Category Archives: ගෙවතු වගාව

ගෙවතු වගාවට කෘමිනාශක ගහන්න එපා

ඔබේ ගෙවත්තේ ඔබ අතින් පැළ වුණු ගසක පල නෙළා ගන්න හැකි නම් එය සිතට ගෙන දෙන්නේ මහත් සුවයක්. නමුත් වගාවට හානි කරන කෘමීන්ගෙන් ඔබේ වගාව රැක ගැනීමට ඔබ වෙහෙසෙන බව නම් සැබෑවක්. මේ නිසා විස ද්‍රව්‍යයන්ගෙන් තොර කෘමි විකර්ෂණ දියර භාවිත කරමින් රසවත් පල නෙළා ගන්න කැමැති ඔබට මෙය කදිම අවස්ථාවක් වේ.

දෙහි අස්වනු නාස්තියට සාර්ථක පිළියම්

ගෙවතුවගාවන්හි නියැළෙන වියළි කලාපීය ගොවීන් අතර වඩාත් ජනප‍්‍රිය ශාකයක් ලෙස දෙහි හැදින්විය හැකියි. වියළි කලාපයේ සෑම ඉඩමක්ම පාහේ දෙහි වගාවට හොඳ තෝතැන්නකි මේ නිසාම දේශීය පරිභෝජනයට අවශ්‍ය ප‍්‍රමාණය අපට නිෂ්පාදනය කර ගත හැකි මට්ටමට අද දෙහි වගාව සාර්ථක වී තිබේ.

පේර වගා කරන්නේ මෙහෙමයි

පේර කන්න කවුද අකමැති? උසස්‌ ගුණාත්මයේ පේර සඳහා සතුටුදායක දේශීය මෙන්ම විදේශීය ඉල්ලුමක්‌ පවතී. එනිසා දැනට එතරම් අවධානයක්‌ යොමුවී නැති පේර වගාව සඳහා වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීම වැදගත්ය.

දවස් විස්සෙන් අස්වැන්න නෙළාගත හැකි මුගුණුවැන්න පාත්තියක්

ස්ථානය අනුව වගා බිම : ඔබට වගා කිරීමට ඇතැම් විට ඉඩකඩ ඇති ගෙවත්තක් නොතිබීමට පුළුවන. නමුත් මෙවැනි වගාවකට ඔබට එය බාධාවක් නොවනු ඇත. ඔබ මහල් නිවාසයක වාසය කළත් හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් වුවද මෙවැනි වගාවකට ප්‍රමාණවත්ය.

කොහිල වලක් ගෙවත්තේම සාදාගනිමු

එදා සෑම ගැමි ගෙදරකම පාහේ කටු කොහිළ කොටුවක් විය. ගෙවත්තේ හොඳීන් දියසීරාව ඇති බිම් කොටසක හෝ ගෙදරට වතුර ගන්නා ළිඳ ලඟ හෝ කුඹුරට හෝ කමතට කිට්ටුවෙන් මේ කොහිල කොටුව ඉදිකර ගන්නට එකල ගැමියා උනන්දු විය. එළවළු කල් තබා ගැනීමට අපි ශිතකරණයේ බහලනවා.

ගෙදරට ගේන පොලිතින්කවර ඉටිබෑග් වලින් වැඩක් ගමු

අපි හැමෝමටම තියෙන ලොකුම ගැටලුවක් තමයි පොලිතින්.

කංකුන් වගාව

කංකුන් ජනප්‍රිය කොළ එළවළුවකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජලය රඳා පවතින පහත් බිම්වල වාණිජ මට්ටමින් එය බහුල වශයෙන් වගා කරනු ලැබේ. ගෙවත්තේ දිය සිරාව ඇති ස්ථානයක කංකුන් පහසුවෙන් වගා කොට පවුලේ අවශ්‍යතාවය සපුරා ගත හැකිය. ජලය රඳා පවතින පහත් බිම් වල ද කංකුන් වගා කළ හැකි වේ.

මිරිස් වගා කිරීමේදී ඇතිවන රෝග සහ කෘමි උවදුරු(කොටස 01)

මිරිස්‌ වගාව කරගෙන යැමේ දී රෝග හා පළිබෝධ පාලනය නො කරගත හොත් වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නො ලැබී යැමට ඉඩ තිබේ.

නිවස තුළම පස් නැතිව වගා කරමු

පසක් නැතිව එළවළු හෝ පලාවර්ග වගාවක් ලෙස කළ හැකි බව සමහර විට ඔබට අරුමයක් විය හැක. ජලය සහිත ද්‍රව මාධ්‍යයක වගා කිරීම “ජලරෝපිත වගාව” හෝ “නිර්පාංශු වගාව” නමින් හඳුන්වයි.

ගෙදරට ගෙන ආ කැරට් බීට් රාබු අල වලින්ම බීජ හදා ගමු.

ඔයාලා ගෙදරට ගෙනාව මේ අල වර්ග වලින් නීරෝගී තරමක් විශාල අල 2ක් හෝ හැකිනම් ඊට වැඩියෙන් කොලත් සමගම නැවත කොම්පෝස්ට් වැලි මතුපිට පස් සහිත බදුනක සිටුවන්න.