ඉල්මැස්සා හානිය

ඉල්මැස්සා හානිය - Bactrocera cucurbitae

♻️Scientific name: Bactrocera cucurbitae
♻️Phylum: Arthropoda
♻️Higher classification: Bactrocera
♻️Rank: Species.
♻️Family: Tephritidae.

✍️ඉල් මැස්සාගේ සුහුඹුල් ගැහැණු සතුන් කරල සිදුරු කර එහි බිත්තර දමයි.

ඉන් පිටවන කීටයින් කරලේ මාංශලය ආහාරයට ගනිමින් වැඩේ. කරලේ වර්ධනය ඕනෑම අවස්ථාවකදී හානි සිදුකළ හැකිය. ඉල් මැස්සාගේ කීටයින් කරල තුළ සිදුකරන හානිය නිසා කරල් කුණු වී යයි. වැල් අවට පොළව රේක්කයකින් ඇවිස්සීමෙන් පිලා අවස්ථාව විනාශ කළ හැකිය. හානි වූ කරල් වගාවෙන් ඉවත් කර විනාශකර දමන්න. කුඩා අවධියේදීම කරල් තුනී පොලතීනයකින් හෝ කඩදාසි මඟින් ආවරණය කිරීමෙන් කරල් වලට හානි කිරීම පාලනය කර ගත හැක.

🛡️පාලනය🛡️🛡️🛡️

🔷කහපැහැති පොලිතීන් පටිවල ග්රීස් තවරා එල්ලා තැබීම

🔷පෙර කන්නයේ ඉතිරිව ඇති බෝග අවශේෂ විනාශ කිරීම.

🔷අතහැර දමන ලද වගා ක්ෂේත්රවල ඇති හානි වූ ඵල/ කරල් මඟින් ඉල් මැස්සන් විශාල වශයෙන් බෝවන නිසාත් සුහුඹුල් මැස්සන් හට ඉක්මනින් විශාල දුරක් පියාඹා යෑමට ඇති හැකියාව නිසාත් නව වගා ක්ෂේත්ර වෙතට පහසුවෙන් සංක්රමණය වේ.

🔷වගාව අවට ඇති වෙනත් ධාරක ශාක ඉවත් කිරීම (කෝවක්කා, ලබු, නියං වැටකොළු)
ක්යුලියෝ (Cue-lure)යෙදූ පෙරමෝන උගුල් යොදා කෘමි ගහණය පාලනය කිරීම.

🔷අක්කරයට උගුල් 04 ක් පමණ ස්ථානගත කළ යුතුය. පෙරමෝන් උගුලට පිරිමි මැස්සන් පමණක් ආකාර්ශනය වන බැවින් පිරිමි මැස්සන් ගහණය අඩුකර ගත හැක. පාලන ක්රමයක් ලෙස මෙය දිගුකාලීනව ප්රතිඵලදායකය.

🔷හානි වූ කරල් කළු පොලිතීන් බෑගයකට එකතු කර කට බැඳ අව්වේ තැබීම හෝ ගැඹුරින් වළ දැමීම.

🔷හැකි තරම් ඵල ආවරණය කිරීම. පොලිතීන් ආවරණය ඵලයට වඩා අඟල් 6 ක් පමණ දිග විය යුතුය. එහි යටි කෙළවර විවෘතව තැබිය යුතුය.

🔷ප්රෝටීන ඇම/ කෘමිනාශක මිශ්රනය ස්ථානීයව යොදා වැඩුණු මැස්සා විනාශ කිරීම. ප්රෝටීන් ඇම සඳහා පිරිමි හා ගැහැණු මැස්සන් දෙවර්ගයම ආකර්ශනය වන බැවින් මෙය ඉතා සාර්ථක පාලන ක්රමයකි.

♻️ප්රෝටීන් ඇම යොදන ආකාරය♻️♻️

🔸ප්රෝටීන් ඇම (Lak Gro Bait) මිලිලීටර් 400ක් සමඟ සපයා ඇති ස්පිනොසාඩ් (සක්සස් 2.5 SC) කෘමිනාශකය මිලිලීටර් 20ක් එක්කර මිශ්රනය සාදා ගන්න.

🔸වාණිජ වගාවක් සඳහා මෙම සම්පූර්ණ මිශ්රනයට ජලය එක් කර ඉසින මිශ්රනයේ ලීටර් 16ක් සාදා ගන්න.

🔸ගෙවතු සඳහා ප්රෝටීන් ඇම හා ස්පිනොසාඩ් (සක්සස් 2.5 SC)මිශ්රනයේ මිලිලීටර් 25කට ජලය ලීටර් 1ක් දක්වා මිශ්ර කර ඉසින මිශ්රනයේ ලීටර් 1ක් සාදා ගන්න.

🔸වගාවේ අඩි 10-15 පරතරයක් වන සේ වැල්වල පත්ර යටි පැත්ත හොඳින් තෙමීයන ලෙස ප්රෝටීන් ඇම මිශ්රනය ඉසින්න. ගෙඩිවලට ඉසීමෙන් වලකින්න.

🔸එක් ස්ථානයකට ඉසින මිශ්රනයෙන් මිලිලීටර් 200-400ක් පමණ වන සේ හෙක්ටයාරයකට ස්ථාන 200-400ක් පමණ යෙදීම ප්රමාණවත් වේ. (අක්කරයකට ස්ථාන 80-160)

🔸ෆෙරමෝන උගුලට හසුවන මැස්සන් ගණන හෝ හානිවූ කරල් ප්රමාණය අනුව එක් ස්ථානයකට ඉසින ප්රමාණය හා හෙක්ටයාරයකට ඉසින ස්ථාන ගණන ඉහත පරිදි අඩු වැඩි කළ හැකිය.

🔸මල් පිපීම ආරම්භයත් සමඟ ප්රෝටීන් ඇම යෙදීම ආරම්භ කර අස්වැන්න අවසන්වන තුරු දින 5-7කට වරක් නැවත නැවත ඉසින්න. වර්ෂාවට සේදී ගියහොත් නැවත ඉසින්න.
ප්රෝටීන් ඇම උදේ 7-9ත් අතර කාලය තුළ ඉසීම වඩාත් ප්රතිඵලදායකය.

🛡️🛡️කොහොඹ ඇට නිස්සාරනය🛡️🛡️

🔷කොහොඹ ඇට ග්රෑම් 25 කොටා ජලය ලීටර් එකකට දමා පැය 24 ක් තබා ජලය ලීටර් 4-5 ක් හා සබන් සමඟ මිශ්ර කර හවස් වරුවේ ඉසින්න.

🔷මෙය කොළ කන ගෙඩි විදින හා කඳ විඳි පනුවන්, පැල හා කොළ කන කීඩෑවන් , පත්ර කනින්නා , ඉල්මැස්සා , මයිටාවන් , සුදු මැස්සා , පාලනය සඳහායොදාගත හැක.

🔴පිලා අවධිය විනාශ කිරීමට පස අවුස්සන්න. හානිවු ගෙඩි වගාවෙන් ඉවත් කර විනාශකර දමන්න.

☢️රසායනික පාලනය☢️☢️

☢️ෆෙන්තියෝන් 50% කෘමිනාශකය මල් හටගන්නා අවස්ථාවේ සිට සති 2 වරක් වගාවට යොදන්න.

☢️ජලය සමග මිශ්රකරගත් කෘමිනාශක ම්ශ්රණයේ සෑම ලීටරයකටම සීනි ග්රෑම් 25 බැගින් කළවම්කර යෙදීම වඩා සුදුසුය.

ස්තූතිය සහ උපුටා ගැනීම – isuru weerasinghe  Facebook group

කරටි සහ ගෙඩි විදින පනුවා(බටු වගාව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *