Category Archives: පලිබෝධ පාලනය

රතු කපු මකුණා Dysdercus cingulatus (Fabricius)

රතු කපු මකුණා Dysdercus cingulatus (Fabricius) (Hemiptera : Pyrrhocoridae) 🌿රතු කපු මකුණන් ප්‍රධාන වශයෙන් කපු , බණ්ඩක්කා වැනි බෝග වලට හානි කරනු ලබයි.

නිසි පරිදි කල යුතු පොහොර භාවිතය සහ ශාක නඩත්තුව

  මල් කලාවේ විසිතුරු විශේෂාංගය යටතේ පසුගිය සතියෙන් අප ඔබව දැනුවත් කළේ පොහොර භාවිතය පිළිබඳවයි. එමඟින් විචිත‍්‍ර පත‍්‍ර ශාකයකටත්, මල් පිපෙන ශාකයටත් පොහොර සැපයීම පිළිබඳව මූලික තොරතුරු ඔබ ලබා ගන්නට ඇතැයි අප අනුමාන කරන අතර, ඒ සම්බන්ධව තවත් තොරතුරු කිහිපයක් රැගෙන එන්නයි මේ සූදානම.

අස්වැන්න හීන කරන වම්බටු කොළ කුඩා වීමේ රෝගය

වම්බටු වගා කරන්නේ තනි වගාවක් වශයෙනි. ජලවහන තත්ත්වය අනුව සමතලා බිමෙහි හෝ වැටිවල සිටුවීම කළ හැකිය. වම්බටු, ජල සම්පාදනය රහිත මහ කන්නයේ වගාකරන අතර යල කන්නයේ ජල සම්පාදන තත්ත්වය යටතේ ද වගා කරනු ලැබේ.

ඇන්ත්‍රැස්ක්නෝස් පළවා හරින්න වගාබිම පිරිසුදුව තබන්න

දියුණු ජලවහන රටාවක් පවත්වා ගැනීම, බෝග මාරුවෙන් මාරුවට සිටුවීම, පසට හොඳින් හිරු එළිය සැලැස්වීම, රෝගී ශාක ක්ෂේත්‍රයෙන් ඉක්මනින් ඉවත් කිරීම ම`ගින් වගාව අරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

දිලීර ,ගුල්ලන්,කීඩෑවන් අඹ ඵලදාවට හානි කරනවා

අඹ

පලතුරක් වශයෙන් අඹ ජනපි‍්‍රය වී ඇත්තේ කාලාන්තරයක පටන්ය. ගෘහ ආශි‍්‍රතව වඩාත් පහසුවෙන් වගා කළ හැකි අඹ ගසට වැලඳෙන රෝග පිළිබඳ අවබෝධයෙන් සිටීම වඩාත් වැදගත් ය.කොලෙට්‍රොටිකම් ග්ලොයෙස්පෝරියෝඩස් නම් දිලීරය නිසා ඇන්ත‍්‍රැක්තෝස් රෝගය අඹ වගාවට වැලඳෙ.

මුදු පුල්ලි වෛරස් රෝගය

මිහිරි පලතුරක් ඔබේ ගෙවත්තේ වගා කිරීමට ඔබ හැමවිටම උත්සහ දරනවා විය හැකිය. නමුත් ඔබේ උත්සහය සාර්ථක වන්නේ එම පලතුරුවලට වැළදෙන රෝග පිළිබඳ හඳුනාගෙන සිටියොත් පමණි. හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නම් ශාකයක නිරෝගී බව ඉතාමත් වැදගත් වේ.

මිරිස් වගාවට එන රෝග උවදුරු(02 – කොටස)

කුඩිත්තා ගේ හානියේ දී පත්‍ර කෝප්පයක හැඩයට හැරෙන අතර පත්‍ර කහ පැහැයට හැරෙයි. කුඩිත්තා කළු පැහැයෙන් හා කහ පැහැයෙන් විශේෂ 2ක්‌ දැකගත හැකි ය. කළු පැහැති විශේෂය මි.මී.1-2ක්‌ පමණ දිග ය. කහ පැහැති විශේෂය මි.මී. 1.25-2.5ක්‌ පමණ දිග ය. පත්‍ර හා ශාකයේ ළපටි කොටස්‌වලින් යුෂ උරා බීම නිසා ඒවා කෝප්පාකාර හැඩයට හැරෙයි.

මිරිස් වගා කිරීමේදී ඇතිවන රෝග සහ කෘමි උවදුරු(කොටස 01)

මිරිස්‌ වගාව කරගෙන යැමේ දී රෝග හා පළිබෝධ පාලනය නො කරගත හොත් වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නො ලැබී යැමට ඉඩ තිබේ.

දියමලන්කෑම( තවාන් රෝග)

පසේ ජීවත් වන ෆියුසේරියම් (Fusarium spp.)පිතියම් (Pythium spp.) රයිසොක්ටෝනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටියම් (Sclerotium spp. )ආදී දිලීර නිසා හට ගන්නා රෝගයකි

ඇන්ත්‍රැක්නෝස් රෝගය සහ පාලනය (Anthracnose)

✍️ ✍️✍️අඹ, කෙසෙල් හා පැපොල් වැනි පලතුරුවලට මෙන්ම තක්කාලි, බෝංචි, වට්ටක්කා, ලීක්ස් ආදී එළවළු වලටද ලූනු, සුදු ලූනු, අර්තාපල් වැනි බෝගවලටද වැළදෙන රෝගයකි.