Category Archives: ගෙවතු වගාව

තවාන් එළවළු පාලනය සහ වර්ධනය

වසුන් ඉවත්කල පසුව තද වර්ෂාව මගින් ළපටි බීජ පැල වලට හානි ඇතිවිය හැක. එය වලකා ගැනීමට නැමෙන සුළු කෝටුවලින් සකසා ගත් ආරුක්කුවක ආධාරයෙන් විනිවිද පෙනෙන පොලාතීන් ආවරණයක් සකස්කර ගත යුතුය.

ජල රෝපිත වගාවෙහි වාසි සහ අවාසි

ජල රෝපිත වගාවේ වාසි විශාල භූමියක් අවශ්‍ය නොවේ. මහල් නිවාස වල ඉහළ මාලයේ කූඩා ඉඩක මෙන්ම ආරක්ෂිත ග්‍රහ තුළද වගා කළ හැක. පස් භාවිතා නොකරන නසා වගාකරැවා පිරිසිදු වගා පරිසරයක නියලේ.

පසු අස්වනු තාක්ෂණය

පලතුරු නෙළීමේදී එක් එක් පලතුරු වර්ගය සඳහා වූ මේරීමේ ලාක්ෂණික ගුණාංග එකක් නොව කිහිපයක් ම සැලකිල්ලට බඳුන් කළ යුතුය. සිට්‍රස් කාණ්ඩයේ ජම්බෝල, නාරං, දොඩම් ආදි පලතුරුවල ලක්ෂණය වන්නේ තුනී ලෙල්ල, මෘදු ගෙඩි, ළා කොළ වර්ණය, ගෙඩි විශාල වීම ආදියයි.

ඇන්ත්‍රැස්ක්නෝස් පළවා හරින්න වගාබිම පිරිසුදුව තබන්න

දියුණු ජලවහන රටාවක් පවත්වා ගැනීම, බෝග මාරුවෙන් මාරුවට සිටුවීම, පසට හොඳින් හිරු එළිය සැලැස්වීම, රෝගී ශාක ක්ෂේත්‍රයෙන් ඉක්මනින් ඉවත් කිරීම ම`ගින් වගාව අරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

සරු රාබු අස්වැන්නක් ලබා ගන්න

බිම් සකසන ආකාරය බීජ සිටුවීමට සති දෙකකට තුනකට පමණ පෙර 30 ජප පමණ ගැඹුරට බිම පෙරලා පස් කැට පොඩි කර ගන්න. ජලය බැස යන පරිදි උස් පාත්ති සකසා ගන්න. අඩි 10 ක් දිග සහ අඩි 3ක් පළල පාත්ති සකසා ගැනීමෙන් වගා නඩත්තු කටයුතු පහසු කරගත හැක.

ගෙවතු වගාවෙිදී පස නිසරුවීම වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග

ගෙවතු වගාවක් ම`ගින් සාමාන්‍යයෙන් ප්‍රමුඛස්ථානයක් ලබාදෙන්නේ පවුලේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සඳහා වස විසෙන් තොර බෝග අස්වැන්නක් ලබාගැනීමටයි. මෙහිදී ඇතැමුන් විනෝදාංශයක් ලෙසත් ගෙවතු වගාවට යොමුවීම හඳුනාගත හැකිය.

දින 100න් කොම්පෝස්ට්

නවීන ගොවිතැනේ දී යොදනු ලබන රසායනික පොහොර සහ කෘෂි රසායනයන් නිසා පසේ සියලූ ම ජීවීන් මිය යන හෙයින් පස නිසරු වන බව ඔබට පැහැදිලි ය. එහෙයින් කාබනික වගාව සඳහා යොමු වීමේ දී මුලින් ම ඔබේ අවධානය යොමු විය යුත්තේ පස නැවත සුවපත් කිරීම කෙරෙහි ය.

නිවසට අවශ්‍ය ඉගුරු පහසුවෙන් නිවසේම වගා කර ගනිමු

ginger

ගෘහස්ථව වගාකල හැකි හොදම ඖෂධීය ශාකය වන්නේ ඉගුරුයි. ඉගුරු වල වර්ධනයට ඉතා අඩු හිරු එළියක් අවශ්‍ය වන අතර ඉතා අඩු නඩත්තුවක් පමණයි අවශ්‍ය වන්නේ. මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කරන්නේ ගෘහස්ත ඉගුරු වගාවක් ඇතිකරගන්නා ආකාරයයි. ඉගුරු ගෘහස්ත වගාවට එරෙහිව බලපාන කිසිම හේතුවක් ඔබට සොයාගත නොහැකි වේවි.

ඔබේ ගෙවත්තට ස්වභාවික කෘමිනාශක වර්ග කිහිපයක්

කෘමිනාශක යනු කෘමීන් විසින් සිදු කරන හානිය වැළැක්වීමට, පාලනය කිරීමට හෝ අවම කිරීමට යොදා ගන්නා සංයෝගයක් හෝ සංයෝග මිශ්‍රණයකි.කෘමිනාශකයක්, රසායනික සංයෝගයක්, ජීව විද්‍යාත්මක ප්‍රතිකාරකයෙක් ( වෛරස් හෝ බැක්ටීරියා වැනි) හෝ කෘමීන්ට එරෙහිව යොදාගන්නා උපකරණයක් විය හැකිය.

තුඹ කරවිල වගාව

පටක රෝපණයෙන් තුඹ වගාව දුබල එළවළුවකින් වැඩි ආදායමක් වෙළඳපොළේ දුලබ එළවළුවක් සේ දකින්නට ලැබෙන, තිත්ත රසයක් නොමැති නිසා සෑම වයසකම අයෙකුට එකසේ ආහාරය ගත හැකි දියවැඩියා හා ආමාශ වන සුව කිරීමේ හැකියාවක් ඇතැයි සැලකෙන තුඹ කරවිල භෝග වගාව ව්‍යාප්ත කිරීමේ බලාපොරොත්තුවෙන් බණ්ඩාරවෙල කහගොල්ල කෘෂි පර්යේෂන ආයතනය පටක රෝපණ තාක්ෂණය ඔස්සේ සාර්ථක අත්හදා බැලීමක නිරතව සිටී.