Category Archives: කෘශි කර්මාන්තය

ස්වාභාවික කැල්සියම් ගබඩාව (දඹල කොළ)

home gardening - ගෙවතු ව්ගාව

අපිට ගොඩක් කොළ වර්ග නෑ කැල්සියම් බහුල ව අන්තර්ගත වෙන. දඹල කියන්නෙ තියන අතලොස්සක් අතරින් හොඳම සහ හදාගන්න ලේසිම පලා වර්ගයක්.. දඹල වැලක් අවුරුද්ද පුරාම ඔබට කොළ ලබා දෙයි.

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

දියතිප්පිලි , දිය බුලත්, වතුර ගස් කියන නම් වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ හැදින්වෙන මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේණික නොවන හදුන්වා දුන් ශාකයක්. මේ ශාකය වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ දකුණු ඇමරිකානු ඉතිහාසය තුල.

නිසි ප්‍රමිතියට කහ අස්වැන්න සකසා ගැනීම

අතිරේක ක්ෂේත‍්‍ර බෝග 16 ක් වෙනුවෙන් වගා ප‍්‍රවර්ධන වැඩසටහනක් 2020 යල කන්නයේ සිට දියත් කිරීමට රජය විසින් කටයුතු කරන ලදි. වියළිමිරිස්, ලොකුලූණු, රතුලූණු, සුදුලූණු, අර්තාපල්, බඩඉරිගු, සෝයාබෝංචි, කුරක්කන්, කොල්ලූ, මුංඇට, කවුපි, උඳු, තල, රටකජු, ඉඟුරු හා කහ යනු මෙම බෝග ලැයිස්තුවයි.

ඔබේ ශරීරයේ තරුණ බව රැකදෙන කළුකැම්මේරිය ශාකය

විදේශ රටකින් අපේ රටට අතීතයේදී හදුන්වා දුන් අද වෙනකොට දේශීයකරණයට ලක්වූ පැලෑටියක් තමයි කළු කම්මේරිය කියන්නෙ.. නම වගේම මෙහි අතු හා පත්‍ර වලත් කළු පැහැති බවක් දකින්න පුළුවන්..

බීජ ගබඩා කිරීම හරිහැටි නොකළොත් පැළවීමේ ශක්තිය හීන වෙනවා

බීජ මගින් ප‍්‍රචාරණය වන බෝග වගා කිරීමේදී මූලිකව අවශ්‍ය වන්නේ උසස් පැළවීමේ ශක්තියකින් යුත් දිරිමත් බීජ තෝරාගැනීමයි. එම බීජවල ගුණාත්මක බව මත වගාවේ සාර්ථකත්වය රඳ්‍ර පවතී.

ඔසු පැලයක් ගැන….

කිරි හැන්ද ශාකය - Celosia argentia

කිරි හැන්ද ශාකය – Celosia argentia 🍀ලා රෝස හෝ දම් පැහැති පුෂ්ප මංජරියකින් යුතු පදුරක් විදියට හැදෙන මේ පැලෑටිය කිරිහැන්ද කියලා හදුන්වනවා. 🍀 සාමාන්‍යයෙන් කරදරයකින් තොරව හරිම ලේසියෙන් වගා කරගන්න පුළුවන් විදියෙ පැලෑටියක් තමයි කිරිහැන්ද කියන්නෙ.

පොල් ඉඩම්වල කොකෝවා වගා කිරිම

කොකෝවා බහුවාර්ෂික බෝගයක් ලෙස පොල් ඉඩම්වල සාර්ථකව වගා කළ හැකි ය. කොකෝවා සඳහා අද වෙළෙඳපොළ හොඳ මිලක් පැවතීම නිසා පොල් වගාකරුවන් අතුරු බෝගයක් ලෙස කොකෝවා වගා කිරීමට උනන්දුවක් දක්වයි. පොල් පර්යේෂණ ආයතනය කර ඇති අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇත්තේ, පොල් ඉඩම්වල ක‍්‍රමාණුකූලව කොකෝවා වගා කිරීම නිසා පොල් පලදාව වැඩිවන බවයි.

ජල රෝපිත වගාවෙහි වාසි සහ අවාසි

ජල රෝපිත වගාවේ වාසි විශාල භූමියක් අවශ්‍ය නොවේ. මහල් නිවාස වල ඉහළ මාලයේ කූඩා ඉඩක මෙන්ම ආරක්ෂිත ග්‍රහ තුළද වගා කළ හැක. පස් භාවිතා නොකරන නසා වගාකරැවා පිරිසිදු වගා පරිසරයක නියලේ.

පසු අස්වනු තාක්ෂණය

පලතුරු නෙළීමේදී එක් එක් පලතුරු වර්ගය සඳහා වූ මේරීමේ ලාක්ෂණික ගුණාංග එකක් නොව කිහිපයක් ම සැලකිල්ලට බඳුන් කළ යුතුය. සිට්‍රස් කාණ්ඩයේ ජම්බෝල, නාරං, දොඩම් ආදි පලතුරුවල ලක්ෂණය වන්නේ තුනී ලෙල්ල, මෘදු ගෙඩි, ළා කොළ වර්ණය, ගෙඩි විශාල වීම ආදියයි.

ගෙවතු වගාව

නිවසට යාබද ව පවුලේ විවිධ වූ සමාජීය,භෞතික, නිෂ්පාදන හා ආර්ථීක කාර්යයන්ට උරදෙන දෛනික ජීවන වටපිටාව ලෙස ගෙවත්ත සමාජ විද්‍යාත්මක ව නිර්වචනය කළ හැකි ය. එසේ ම සොබා දහමේ මූලධර්මයන්ට අනුව පවුලේ සාමාජිකයන්ගේ ජීවන වටපිටාව ලෙස ද ගෙවත්ත හඳුන්වා දිය හැකි ය.