Category Archives: කාබනික වගාව

දින 100න් කොම්පෝස්ට්

නවීන ගොවිතැනේ දී යොදනු ලබන රසායනික පොහොර සහ කෘෂි රසායනයන් නිසා පසේ සියලූ ම ජීවීන් මිය යන හෙයින් පස නිසරු වන බව ඔබට පැහැදිලි ය. එහෙයින් කාබනික වගාව සඳහා යොමු වීමේ දී මුලින් ම ඔබේ අවධානය යොමු විය යුත්තේ පස නැවත සුවපත් කිරීම කෙරෙහි ය.

ඔබේ ගෙවත්තට ස්වභාවික කෘමිනාශක වර්ග කිහිපයක්

කෘමිනාශක යනු කෘමීන් විසින් සිදු කරන හානිය වැළැක්වීමට, පාලනය කිරීමට හෝ අවම කිරීමට යොදා ගන්නා සංයෝගයක් හෝ සංයෝග මිශ්‍රණයකි.කෘමිනාශකයක්, රසායනික සංයෝගයක්, ජීව විද්‍යාත්මක ප්‍රතිකාරකයෙක් ( වෛරස් හෝ බැක්ටීරියා වැනි) හෝ කෘමීන්ට එරෙහිව යොදාගන්නා උපකරණයක් විය හැකිය.

දිලීර ,ගුල්ලන්,කීඩෑවන් අඹ ඵලදාවට හානි කරනවා

අඹ

පලතුරක් වශයෙන් අඹ ජනපි‍්‍රය වී ඇත්තේ කාලාන්තරයක පටන්ය. ගෘහ ආශි‍්‍රතව වඩාත් පහසුවෙන් වගා කළ හැකි අඹ ගසට වැලඳෙන රෝග පිළිබඳ අවබෝධයෙන් සිටීම වඩාත් වැදගත් ය.කොලෙට්‍රොටිකම් ග්ලොයෙස්පෝරියෝඩස් නම් දිලීරය නිසා ඇන්ත‍්‍රැක්තෝස් රෝගය අඹ වගාවට වැලඳෙ.

ගෙවතු වගාවට කෘමිනාශක ගහන්න එපා

ඔබේ ගෙවත්තේ ඔබ අතින් පැළ වුණු ගසක පල නෙළා ගන්න හැකි නම් එය සිතට ගෙන දෙන්නේ මහත් සුවයක්. නමුත් වගාවට හානි කරන කෘමීන්ගෙන් ඔබේ වගාව රැක ගැනීමට ඔබ වෙහෙසෙන බව නම් සැබෑවක්. මේ නිසා විස ද්‍රව්‍යයන්ගෙන් තොර කෘමි විකර්ෂණ දියර භාවිත කරමින් රසවත් පල නෙළා ගන්න කැමැති ඔබට මෙය කදිම අවස්ථාවක් වේ.

මුදු පුල්ලි වෛරස් රෝගය

මිහිරි පලතුරක් ඔබේ ගෙවත්තේ වගා කිරීමට ඔබ හැමවිටම උත්සහ දරනවා විය හැකිය. නමුත් ඔබේ උත්සහය සාර්ථක වන්නේ එම පලතුරුවලට වැළදෙන රෝග පිළිබඳ හඳුනාගෙන සිටියොත් පමණි. හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නම් ශාකයක නිරෝගී බව ඉතාමත් වැදගත් වේ.

මිරිස් වගාවට එන රෝග උවදුරු(02 – කොටස)

කුඩිත්තා ගේ හානියේ දී පත්‍ර කෝප්පයක හැඩයට හැරෙන අතර පත්‍ර කහ පැහැයට හැරෙයි. කුඩිත්තා කළු පැහැයෙන් හා කහ පැහැයෙන් විශේෂ 2ක්‌ දැකගත හැකි ය. කළු පැහැති විශේෂය මි.මී.1-2ක්‌ පමණ දිග ය. කහ පැහැති විශේෂය මි.මී. 1.25-2.5ක්‌ පමණ දිග ය. පත්‍ර හා ශාකයේ ළපටි කොටස්‌වලින් යුෂ උරා බීම නිසා ඒවා කෝප්පාකාර හැඩයට හැරෙයි.

මිරිස් වගා කිරීමේදී ඇතිවන රෝග සහ කෘමි උවදුරු(කොටස 01)

මිරිස්‌ වගාව කරගෙන යැමේ දී රෝග හා පළිබෝධ පාලනය නො කරගත හොත් වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නො ලැබී යැමට ඉඩ තිබේ.

ස්භාවික දියර පොහොරක් සහ කෘමිවිකර්ශකයක එකතුවක්.

කාබනික පොහොර - organic fertilizer

ඔබගේ පැල වල වර්ධනය ඉක්මන් කරගැනිමට මෙය භාවිත කරන්න.

නිවසේදී ගෙවතු වගාවක් ආරම්භ කරන විදිය

ගෙවතු වගාවෙන් ලැබෙන වැදගත්ම ප‍්‍රයෝජනය තමයි එදිනෙදා පවුලේ ආහාර වේල සඳහා වස විසෙන් තොර පෝෂ්‍යදායී නවුම් එළවළු හා පලතුර ලබා ගැනීමට හැකිවීම.ගෙවත්තේ හා මුළුතැන් ගෙයින් බැහැර වන කසළ කළමනාකරණය තුළින් ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට හා ඉතා උසස් තත්ත්වයේ කාබනික පොහොරක් වන “කොම්පෝස්ට” නිෂ්පාදනය කර ගැනීමට හැකිවීම.එදිනෙදා ගෙවත්තේ වැඩ කටයුතු කිරීම තුළින් ලැබෙන ව්‍යායාමයෙන් ශාරීරික හා […]

දියමලන්කෑම( තවාන් රෝග)

පසේ ජීවත් වන ෆියුසේරියම් (Fusarium spp.)පිතියම් (Pythium spp.) රයිසොක්ටෝනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටියම් (Sclerotium spp. )ආදී දිලීර නිසා හට ගන්නා රෝගයකි