Category Archives: ලිපි

ස්වාභාවික කැල්සියම් ගබඩාව (දඹල කොළ)

home gardening - ගෙවතු ව්ගාව

අපිට ගොඩක් කොළ වර්ග නෑ කැල්සියම් බහුල ව අන්තර්ගත වෙන. දඹල කියන්නෙ තියන අතලොස්සක් අතරින් හොඳම සහ හදාගන්න ලේසිම පලා වර්ගයක්.. දඹල වැලක් අවුරුද්ද පුරාම ඔබට කොළ ලබා දෙයි.

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

දියතිප්පිලි , දිය බුලත්, වතුර ගස් කියන නම් වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ හැදින්වෙන මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේණික නොවන හදුන්වා දුන් ශාකයක්. මේ ශාකය වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ දකුණු ඇමරිකානු ඉතිහාසය තුල.

නිසි ප්‍රමිතියට කහ අස්වැන්න සකසා ගැනීම

අතිරේක ක්ෂේත‍්‍ර බෝග 16 ක් වෙනුවෙන් වගා ප‍්‍රවර්ධන වැඩසටහනක් 2020 යල කන්නයේ සිට දියත් කිරීමට රජය විසින් කටයුතු කරන ලදි. වියළිමිරිස්, ලොකුලූණු, රතුලූණු, සුදුලූණු, අර්තාපල්, බඩඉරිගු, සෝයාබෝංචි, කුරක්කන්, කොල්ලූ, මුංඇට, කවුපි, උඳු, තල, රටකජු, ඉඟුරු හා කහ යනු මෙම බෝග ලැයිස්තුවයි.

ඔබේ ශරීරයේ තරුණ බව රැකදෙන කළුකැම්මේරිය ශාකය

විදේශ රටකින් අපේ රටට අතීතයේදී හදුන්වා දුන් අද වෙනකොට දේශීයකරණයට ලක්වූ පැලෑටියක් තමයි කළු කම්මේරිය කියන්නෙ.. නම වගේම මෙහි අතු හා පත්‍ර වලත් කළු පැහැති බවක් දකින්න පුළුවන්..

බීජ ගබඩා කිරීම හරිහැටි නොකළොත් පැළවීමේ ශක්තිය හීන වෙනවා

බීජ මගින් ප‍්‍රචාරණය වන බෝග වගා කිරීමේදී මූලිකව අවශ්‍ය වන්නේ උසස් පැළවීමේ ශක්තියකින් යුත් දිරිමත් බීජ තෝරාගැනීමයි. එම බීජවල ගුණාත්මක බව මත වගාවේ සාර්ථකත්වය රඳ්‍ර පවතී.

දේශීය ගොවිතැන හා කෘෂි රසායන

හරිත විප්ලව කෘෂි කර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් කෘෂි රසායන භාවිතය ප‍්‍රචලිත කිරීමත් සමඟ ම එහි ප‍්‍රධානම ඉලක්කයක් වන අස්වනු වැඩි වීමක් සිදු වූ බව දක්නට ලැබිණ. විශේෂයෙන් වී ගොවිතැන සලකා බැලීමේ දී මෙය පැහැදිලි ය. එහෙත් ඒ සම`ග ම එයින් අපගේ ගොවීන් හට සහ පරිසරයට කරන ලද බලවත් හානිය එයට වඩා බලවත් ය.

“හයිබ්‍රිඩ්” බීජ යනු මොනවාද ?

හයිබ්‍රිඩ් බීජ ලෙස හදුන්වන්නේ ජානමය විවිධත්වයක් ඇති මව්පිය ශාක දෙමුහුම් කිරීමෙන් ලැබෙන පළමු පරම්පරාවේ බීජයන්ටය. මේවා විද්‍යාත්මක වශයෙන් F1 දෙමුහුම ලෙස හැදින්වේ. මෙම දෙමුහුම් කිරීම කිහිප ආකාරයකට සිදුකල හැක.

එළවලු අස්වැන්න නෙලාගැනීමට සුදුසු අවස්ථාව තෝරා ගැනීම

👉බෝංචි, මෑ, බුෂිටා • කරල උපරිම දිගට පත් වූ පසු සහ පහසුවෙන් කැඩෙන සුළු බව (නැවුම් ශබ්දයක්) ඇති විට නෙලීම. • කරල මහත් වන තුරු නොසිටින්න. • සිටුවා දින 45 සිට 70 අතර නෙලීම ඇරඹිය හැක.

පොල් මයිටා හානිය සහ එහි පාලනය

✍️✍️පොල් මයිටා හානිය 1997 වර්ෂයේදී පමණ පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයෙන් මුලින්ම වාර්තා වී ඇති මෙම පියවි ඇසට නොපෙනෙන කෘමි හානිය ලංකාවේ පොල් වගාවට දැවැන්ත හානියක් සිදු කර ඇති කෘමි හානියකි.

මුරුංගා

♻️Moringa oleifera Lam . ♻️Moringaceae කුලයට අයත්ය. 🍁හැදින්වීම 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 ✍️වැට මායිමේ රෝපණය කරගත හැකි මුරුංගා කරල් ව්‍යංජනයක් ලෙසිනුත් කොළ මැල්ලුමක් ලෙසිනුත් ආහාරයට ගත හැකියි. ඒ වගේම ඖෂධ ලෙසින්ද මුරුංඟා අපේ ජීවිතයට බෙහෙවින් සමීපයි.තවමත් වස විෂ නැති වගාබෝගයක් ලෙසින් මුරුංගා ඉතා වැදගත් තැනකට පත්ව ඇත.