ඔබේ ශරීරයේ තරුණ බව රැකදෙන කළුකැම්මේරිය ශාකය

🍂 විදේශ රටකින් අපේ රටට අතීතයේදී හදුන්වා දුන් අද වෙනකොට දේශීයකරණයට ලක්වූ පැලෑටියක් තමයි කළු කම්මේරිය කියන්නෙ..
🍂 නම වගේම මෙහි අතු හා පත්ර වලත් කළු පැහැති බවක් දකින්න පුළුවන්..

🍂 හරිම අලංකාර ශාකයක් වෙන මේ ශාකය සුදු පැහැති පෙති පහකින් සහ කහ පාට රේණු වලින් පිරුණු පුංචි මල් වලින් සමන්විත වෙනවා.
🍂 මේ පැලෑටියේ හැදෙන්නෙ තද කළු පාට නැත්තම් තද දම් පාට කුඩා ගෙඩියක්.. පොකුරු විදියට තමයි හැදෙන්නෙ..
මේ ගෙඩි වගේම කොළ මැල්ලුමත් හරිම රසවත් ආහාරයක්.. කාලා තියන අය රස දන්නවා ඇති..😊
🍂 අද කියන්න යන්නේ මේ පැලෑටියේ තියන ගුණය ගැන.
අර්ශස් රෝගය නින්ද නොයාමේ රෝගය හෘද රෝග වාත රක්ත තත්ව සමේ රොග වගේ රෝග රැසකට මේ පැලෑටිය අපි වගේම අනික් රටවලත් යොදාගන්නවා කියලා ඔබ දන්නවාද.
🍂 විශේෂයෙන් අක්මා රෝගවලට ගොඩක් හිතකරයි .ඒ වගේම වකුගඩු ආශ්රිත ව තිබෙන විෂ ඉවත් කිරීමත් මුත්රා පිරිසිදු කිරීමේ හැකියාවකුත් තිබෙනවා.. යුරෝපයේ රටවල් ඒ නිසා මධ්යසාර වගේ දේවලින් රෝගී වු අක්මාවට ප්රතිකාර කරන්න මේ ශාකය යොදාගන්නවා..
🍂 ඒ වගේම ඉන්දියානු වෛද්ය ක්රමය තුල පොතු කබර ආදි චර්ම රෝග වලදී ප්රතිකාරයක් විදියට මේ ශාකය යොදාගන්නවා.
🍂 ක්ෂය රෝගය සදහා මේ පැලෑටියේ කෂාය යොදාගන්නවා..
🍂ඒ වගේම මී විෂ සදහා පත්‍රයක්ෂ ඔසුවක්..
☘️☘️☘️☘️☘️☘️
🍂 ඒ වගේම මේ පැලෑටිය ට තියනවා රසායන ගුණයක්..ඒ කියන්නෙ සරලවම කීවොත් අපේ ශරීරයේ පටක සෛල ආදිය රැකගනිමින් තරුණ බව රැකගනිමින් සිරුර සන්තර්පණය කිරීමේ හැකියාව තියනවා..
🍂 මෙවැනි ගුණ තියන ශාක බොහෝ ප්රමාණයක් නෑ..ඉතින් සමහර විට දහස් ගණන් වියදම් කරලා කරන රසායනික ප්රතිකාර අතරෙ ස්වභාවික දේ එකතු කරගන්න තියනවා නම් අපි ඇත්තටම වාසනාවන්තයි.
➡️ ඒ වගේම ආයුර්වේද වෛද්ය ක්රමය තුල සහ දේශීය වෛද්ය ක්රමය තුල නින්ද නොයාමේ රෝගයට ප්රතිකාර විදියට කළුකැම්මේරිය කොළ කෂාය නිර්දේශ කරනවා..
☘️ ඉස්සර කාලේ නින්ද නොයන රෝගය තිබෙන අයගේ හිසට යටින් මේ පැලෑටියේ මුලක් තියලා නින්ද ඇති කළා කියලත් සදහන් වෙනවා..
➡️ ඉදිමුම් සහිත අවස්ථාවකදී ඒ ඉදිමුම් බැසීම සදහා මේ පැලෑටිය තම්බා දෙනවා. නැත්තම් මැල්ලුම් විදියට හදලා දෙනවා..
➡️ කුෂ්ට ආදී චර්ම රෝග වලදී බාහිර ආලේපයක් විදියට වගේම අභ්යන්තර ප්රතිකාර විදියටත් යොදාගන්නවා..
➡️ අපේ ශරීරයේ වාත පිත සෙම් කියන දෝෂ තුනම ශමනය කිරිමේ හැකියාව තියන නිසා තවත් මේ ශාකයේ වටිනාකම වැඩිවෙනවා..
🍂 ඉතින් අතීතයේදී නම් මේ පැලෑටියේ ගෙඩි පලතුරක් වගේ කෑමට ගන්නවා.. ඇඹිල්ල , එරමිණියා ,දං වගේ කැලෑ පලතුරු අතරෙම තිබුන මේ පැලය දැන් අපෙන් ඈත් වෙලා යන්න පටන් අරන්.
🍂ගෙවත්තටත් අලංකාරයක් ගේන කුරුල්ලන්ගෙ ආසම පලතුරක් වුණ කළුකම්මේරිය පැලයක් ඔබේ ගෙවත්තටත් එකතු කරගන්න..
🍂 එක් අයෙක් හරි මේ ගැන දැනුවත් වෙලා තවත් ඖෂධ පැලයක් රැකගන්න යොමුවෙන එක තමයි මේ ලිපි පෙලේ අරමුණ..
➡️ ඉතින් මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඔබ මේ පැලෑටිය ගැන තවත් තොරතුරු තියනවා නම් අදහසක් එකතු කරන් යමු.. හැමෝම දැනුවත් වෙයි..
🌼 ඔබ සැම නීරෝගී වේවා…
🖋️සටහන- මලිති රසාංජනා ඉලංකෝන්
ආයුර්වේද වෛද්ය ශිෂ්යා( BAMS(ug))
ගම්පහ වික්රමාරච්චි ආයුර්වේද විද්යායතනය
කැලණිය විශ්වවිද්යාලය
කතෘගේ වෙනත් ලිපි –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *