙටියා කොල පොඩි වී පරාල,වහලේ හා බිත්ති වල ගෑවීමෙන් එහි රසායන නිදහස් වේ.එම රසායන පවතින තුරු මකුලුවන්ට පැමිණීමට නොහැක.මාස 6ක් පමණ වනතුරු මකුලු දැල් කඩන්න ඕන නැත. එම රසායන මාස 6ක් පවතී.මෙම න්‍යාය මයිටාවටද යොදා ගත හැක.එනම් කැප්පෙටියා කොල වේලා දුම් ගසට ඇල්ලීමෙන් මයිටාවන් ඉවත් වීම අරඹනු ඇත.එනම් ඔවුන්ට ශ්වසනය අපහසු වීමෙන් ඉවත් වේ.

 

😊සුළං බාධක ඉදි කිරීම.ව්‍යාප්තිය සුලං හරහා සිදු වන නිසා ශාක දෙසට සුළං ගමන් කරන දිශාව හරහා බාධක යෙදීම.සරලව දඹල,බෝංචි,වැල් දොඩම් වැනි විශාල ලෙස වර්ධනය වන වැල් වැනි දේවල් සැකසීමෙන් යම් බාධාවක් පැමිණේ.උදාහරණයක් ලෙස දඹල.එහි මල් පැමිණ කරල් ලැබෙන්නේ සැප්තැම්බර් මස සිටය.වියලි කාලයේ වැල ගොඩ නැගීම සිදුවේ.එනම් උපරිම පත්‍ර සංඛ්‍යාවක් අගෝස්තු මස ලැබේ.ඉතින් එවැනි කාලයක මෙය සුලං බාධකයක් වුවහොත් මයිටා වැනි සතුන්ට හිතකර නොවේ.මෙයට අමතරව දහස් පෙතියා,කැප්පෙටියා වැනි ගස් ද උචිතය.

 

දේශීයව යම් නිස්සරකයක් යොදා ගෙන මොවුන්ව පාලනය කරනවා නම් එවැනි කිහිපයක් වෙන වෙනම හෝ එකට භාවිතා කල හැක.කොහොඹ,දෙහි,නාරං,සුදුළූණු,ඉඟුරු,ඇඹරැල්ලා කොල,බිලිං ගෙඩි,කුරුඳු මෙවැනි දෑ තම්බා ගෙන හෝ පල් කොට තනුක කොට සබන් දියර ස්වල්පයක් සමඟ ඉසීමයි.එසේම එවැනි නිස්සාරක වලට කොහිල පත්‍ර හෝ දඩු වලින් ගන්නා යුෂ,කෙසෙල් දඩු වලින් ගන්නා එවැනි යුෂ එක් කල හැක.එමගින් එහි පවතින කෙඳි වැනි ස්වභාවයට හේතු වන රසායනික සංයෝග නිදහස් වේ.එය පත්‍ර කන්න එන සත්ත්වයින්ගේ මුඛයේ කෙඳි ස්වභාවය නිසා ඇලීම සිදුවේ.මෙවැනි ද්‍රාවණයක් 1:5 ට පමණ අනුපාතෙකින් ජලය යොදා ස්ප්‍රේ කිරීම හරහා යහපත් ප්‍රථිඵල ලැබේ.

😊එසේ නැත්නම් මුලට යෙදීම කල හැක.නැත්නම් කොම්පෝස්ට් වලට මිශ්‍ර කල හැක මෙවැනි පත්‍ර, ගෙඩි.එමගින් අදාල රසායනික නිදහස් වී එම පොහොර පොලවට යෙදීමෙන් මිරිස් ගසට උරා ගැනීමෙන් ගස ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් හිමි ගසක් වේ.ස්වභාව දහමේ නීතිය අනුව සිදු වන්නේ මෙය වේ.

 

කඳ පණුවන් විදීම කියා දෙයකුත් ඇත.එය ප්‍රධාන වශයෙන් අමු ගොම හරහා සිදුවේ.ගොම වල සිටින්නා වූ ඉතා කුඩා පණුවන් හට හිතකර පරිසරයක් නිර්මාණය වීමෙන් පස යට ඔවුන් මිරිස් පැල වල යටින් මුල් හා කඳ සිදුරු කරගෙන ගමන් කරයි.එනම් ඔබ යොදනවා නම් වියලි ගොම යොදන්න.

තවත් ලිපියකින් හමු වෙමු.

 

උපුටා ගැනීම – https://www.facebook.com/groups/222274255665617/permalink/275183020374740/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *